ඇන්ජියෝග්‍රෑම් පරික්ෂාවට පෙර සූදානම ගැන දැනුවත්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

ඇන්ජියෝග්‍රෑම් පරික්ෂාවට පෙර සූදානම ගැන දැනුවත්ද

ඇන්ජියෝග්‍රෑම් පරික්ෂාවට පෙර සූදානම ගැන දැනුවත්ද

ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය කියලා කියන්නේ විශේෂිත ඩයි වර්ගයක් භාවිතා කරලා x-ray කිරණ මගින් හෘදයේ රුධිර වාහිනීවල ලේ ගමනාගමනය නිගමනය කරන්න සිදු කරන පරීක්ෂණයක්. මෙමගින් රුධිර වාහිනී වල ඇති අවහිරතා වාහිනිවල බිත්ති වල සමහර රෝග උපතින්ම ඇතිවන අසාමාන්‍යතා පැහැදිලිව හඳුනාගන්න පුළුවන් වෙනවා. ඉන් හර්දයාබාදයකට ගොදුරු වීමට ඇති හැකියාව නිර්ණය කරන්න පුළුවන් වෙනවා.

පරීක්ෂණය සිදු කරන්න පැය අටකට කලින් ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. නමුත් ඔබ දියවැඩියාව අධිරුධිර පීඩනය හතිය වලිප්පුව වගේ ඕනෑම රෝගයකට ඖෂධ ගන්නවනම් ඒ සියල්ල ඒ වගේ විදියට ගන්න. නමුත් ඖෂධ ගැන වෛද්‍යවරයාට පවසන්න අවශ්‍ය වෙනවා. යම් ආකාරයකට ඖෂධයකට ආසාත්මිකතා වෙනවා නම් ඒ බව වෛද්‍යවරයාට දැනුවත් කළ යුතු වෙනවා.

 

 

 


ඔබව විශේෂිත කාමරයකට එක්කගෙන ගිහින් එන්නතක් ලබා දෙනවා. ඉන්පසු වැලමිට ප්‍රදේශයේ ඇතුළු පැත්තේ හෝ ඉකිලි ප්‍රදේශය පිරිසිදු කර හිරිවැටෙන ඖෂධයක් ආලේප කර හෝ එන්නත් කර සිදුකරනු ලබනවා. ඉන්පසු ඉතා සිහින් බටයක් ශිරාවට ඇතුළු කරනවා. එය ක්‍රමයෙන් ශිරාව දිගේ හෘදය දෙසට තල්ලු කරනවා. වෛද්‍යවරයාට නිවැරදි පිහිටීම එක්ස්රේ කිරණ පරීක්ෂණ මගින් දැක ගන්න පුළුවන් වෙනවා එය නියමිත තැන රුධිරවාහිනිය ඇතුල් වූ පසු විශේෂිත ඩයි වර්ගයක් නාලය තුළින් එන්නත් කරනු ලබනවා. ඩයි වර්ග ඉන්පසු හෘදයේ රුධිර නාල නාළ දිගේ ගමන් කරනවා දකින්න පුළුවන්. යම් ස්ථානයක හිරවීමක් හෝ හෝ සිහින් වීමක් ඇත්නම් xray මඟින් ස්ථිරවම එය අනුව හඳුනාගන්න පුළුවන්.

මේ පරීක්ෂණයෙන් පසුව පැය තුන හතරක් වෛද්‍ය නිරීක්ෂනය යටතේ විවේක ගැනීමට සිදු වෙනවා. මේ අතරතුර ඔබේ රුධිර පීඩනය නාඩි වේගය ශ්වසනය ආදී දත්ත වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරනවා. සාමාන්‍යයෙන් පළපුරුදු වෛද්‍යවරයෙකු හා කාර්ය මණ්ඩලයක් යටතේ තමයි මේ පරීක්ෂණය සිදු වෙන්නේ. ඒනිසා අහිතකර අවදානම් තත්ත්ව ඇතිවීම ඉතාම අඩුයි. නමුත් අවදානමක් ඇති වීමට ඉඩකඩ තියෙන්නේ පන්දාහකට එකක් වගේ අවස්ථාවක් තමයි. ඒ ඉතාම කලාතුරකින් වන රුධිර වහනය වැඩි වීමක් රුධිර පීඩනය ඉහළ පහළ යාමක් හෘද ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ආසාත්මිකතා සහ අංශභාගය වැළදීමට ඇති ඉඩකඩයි. නමුත් එන්ජියෝ ග්‍රෑම් පරීක්ෂාවන් හිතුමතේ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඊට වෛද්‍ය නිර්දේශයක් සහ උපදේශනයක් අත්‍යවශ්‍යම වෙනවා. හදවතේ ඇතිවන අවදානම් සහගත තත්වයන් ගැන කල්ඇතිවම දැන ගන්න මේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය ඉතාම වැදගත් වන බව ඔබට දැන් පැහැදිලි ඇති.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1140 Views

Comments

arrow-up