ඔබගේ දරු සිහිනය සැබෑවක් කරගන්නට නම්

දරුවකු පතන කාන්තාවක් දරුපල අහිමි වන විට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා පරීක්ෂණවලින් නිශ්චිතවම හේතු සොයා ගත් පසු හෝ අනුමාන කළ පසු ඊළඟට අඹු සැමි දෙදෙනාට ප්‍රතිකාර ක්‍රම තීරණය කරනු ලැබේ. එහෙත් දරුපල අහිමි අය නිසි ප්‍රතිකාර වෙත යොමු වීම පසෙක තබා යාගහෝම වැනි භෞතික දේ සඳහා යන අවස්ථාද තිබේ. ඒ ගැන අවධානය යොමු කිරීමෙන් වන්නේ ශාරීරික අඩුපාඩු තවත් වැඩිවීමය.
නිසි ප්‍රතිකාර පමා වීමෙන් කාන්තාව තව තවත් වයසට යාම ද වැළැක්විය නොහැකි කාරණාවකි. මදසරු භාවයෙන් පෙළෙන කාන්තාවක් නිසි ක්‍රමවේද අනුව ප්‍රතිකාර පටන් ගැනීමට යාමේදී ප්‍රතිකාර කර්මවලට පෙර වෛද්‍යවරයා විසින් යම් යම් කරුණු කිහිපයක් සලකා බලනු ලබයි. ස්ථුලභාවයෙන් පෙළෙන කාන්තාවක් නම් මහත අඩු කරගැනීම පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතු ය. මෙහිදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාම තමන්ට ගැලපෙන සේ මහත අඩුකර ගත යුතුය. මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් ඒ සඳහා කාන්තාවට උපදේශනය ලබාදිය යුතුයි. දරුවන් නැති වූ විට බොහෝ කාන්තාවන් ඒ සම්බන්ධව මානසික ආතතියෙන් පෙළෙයි. මානසිකව බිඳ වැටීමත් මේ සඳහා බලපායි. තවද රුබෙල්ලා එන්නත මීට පෙර ලබාගෙන නැතිනම් ප්‍රතිකාර ගැනීමට පෙර රුබෙල්ලා එන්නත ලබා ගත යුතුය. මාසිකව ඩිම්බ නිකුත් නොකරන අවස්ථා තිබෙන්නට ද පුළුවන. එවැනි කාන්තාවකට ඩිම්බකෝෂ උත්තේජනය කිරීම සඳහා ප්‍රතිකාර ලබා දෙයි. මේ සඳහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම කීපයක් පවතී. එනම් බොන බෙහෙත් දීම සහ හෝමෝන එන්නත් කිරීම යනාදිය යි. මෙම ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් නොමැතිව කළ නොහැකිය. ප්‍රතිකාර කළ යුත්තේ වෛද්‍ය නිරීක්ෂනය යටතේය. ඊට හේතුව ඇතැම් වෙලාවට ඩිම්බ කෝෂ සඳහා ප්‍රතිකාර කරන විට එම ඖෂධවලට අධික ලෙස අනවශ්‍ය Histescopy පරීක්ෂණය මඟින් ඉවත් කළ යුතු වීමයි. මේ හැර polyps නම් ගර්භාෂ කුහරය ඇතුලට නෙරා ඇති මස් දලු වැනි දේ සෑදේ. එය හඳුනා ගතහොත් ඒවා ඉවත් කළ යුතුය. තවද කාන්තාවන් අතර ෆයිබ්‍රොයිඩ් බහුලව දක්නට ලැබේ. සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙන් සියයට විස්සකට පමණ මෙම ගෙඩි විශේෂය දක්නට ලැබෙයි. මෙම ගෙඩි තිබීම මදසරුබාවයට හේතු නොවේ. එමනිසා ෆයිබ්‍රොයිඩ් ඇති සෑම කාන්තාවකගේම එම ගෙඩි ඉවත් කළ යුතු නැත. ඉවත් කළ යුත්තේ ගර්භාෂය ඇතුළට නෙරා ඇති ෆයිබ්‍රොයිඩ් ගෙඩි පමණි. මදසරු භාවයෙන් පෙළෙන කාන්තාවකගේ සැමියාට ශුක්‍රාණු පරීක්ෂණ ගැටලු තිබේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය. එසේ ම වෛද්‍ය උපදෙස් ගන්නා අතර නැවත ඒ සම්බන්ධව පරීක්ෂාකර බැලිය යුතුයි. ශුක්‍රාණු පරීක්ෂණයේ දී ඒවා සරු බව හෙළි වුණොත් බරපතළ ගැටලු නැතිනම් IUI ප්‍රතිකාර ක්‍රමයට දරුවකු ගැන සිතිය හැකිය.
මෙවැනි කරුණු පිළිබඳව සැලකිලිමත් වීම මගින් ඔබටත් දරු සිහිනය ඉක්මනින්ම සැබෑවක් කරගැනීමට හැකිවනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
542 Views
Comments