ආහාර වල නියම රසයට ගින්දර පාලනය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

ආහාර වල නියම රසයට ගින්දර පාලනය

ආහාර වල නියම රසයට ගින්දර පාලනය

ආහාර පිසීමේදී නියම රස හා සුවඳ ලබා ගැනීමට නම් , ගින්දර පාලනය කිරීම ඉතාමත් වැදගත්. ගෘහණියක වන ඔබ මේ ගැන ඒතරම්ම සැලකිලිමත් නොවෙන්න පුළුවන්. එහෙත් සාමාන්‍යයෙන් එක් එක් වෑංජන පිසීමේදී අවශ්‍ය ගින්දර ප්‍රමාණයන් එකිනෙකට වෙනස් වෙනවා. අද අපි ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට සිතුවා.

සිතේ මනාපයට ආහාර සැකසීමෙන් ආහාර වල රසය ගුණය මෙන්ම බොහෝ වි
විට අපගේ සෞඛ්‍යයට අහිතකර වීමටද ඉඩ කඩ වැඩියි. ඒ නිසා ආහාර පිසීමේදී ගින්දර පිළිබඳව සැලකිලිමත්ව පාලනයෙන් පිසීමට ඔබට අත්වැලක් මෙම ලිපිය තුළින් සපයනු ලැබේ.

 

දියර එළවළු පිසීම

පතෝල , වැටකොළු , බණ්ඩක්කා වැඩි ගින්දරේ පිස පසුව මධ්‍යම ගින්දරට පිසගත යුතුයි. දියර එළවළු තැම්බෙන්න තැම්බෙන්න වතුර උනනවා. ඒනිසා සෑම විටම මෙවැනි ආහාර වලට මිටිකිරි පමණක් දමා හොද්ද සාදාගන්න. උකු ගතිය වැඩි කිරීමට නම් කඩල පිටි, මුං පිටි වැනි දෑ ස්වල්පයක් එක් කර ගත හැකියි. හාල්පිටි කිසිසේත් එකතු නොකරන්න.


 

බත පිසින විට
 



ලිපෙහි පිසින බතට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා වැඩි ගින්දරේ පිස බත් ඇට හොඳින් තැම්බී පිපීගෙන එනවිට ගින්දර අඩු කර ලිප තබා තවත් ටිකක් වෙලා වසා තබන්න. බතට වතුර ටිකක් හෝ වැඩි යැයි හැගුණු විට බත් පියන ඇර නිවෙන්නට හරින්න.

 

කොළ වර්ග පිසින විට

ලිප තැබූ අවස්ථාවේ සිට ඉවත් කරන අවස්ථාව වන තුරුම වැඩි ගින්දරේ මලවන්න. එවිට මැල්ලුමෙහි පාට , සුවඳ හා රසය පවතින අතරම අඩියෙහි වතුර නොරැදේ. කොළ පිසින විට පියනකින් භාජනය වැසීම නොකළ යුතු අතර හොඳින් හැඳිගාමින් සකස් කර ගන්න.


 

මස් වර්ග පිසින විට

 


බ්‍රොයිලර් වැනි මස් වර්ග පිසින විට පහේ අතගා මද ගින්දරේ පිස ගත යුතුයි. දෙතුන් වරක් හැඳිගාන්න. අවශ්‍ය නම් මිටිකිරි ස්වල්පයක් එකතු කර ගන්න. ගම් කුකුල් මස් නම් ගින්දර වැඩි කර පිස ගත යුතුයි. අවසාන අදියරේදී ගින්දර අඩු කර පිසින්න. මස් තද ගතියක් ගන්නේ නම් වැඩි වේලාවක් තම්බන්න.

 

මාළු තියල හා කරිය පිසින විට

මාළු ඇඹුල් තියල මඳ ගින්දරෙත් මාළු කරිය වතුර මදක් වැඩිපුර දමා වැඩි ගින්දරෙත් පිස ගැනීම කළ යුතුයි.

 


දැල්ලන් හා ඉස්සන් පිසීම

අවශ්‍ය කළමණා යොදා දියකිරි දමා වැඩි ගින්දරේ තම්බා පහේ හොඳින් තැම්බීගෙන එන විට එයට ඉස්සන් හෝ දැල්ලන් යෙදිය යුතුයි. විනාඩි 10 - 15 කට වඩා මෙම වර්ග පිසීමට සුදුසු නැත.

 

පපඩම් බදින විට

හොඳින් තෙල් රත් කර පසුව ගින්දර අඩු කරන්න. දැන් පපඩම් බදින්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

699 Views

Comments

arrow-up