ගැබිණි මව්වරුන් කිසිදා නොගත යුතු ආහාර කිහිපයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

ගැබිණි මව්වරුන් කිසිදා නොගත යුතු ආහාර කිහිපයක්

ගැබිණි මව්වරුන් කිසිදා නොගත යුතු ආහාර කිහිපයක්

පළමුවෙන්ම කියන්න ඕන මූලික වශයෙන්ම මෙම ගර්භනී මව් වරුන් නොගත යුතු ආහරයක් තමයි රසදිය අධික මාලු. රසදිය කියන්නෙ ඔබ අප සැම කවුරුත් දන්නවා මිනිස් සිරුරට බොහොම විෂ සහිත රසායනිකයක්. ඉතින් ඔබ කල්පනා කරනව ඇති මාලුන්ට කොහොමද රසදිය මිශ්‍ර වෙන්නෙ කියල නමුත් දූෂණය උනු ජලයේ මෙම රසදිය ඕනාවටත් වඩා තියෙන්න පුලුවන්. ඉතින් මෙම රසදිය ශරීර ගතවන එක නවත්තන්න තියෙන එකම ක්‍රමය එයින් ඈත්ව සිටීම පමණයි.

 

ඉතින් දැන් මම කියන්නම් මේ රසදිය අධික මාලු වර්ග වශයෙන් නම් කරල තියෙන මාලු වර්ග මොනවද කියල​. ඒවා නම් මෝර මාලු,තලපත් මාලු,බල මාලු,කුම්බලා මාලු සහ කෙලවල් මාලු දක්වන්නට පුලුවන්. ඒ මොකද කියනවනම් මෙවැනි විශාල මාලුන් ඉන්නෙ ගැඹුරු මූදෙ. ඉතින් මූදෙ රසදිය මිශ්‍ර දේවල් එකතුවෙන්නෙත් මේ ගැඹුරු මූදටමයි. ඉතින් ඒවා එහි ඉන්න මාලුන් ගේ මාර්ගයෙන් අපේ ශරීරයටත් ඇතුලු වෙන්න පුලුවන්. ඉතින් මේ රසදිය අධික ප්‍රමාණ වලින් ශරීර ගත උනොත් වෙන්නෙ ස්නායු පද්ධතියේ සහ වකුගඩු වල රෝග ඇති වෙන්න පුලුවන්. ඉතින් ගැබිනි මවක සතු කළලයකට මේ දේවල් බොහොම බරපතල ලෙඅස බලපානව​. ඉතින් මේකටවිසදුමක් විදියට වෙනත් මාලු වර්ග ආහාරයට ගන්න පුලුවන්.


මීළග කරුණ විදියට ගන්න පුලුවන් අඩුවෙන් පිසුනු හෝ අමු මාලු ආහාර ජාති. මේවයේ විවිධ විවිධ බැක්ටීරියා වර්ග ඇතුලත් වී තෙබෙන්නට පුලුවන්.ඉතින් මෙන්න මේ නිසා විශේෂයෙන් ගැබිනි මවකට උන​, හිසරදය​, ශරීර වේදනා, තෙහෙට්ටු බව වගේම විවිධ ආසාදන හා ලේ විශ වීම් ඇති වෙන්න පුලුවන්. මෙහි ඇති අනෙක් බරපතල බව නම් සමාන්‍ය කෙනෙක්ට වඩා ගර්බණී මවකට මෙවැනි ආසාත්මිකතා ඇතිවීමේ හැකියාව වැඩි වීමයි. ඒ නිසා කිසිම විටෙක්වත් ඔබ ගර්බණී මවක් නම් මේවා ආහාරයට නොගත යුතුයි.

 


මීලගට ඔබ කිසි සේත්ම නොගත යුතු ආහරයක් තමයි අඩුවෙන් පිසුණු කෝ අමුවෙන් කන මස් වර්ග​. ඒ වගේම සොසේජස් ඇතුලු අනෙකුත් සැකසූ මස් වර්ගත් මේ සදහා අයිති වෙනවා. මේවායින්ද ම ඉහත කී පරිද්දෙන්ම බැක්ටීරියා හා අනෙකුත් අහිතකර දේවල් මගින් සිදුවන ආසාත්මිකතාව ඉහල වේ. එමගින් ස්නායු දුර්වලතා, අපස්මාරය​, අන්ධ බව වගේම මල දරු උපත් පවා සිදු වෙන්න පුලුවන්. දැන් ඔබට තේරෙනව ඇති මෙය මොන තරම් භයානකද කියල​. බොහෝ බැක්ටීරියාවන් මස් වල මතුපිට සිටින අතර ඇතැම් ඒවා පේශී තන්තු අතර පවා සිටිය හැකියි. එම කරුණාකර මස් වර්ග ආහාරයට ගනන්නවා නම් ඇතුලත පවා හොදින් පිස ගන්නා ලද මස් වර්ග පමනක් ආහාරයට ගන්න​. මේවා පිස ගනිද්දි දුම් දමන මට්ටමටම රත් කර බැක්ටීරියා විනාශ වූ පසුව ආහාරයට ගන්න​. ඉතින් මෙන්න මේ උපදෙස් නිසි ආකාරව පිලි පදිනවා නම් ඔබගේත් ඔබගේ ලැබෙන්න ඉන්න කිරිකැටියාගේත් සෞඛ්‍ය නිසි ආකාරව පවත්වා ගන්න ඔබට පුලුවන්.

 

 

 

 

 

 

 

by Sahan sandeepa

Photo source : Internet

views

2831 Views

Comments

arrow-up