පෙර භවය හා බැඳුන මේ භවය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

පෙර භවය හා බැඳුන මේ භවය

පෙර භවය හා බැඳුන මේ භවය

පුනර්භවය නිසා සිදුවන දීර්ඝ සසර පැවැත්ම අනන්ත ක්‍රියාවලියකි. ආධ්‍යාත්මික වශයෙන් ජීවිතයේ ධනාත්මක හෝ ඍනාත්මක දිශාවට ගමන් කරන සත්වයාට සසර ගමනේ ප්‍රබල බලපෑම් ඇති කරන්නේ මිනිස් ලොවදීය. පෘථිවි උත්පත්තියේදී මොහු ක්‍රියා කරන්නේ තමා රැගෙන එන ජීවිතය අරමුණ මතයි. පෙර භවයේදී පුද්ගලයා ලබා ඇති ආධ්‍යාත්මික සංවර්ධනයත්, ඉදිරියට ලබා ගන්නා ප්‍රවීණතාවත් ඉතා යහපත් නම් විවිධ මානසික හැකියා වර්ධනය කර ගනියි. දියුණු කළ මනසේ ප්‍රතිරාවය ඉදිරි භවය තුළින් දැකිය හැකි බව මෙයින් සනාථ වෙයි. ජීවිතයේ මුල් දසකයේදීම පූර්ව මතකය ඉවත්ව යන නමුදු කලාතුරකින් ඇතැමුන් තරුණ විය කරාද සිය ජීවිතය කාලය පුරාමද එම මතකය දරා සිටිති. සාමාත්‍ය මිනිසාට එය එසේ නොවීම ද අතිශය වාසනාවකි.

සෑම පුද්ගලයෙකුගේම කැමැත්ත, පෞරුෂ ලක්ෂණ, දක්ෂතා, සෞඛ්‍ය, සමාජ මට්ටම යන සියලු දෙය පෙර භව අත්දැකීම්වලට අනුරූප වෙයි. ඕනෑම අයෙකුට තම ආත්මීය සංකල්පනාවන් ඔස්සේ යමින් පෙර භවයේ ස්වභාවය පිළිබඳ යන්තමින් හෝ නිමිත්තක් වඩවා ගැනීමට අවස්ථාව ඇත. එය තම බුද්ධි පරිමාණයේ හා විචාරාත්මක ප්‍රවීණත්වයේ ප්‍රමාණය අනුවය. මිනිසා පසිඳුරන් තුළින් ලෝකය සමඟ කටයුතු කරයි. පසිඳුරන්ට හෝ විද්‍යාත්මක උපකරණවලට හසු නොවන බොහෝ දේ විශ්වය තුළ සිදුවෙමින් පවතින බව කැලිපෝර්නියා සරසවියේ ප්‍රෙඩී ඇලන් නම් භෞතික විද්‍යාඥයා පවසයි.

 

 

 


කිසිම ආකාරයකින් පූර්ණ විග්‍රහයකට බඳුන් කර නොගත හැකි විඥාන ධාරාව විශ්වයේ ඇති අතිප්‍රබල ශක්තියයි. එහි කම්පන රටාව අනුව තමාටම ආවේණික ආත්මීය අත්දැකීම් හසුකර ගන්නට අදාළ පුද්ගලයාට හැකි වෙයි. එය ඔහු හෝ ඇයගෙන් පරිබාහිර කිසිවකුටත් විග්‍රහ කිරීමට හෝ දැන ගැනීමට නොහැකිය. වර්තමානය තුළ ජීවත්වීම සහ අනාගත සිහින මාලිගා මැවීමෙන් වැළකීම අතීතය දැකීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයයි. අනාගත අවශ්‍යතා සැලසුම් කිරීම අනවශ්‍ය යයි මෙයින් අදහස් නොකෙරෙයි. දිනපතා නින්දට යන විට දිනය ආරම්භයේ සිට මනා සිහියෙන් ඉටු කරන ලද සියලු ක්‍රියාවන් ප්‍රතිලෝම ලෙස ආවර්ජනය කිරීම මගින්ද අතිශය ප්‍රතිඵලදායක ලෙස මනස හුරු කරවයි. විශේෂයෙන් මෙම දෛනික කටයුතු ඉතා යහපත් සිතුවිලි මත ගොඩනැගුණු ඒවා විය යුතුයි.

සෑම භවයක්ම සදාකාලික නොවන අතර, වර්තමාන භවය ද ක්ෂණයක් පාසා වෙනස් වන බව සිතීම ජීවන තෘප්තිය සතුට සඳහා හොඳම ක්‍රමයයි. මෙහි සත්‍ය වැටහෙන්නේ හොඳින් සිතීමෙන් ආවර්ජනය කිරීමෙන් පමණි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

877 Views

Comments

arrow-up