වතුර බීලා කෙට්ටු වෙන්නේ මෙහෙමයි
ජලය පානය කිරීමෙන් සති දෙකකින් බර අඩු කර ගන්නේ කෙසේද? ඔබට බඩගිනි දැනෙනවා නම්, එය පිපාසය නිසාත් විය හැකියි. එබැවින් එවැනි අවස්ථාවකදී ඔබ ජලය පානය කරන්න ආරම්භ කළ යුතුයි. මෙයින් ඔබගේ සිරුරේ බර සතියකට රාත්තල් 1 ත් 2 ත් අතර අඩු කරගැනීමට පුළුවන් කම තිබෙනවා. සාමාන්යයෙන් මේදය රාත්තල් එකක් කැලරි 3,500 කට සමාන වේ, එබැවින් සති දෙකකින් රාත්තල් 2 සිට 4 දක්වා පහත වැටීමට නම්, ඔබේ ආහාර වේලෙන් කැලරි 7,000 සිට 14,000 දක්වා අඩු කිරීමට අවශ්ය වෙනවා. එම අමතර කැලරි දහනය කිරීම සඳහා වැඩිපුර ජලය පානය කරමින්, වෙනදාට ඔබ ගන්නා අධික කැලරි සහිත පාන වර්ග නැවැත්විය යුතුයි. එවිට සති දෙක අවසන් වන විට, ඔබට ඔබේ බරෙන් රාත්තල් කිහිපයක් අඩුකර ගත හැකිය.
කෑමට පෙර ජලය පානය
2010 දී ඇමරිකානු රසායනික සංගමයේ 40 වන ජාතික රැස්වීමේදී ජල පරිභෝජනය සහ බර අඩු කර ගැනීම පිළිබඳ විවිධ වූ පර්යේෂණ ඉදිරිපත් කරන ලදී. පර්යේෂකයන් පිරිසක් ඔවුන්ගේ අධ්යයනය පිළිබඳව සාකච්ඡා කළ අතර එයට වැඩිහිටියන් කණ්ඩායම් දෙකක් ඇතුළත් විය. කණ්ඩායම් දෙකම අඩු කැලරි සහිත ආහාර වේලක් අනුගමනය කළ නමුත් එක් කණ්ඩායමක් ආහාර වේලකට පෙර වතුර වීදුරු දෙකක් පානය කළහ. සති 12 ක අධ්යයන කාලපරිච්ඡේදය අවසානයේදී, පර්යේෂකයන් නිරීක්ෂණය කළේ සෑම ආහාර වේලකටම පෙර ජලය පානය කළ අධ්යයනට සහභාගිවන්නන් අනෙක් කණ්ඩායමේ සාමාජිකයින්ට වඩා සාමාන්යයෙන් තවත් රාත්තල් 15.5 ක් අඩු කරගෙන ඇති බවයි. ඔවුන් කියා සිටියේ පානීය ජලය ඔබේ බඩ පුරවන බවත්, ඔබට අඩුවෙන් ආහාර ගැනීමට අවශ්ය වීම නිසාවෙන් කැලරි ප්රමාණය අඩු වන බවත්ය. ඔබ සති දෙකක් එම උපක්රමය අනුගමනය කළහොත් ඔබට සතියකට රාත්තල් 1 කට වඩා අඩු කර ගැනීමෙහි හැකියාව ලැබෙනවා.
අනෙක් සියලුම බීම වර්ග වලින් වැළකීම
සාමාන්යයෙන් කොකා කෝලා අවුන්ස 12 ක කැලරි 130 කට වඩා ඇත. ඒ වගේම අනෙකුත් සියලුම වර්ගවල බීම වර්ග වලත් ඇති වැඩි කැලරි ප්රමාණය අඩු කරගනිමින්, ඒ වෙනුවට ජලය පානය කිරීම පුරුද්දක් කර ගන්න. සති දෙකක් ජලය පමණක්ම පානය කරන්නේ නම් අනවශ්ය කැලරි 3,640 ක් හෝ ඊට වැඩි ප්රමාණයක් අඩු කරගැනීමට පුළුවන.
වැඩිපුර වතුරත් එපා
වෛද්ය පර්යේෂණයන්ට අනුව, නිර්දේශිත ජලය ප්රමාණය දිනකට පිරිමින් සඳහා කෝප්ප 13 ක් සහ කාන්තාවන් සඳහා කෝප්ප 9 ක් පමණ වේ. මෙම ප්රමාණය එකතු කළ යුතු වන්නේ, ඔබ පානය කරන ජලය, වෙනත් බීම වලින් අප ශරීරයට ගන්නා ජලය සහ ආහාර වලින් ශරීරයට උරා ගන්නා තෙතමනයද ඇතුළත්ව ය. ඔබට නිසැකවම මෙම ප්රමාණයට වඩා වැඩි ප්රමාණයක් පානය කළ හැකියි එහෙත් ඊට වඩා ජලය පානයත් එතරම්ම හොඳ දෙයක් නොවේ. මෙය හයිපෝනාට්රේමියා නම් තත්වයට හේතු විය හැකි අතර එමඟින් ඔබේ රුධිරය දියාරු වී ඔබේ විද්යුත් විච්ඡේදක මට්ටම අවම කරයි. එහි දරුණුතම අවස්ථාව ලෙස, හයිපෝනාට්රේමියාව ඔබේ හදවතට සහ මාංශ පේශි ක්රියාකාරිත්වයට බලපායි. එයින් පුද්ගලයකු කෝමා තත්ත්වයට වුවද පත් කළ හැකියි. එ නිසා අවශ්ය පමණට ජලය පානය කිරීමත් වැදගත්.
by Kaushalya De Silva
Photo source : Internet
2928 Views
Comments