හිතට වද දෙන අළුහම්

අලුහම් ,ඇත්තෙන්ම එය රෝගයක් බව නොදන්නා බොහෝ අය සිටී .එසේ ම ඒ කෙසේ ඇති වන්නක් ද කියා ඔබ නොදන්නවා වන්නට පුළුවනි .මේ කවුරුත් නොදන්නා බහුලව තිබෙන රෝගයක් .
අලුහම් යැයි කීවත් ඒවා කළු පැල්ලම් සහ සුදු පැහැති පැල්ලම් වශයෙන් දකින්නට පුළුවන්.මෙය දිලීර ආසාදනයක් .එය සම මතුපිට සාමාන්‍යයෙන් තිබෙන, ඇතිවන දිලීරයක් අධික ලෙස වර්ධනය වීමකින් අළුහම් ඇති වේ. මෙම දිලීරය අප කා අතරත් තිබෙන දෙයක් වුණත් සමහරුන්ගේ අසාමාන්‍ය ලෙස වර්ධනය වී සුදු සහ කළු පැහැති ලෙස අලුහම් වී මතු පෙනෙයි
අලුහම් සුලබව ඇති වන්නේ දහදිය අධිකව දමන පුද්ගලයන්ටයි.දහදිය දමන්නට පටන් ගත් විට මෙම තැන්වල කැසීම් ඇතිවෙනවා .සුළු වශයෙන් ඒ ඒ තැන්වල ඇති වන අළුහම් පොතු වශයෙන් ගැලවී යන්නටද පුළුවනි එසේම මෙම අලුහම් හොඳින් මතු වී පෙනෙන්නේ දහදිය දැමූ විට වීම විශේෂත්වයක් .
අළුහම් , හිස, මුහුණ සහ පපුව ආශ්‍රිතව වැඩිපුර දකින්නට පුළුවන්. ඊට හේතුව නම් ස්නේහස්‍රාවී ග්‍රන්ථ බහුලව පිහිටන්නේ එම ප්‍රදේශ වන නිසයි .
මේ නිසා ශරීරයේ වර්ණය වෙනස් ලෙස මතු වී පෙනෙන්නට ගන්නවා.සමහර අවස්ථාවල සුදු හා කළු පැහැති ලප අප වටහා ගන්නේ අළුහම් ලෙස වුණත් එසේ නොවන වෙනත් රෝගී තත්වයනුත් තිබෙනවා.විශේෂයෙන් පිටේ පැතිරී තිබෙන සුදු පැහැති ලප අලුහම් නොවන්නත් පුළුවන් ඒ නිසා නිසි පරික්ෂාවට ලක් කොට වෛද්‍ය උපදෙස් පැතීම සිදු කළ යුතු වෙනවා.
විශේෂයෙන් අළුහම් නම් ලප විදිහටයි පැතිරෙන්නේ .එහෙත් අළුහම් විදියට පෙන්නන තනි ලපයක් ලාදුරු වැනි රෝගයක මූලික අවස්ථාව වෙන්නත් පුළුවන් සමහරු මෙවැනි අවස්ථා වරදවා තේරුම් ගෙන සුදු කබර ලෙස සිතා ප්‍රතිකාර ගැනීම සිදු කරනවා .තුවායෙන් සනීපාරක්ශක තුවා වැනි පෞද්ගලික දෑ හවුලේ භාවිතා කිරීමෙන් මෙම අළුහම් ඇති වීමේ අවදානමක් ඇති කරන්නක්.
අලුහම් සඳහා අද වන විට අති නවීන ප්‍රතිකාර රැසක්ම තිබෙනවා .විශේෂයෙන්ම අළුහම් සඳහාම විශේෂ දිලීර නාශක ෂැම්පු විනාඩි දහයක් ගල්වා සෝදා හැරීම වැනි පහසු ප්‍රතිකාර තිබෙන අතරම මෙය අධිකව ඇති අයට දිලීර නාශක පෙති ගැනීමෙන් ප්‍රතිකාරයත් තියෙනවා .ප්‍රතිකාරය ඉතා හොඳින් කළත් යථා තත්ත්වයට පත්වෙන්න මාස හයක් පමණ ගත වන්නට පුළුවන්.එසේම ප්‍රතිකාරවලින් සුව වුණත් නැවත ඇති වන්නට ද පුළුවන් .එම නිසා මේ පිළිබඳව සැලකිලිමත් වී මෙම රෝගී තත්ත්වය කල් ඇතිව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවන්න.
by Dilki Shamani
Photo Source: Internet
1397 Views
Comments