උගුරේ ඇනෙන කටු පසුවට පිළිකා වේවිද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
16

උගුරේ ඇනෙන කටු පසුවට පිළිකා වේවිද

උගුරේ ඇනෙන කටු පසුවට පිළිකා වේවිද

උගුරේ යමක් හිර වුණොත් හෝ ඇනුනොත් එය තරමක් බව භයානක සිදුවීමක් විය හැකියි. කෙනකුගේ උගුරේ යමක් ඇනී හෝ හිරවී ඇත්නම් එය ගැලවීමට හෝ අරන් දැමීමට උත්සාහ නොකල යුතුයි. එසේම වමනය කරවීමත් නොකළ යුතුයි. එවැනි අවස්ථාවක හැකි ඉක්මනින් උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු වෙත රැගෙන යාම සිදු කළ යුතුයි. උගුරේ කටුවක් සිරවිය හැකි ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ

 

*සෙම්ගෙඩි උගුරට නෙරා සිටින සේ පිහිටා ඇති නිසා එහි යමක් ඇනීමේ ප්‍රවණතාව වැඩියි.
*දිවේ පිටුපස කෙළවර ඇනුනා විය හැකියි.
*ග්‍රසනිකාවේ හෝ ගලනාලයේ ඉහළ කොටසේ ඇනී තිබිය හැකියි.

සමහරවිට කටුව ඇත්තටම සිරවී නැතත් ඇනුණු තුවාල නිසා දැනෙන වේදනාවට බොහෝ දෙනා බිය වෙනවා. එවැනි අවස්ථාවකදී වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කර කටුව පෙනෙන්නට තිබේ නම් විශේෂිත අඩුවකින් ඉවත් කරනවා. නොපෙනෙන තැනක තිබේ නම් වෛද්‍යවරයා x-ray පරීක්ෂාවකින් එය තිබෙන තැන බලා ගන්නවා. x-ray කිරණ වාර්තාවේ කටුවක් හෝ යමක් සිරවී ඇති බව පෙනෙනවා නම් රෝගියා අපහසුවෙන් සිටී නම් රෝගියා නිර්වින්දනය කර උගුර පරීක්ෂා කරනවා.

 


මේ නිර්වින්දනය කිරීමේදී රෝගියාගේ ආමාශය හිස්ව තිබිය යුතුයි. යම් කටුවක් සිර වී තිබෙන විට එය නොසලකා ආහාර ගන්න අවස්ථා තිබෙනවා. එය බොහෝ විට දඟකාර වයසේ සිටින දරුවන් ගෙන් දක්නට ලැබෙනවා. එහෙත් මෙසේ තිබිම භයානකයි. මෙසේ තිබීමෙන් සැරව ගෙඩියක් ඇතිවිය හැකියි. එවිට අධික වේදනාව ගෙන දෙනවා. මේ නිසා රෝගීන්ට ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුතු වෙනවා. එසේම ඉක්මනින් එය ඉවත් කළ යුතුයි. එසේ නොවුණහොත් ආසාදන පැතිරී ජීවිත තර්ජන පවා ඇති විය හැකියි.

නමුත් සිර වන සෑම කටුවක් නිසාම බිය වියයුතු නැහැ. කටුවක් ඇනීමෙන් පසු කිසිම අපහසුතාවයක් නැත්නම් වෙනදාමෙන් ආහාර ගත මෙන් ආහාර ගත හැකි නම් රෝහලට යාමට අවශ්‍ය වෙන්නේ නැහැ. කටුවක් ඇනී එය ඉවත් නොවී පසුකලෙකදී පිළිකා ඇති වේ යැයි බිය විය යුතු නැහැ. බොහෝ රෝගීන් කලකට පෙර කටුවක් ඇනී තිබුණා යැයි පවසන අවස්ථා වෛද්‍යවරුන්ට අසන්න ලැබෙනවා. එහෙත් කුඩා වියේ ඇනුණු කටුවකින් පසුවට අහිතකර බලපෑම ඇති වෙන්නේ නැති බව ඔවුන් පවසනවා. උගුරේ යමක් ගැනීම කාලයක් රැඳී පවතින්නේ නෑ. එසේ ඇනී තිබේ නම් විගසින්ම එය ඉවත් කළ යුතුයි. එසේ නොකළහොත් සැරව ගෙඩි සෑදෙන අතර ඒවා පිරෙනවිට කටුව ඉවත් වෙනවා. නමුත් ඇතැම්විට යමක් හිර වුණොත් එය කාලයක් තිබිය හැකියි. එයින් පසුව අතුරු ආබාධ හට ගන්නවා. එම ලක්ෂණ මගින් තත්ත්වය සොයා ගන්න පුළුවන්. එසේ දැනගත් විට එය ඉවත් කළ යුතු වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

2533 Views

Comments

arrow-up