කන් කලාදුරු ඉවත් කරන ස්වභාවික ක්‍රම
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
11

කන් කලාදුරු ඉවත් කරන ස්වභාවික ක්‍රම

කන් කලාදුරු ඉවත් කරන ස්වභාවික ක්‍රම

කන යනු අප ශරීරයේ අවයව අතර පවතින සංවේදීම අවයවයක් වෙන්වා.කන පිලිබඳ කතා කිරීමේදී කන් කලාදුරු යන්නත් ඒ හා සමගාමිව ඔලුවට නැගෙන දෙයක්.කන් කලාදුරු මගින් තමයි කන විවිධ උවදුරු වලින් ආරක්ෂා කරනු ලබන්නේ .කන් කලාදුරු මගින් කන තුලට ගමන් කරන දූවිලි අවහිර කරනවා .එසේම කෘමි සතුන් ,බැක්ටීරියා හා දිලීර වැනි දේවල් විනාශ කර ඒවා මගින් කන්බෙරයට බලපෑම් ඇතිවීම වලක්වීම සිදු කරන්නේ කන් කලාදුරු මගිනි.විශේෂයෙන් කන් බෙරයේ හා අභ්‍යන්තර කන ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා සැලකිය යුතු කලාදුරු ප්‍රමාණයක් කන් කුහරය තුළ පිරී තිබිය යුතුයි .මිනිස් ශරීරය විසින් ස්වභාවිකවම කන තුළ පැවතිය යුතු කලාඳුරු ප්‍රමාණය පවත්වා ගන්නවා .නමුත් සමහර අවස්ථා වලදී විවිධ හේතූන් මත අපේ කන තුල අසාමාන්‍ය ලෙස කලාඳුරු වර්ධනය වීමක් සිදු වෙන්නට පුළුවන් එවැනි අවස්ථාවලදී පමණක් එම අධික කලාදුරු ප්‍රමාණය කනින් ඉවත් කර ගැනීම සිදු කළ යුතුයි .මෙවැනි අවස්ථාවල දී බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ කොට්න් බඩ්ස්,බොබි පින් වැනි දේවල් භාවිතයෙන් කලාඳුරු ඉවත් කිරීමට උත්සාහ කරන එක .නමුත් මෙම ක්‍රම අනුගමනය කිරීම ඉතාමත් භයානකයි . ඒ කන අභ්‍යන්තරයේ පවතින සියුම් පටලයක් වන කන් බෙරයට මෙවැනි ක්‍රියා අනුගමනය කිරීමෙන් හානි වීමට ඉඩ ඇති බැවිනි .

මේ නිසා අද කතා කරන්නේ ස්වාභාවික ක්‍රම කිහිපයක් අනුගමනය කිරීමෙන් කන් කලාදුරු ඉවත් කර ගන්නේ කෙසේද යන්නයි.

1)හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යනු රසායනික නාමයක් වන අතර එය ස්වභාවික දෙයක් .සෑම ජීවියකුගේ ශරීර අභ්‍යන්තරය තුළ ආසාදන වලට එරෙහිව සටන් කිරීම සඳහා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ස්වාභාවිකවම නිෂ්පාදනය වෙනවා .අපි කතා කරනු ලබන කන් කලාදුරු ඉවත් කිරීම සඳහා ප්‍රතිශතය 3%ක් වූ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගෙන එය ජලය හා සමග සමාන ප්‍රමාණ වලින් එකතු කර මිශ්‍රණයක් සකස් කර ගෙන එම මිශ්‍රණය පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ආසාදනය වූ කනට වක් කර සුළු කාලය ගත වූ පසු කනෙහි වූ කලාඳුරු ගුලිය ඉවත් වේ.මේ ක්‍රමය එක් වතාවකට වඩා සිදු කිරීම නුසුදුසු බව ද ඔබ මතක තබා ගන්න .

 

 

 


2)පොල් තෙල්
පොල්තෙල් තුළ මිනිස් සිරුරේ ස්නේහක ශ්‍රාවයන් වලට සමානතාවයක් දක්වන මධ්‍යම දාම මේද අම්ල අඩංගු වෙනවා.එසේම පොල් තෙල් සතු ක්ෂුද්‍ර ජීවී නාශක හැකියාව නිසා කන් කලාඳුරු අධික ලෙස කන තුළ ගොඩ ගැසීමට හේතු වන බැක්ටීරියා හා දිලීර ආසාදන විනාශ වීම සිදු වෙනවා .මේ නිසා කන් කලාදුරු ඉවත් කිරීම සඳහා මද උණුසුම් පොල්තෙල් මේස හැන්දක් පමණ ඩ්‍රෝපර් (dropper )එකක් ආධාරයෙන් ආසාදිත කනට දමා
විනාඩි දහයක් පමණ පොල්තෙල් කන තුල තිබීමට හැර මෙලෙක් භාවයට පත් වූ පසු කලාඳුරු ඉවත් කර ගන්න .මෙය ඉතාමත් ස්වභාවික ක්‍රමයක් බැවින් අවශ්‍ය වාර ගණනක් සිදු කර ගත හැකි.

3)ලුණු වතුර
ලුණු යනු විසබීජ නාශකයක් බැවින් කන තුළ පවතින බැක්ටීරියා දිලීර විනාශ වී යාම සිදු වෙනවා .මේ නිසා කන් කලාදුරු ඉවත් කිරීමට ලුණු වතුර ද යොදා ගන්නවා .මෙහිදී ලුණු මේස හැඳි 1 ක ප්‍රමාණයක් මද උණුසුම් ජලය කෝප්ප බාගයක් සමඟ හොඳින් මිශ්‍ර කර කපු පුළුන් කැබැල්ලක් භාවිතයෙන් ආසාදිත කන වෙත මෙම මිශ්‍රණය එකතු කරන්න .මෙහිදී ද සිදු වන්නේ ඝන බවට පත් වී ආසාදන මට්ටමේ පසුවන කලාඳුරු ගුලිය මෙලෙක් වී කනින් ඉවත් වීමයි

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

3117 Views

Comments

arrow-up