වහලය හැඩ කරන සිවිලිං

නිවෙස් ආරක්ෂා කිරීමට හා හැඩ කිරීමට පසු කාලයේදී සිවිලිං ඊට එක් වුනා. සර්පයන් වැනි සතුන් නිවස ඇතුළට රිංගා ගැනීම වැළැක්වීමට සිවිලිං වහලයට එක් කිරීමට හේතු වුණා. එමෙන්ම වහලේ උළුකැට කීපයක් ඉවත් කර සොරෙකුට නිවසකට ඇතුළු වීමට ඇති හැකියාවද මින් වැළකෙනවා. සිවිලිම අද නිවසකට අලංකාර අංගයක්. එලෙස නිවස අලංකාරය සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගන්නවා. ඒ අතර සිවිලිම කියන්නෙත් එක් අංගයක්.
මේ සඳහා විවිධ අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කළ සිවිලිං යොදාගන්නවා. එමෙන්ම විවිධ ප්‍රමාණ වලින් ද කාලෙන් කාලයට සිවිලිම භාවිතා කරන අමුද්‍රව්‍ය වෙනස් වෙනවා. අවශ්‍ය මෝස්තරය අනුව ඉතා පහසුවෙන් සිවිලිමක් නිර්මාණය කර ගැනීමට නිවැසියන්ට හැකියාව තියෙනවා. සිවිලිම ලී පටියෙන් ඇලුමිනියම් යනාදීන් සකස් කරගත හැකියි. එමෙන්ම Texture coat ආකාරයේ නිමාවක් ද ලබාදිය හැකි වෙනවා. එනම් roller brush එකක් ආධාරයෙන් රැලි රැලි ආකාරයට විවිධ නිමාවක් සිවිලිමට ලබාගත හැකි වෙනවා. ලී සිවිලිමක් නිම කරන විට m d f බෝඩ් ප්ලයිවුඩ් බෝඩ් භාවිතා කිරීමෙන් අවශ්‍ය පරිදි සිවිලිම නිර්මාණය කරගත හැකි වෙනවා. ලුණුමිදෙල්ල දැවයෙන් නිර්මාණය කිරීමට හැකි මෙය තේක්ක බුරුත ආදී යොදාගෙන කැමැති වර්ණයකින් මේ ක්‍රමයට ලී සිවිලිම් නිර්මාණය කරගත හැකි වෙනවා.
ඇලුමිනියම් සිවිලිම නිමා කිරීමේදී පැනල් භාවිතා කළ හැකියි. එහෙත් මේ සිවිලිම වඩාත් සුදුසු වන්නේ කර්මාන්තශාලා සහ කාර්යාල ආයතන හා වෙළඳ ආයතන වලට. මේ සිවිලිම මිලෙන් තරමක් වැඩි. ඒ නිසා නිවාස වලට සුදුසු වෙන්නේ නැහැ. කාලයත් සමඟ හැමදෙයකම රටාවක් එක්වෙනවා. අද රටාව වී ඇත්තේ eco frienly නැත්නම් go green. මෙයට හේතුව අද ස්වභාවික දේවල් වලට මුළු සමාජයම නැඹුරුවක් තිබීමත් නිවසක් නිර්මාණය කරද්දී ස්වාභාවිකත්වය ඉස්මතු වන ආකාරයට නිවැරදි ලෙස නිර්මාණට පෙළැඹී තියෙනවා. සිවිලිමට ගැලපෙන ලෙස තිරය රෙදි කුෂන් කවර තෝරාගැනීමද කලාවක් වී තිබෙනවා.
කෙසේ වෙතත් ඔබගේ නිවස මෝස්තරයට ගැලපෙන ලෙස සිවිලිම සකස් කර ගැනීමට හැකියාව තියෙනවා. මෙයට උදාහරණයක් දැක්වූවොත් පරාල පෙනෙන්නට හෝ පරාල වලට උඩින් සිවිලිම සවිකරනු ලබනවා. එවිට සිවිලිමට උඩින් වහලය තිබෙනවා. මෙහිදී සිවිලිම යොදාගත් පරාල දැව වල වර්ණයෙනුත් තිබීම දැකිය හැකියි.
කවර සිවිලිමක් යොදා ගත්තත් ඒවා හොඳින් නඩත්තු කළ යුතු වෙනවා. සිවිලිම දිගු කාලයක් අලංකාරව පවත්වාගත හැක්කේ අඩු තරමින් මාසයකට වරක්වත් මකුළුදැල් කඩා පිරිසිදු කිරීමෙන්. එය වසරකට වරක් හෝ දෙවරක් සිදු කළයුතු කටයුත්තක් නොවෙයි. එහෙම වුනොත් සිවිලිම දූවිලි තට්ටු බැඳී ඉක්මණින් අපිරිසිදු වෙනවා. මෙසේ සිවිලිම අපිරිසිදු වුණොත් එය අලුත් කර ගැනීම පහසුවෙන් කළ නොහැකි නිසා දිගු කාලයක් අලංකාර සිවිලිම පවත්වා ගැනීමට මකුළුදැල් තට්ටු ඇති වීමට ප්‍රථමයෙන් සිවිලිම පිරිසිදු කිරීමට මතක තබාගන්න.
by Dilki Shamani
Photo Source: Photo Source
1131 Views
Comments