අධික සිහින් බවත් අවදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

අධික සිහින් බවත් අවදානම්

අධික සිහින් බවත් අවදානම්

දැන් කාලේ වැඩිපුරම කතා කරන්නේ මහත ගැන. වැඩිපුර මහත අඩු කරගැනීමට බොහෝදෙනා ව්‍යායාම කරනවා. කොහොම නමුත් වැඩි මහත වගේම වැඩි සිහින් කමත් සිරුරට සුදුසු වන්නේ නෑ. අධික සිහින් බව රෝග රැසකට මඟ පාදනවා. මෑතකදී කෙට්ටු පිරිමින්ට දියවැඩියා අවදානම ඇති කරන ජානයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා.

ගබ්සාවීමට පෙනහලු රෝග ඇතිවීමට පිරිමින්ට මඳසරු බව ඇතිවීමට වගේම වාහන අනතුරුවලින් මිය යාමටද අවදානමක් කෙට්ටු ගැහැනුන් සහ පිරිමින් අතර තියෙනවා. පමණට වඩා සිහින් යන්නෙන් අදහස් කරන්නේ ශරීර ස්කන්ධ දර්ශකය 18.5 ට වඩා අඩුවීමයි. කේම්බ්‍රිජ් සරසවියේ වෛද්‍ය රුත් ලෝස් පවසන අන්දමට මේ වැඩිහිටියන් දියවැඩියාවට සහ හෘද රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවය වැඩියි. ඒ අතරම පුද්ගලයකුගේ අඩංගු ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම අඩු වෙනවා. ඊස්ට්‍රජන් කියන්නේ කාන්තා හෝමෝනය ගැහැනු පිරිමි දෙපිරිසම සෞඛ්‍යය බලපාන හෝමෝනයක්. සිරුරේ මේදය අඩු වීම කායික හා මානසික සෞඛ්‍යය අවශ්‍ය රසායන අහිමි වීමටද හේතුවක් වෙනවා.

 

 

 


සිහින් කාන්තාවකගේ අස්ථි ධාරිතාව ඉතා අඩුයි. ඒ නිසා මැදිවිය ඉක්මවා ගිය පසු ඒ අයගේ අස්ථි පිපිරීමේ අවදානම වැඩි වෙනවා. සාමාන්‍ය අයට වඩා අඩු බර අය ආතරයිටිස් රෝගයෙන් සහ හෘද රෝගවලින් මිය යාමේ අවදානම සෙසු අයට වඩා තුන් ගුණයකින් වැඩියි. ගර්භනී වීමට පෙර අඩු ශරීර ස්කන්ධ දර්ශකය තිබීම ගැබිනි මුල් මාස 3දී ගබ්සා වීමකට වැඩි ඉඩකඩක් ඇති කරවන බව කියන්නේ ලන්ඩනය සුවතාවය පිළිබඳ වෛද්‍ය ආයතනයයි. මේද සෛල මඟින් නිකුත් කරන ඊස්ට්‍රජන් සහ සරු බවත් නිරෝගී ගර්භණීභාවය අතර සම්බන්ධතාවයක් තියෙනවා. සිහියෙන් වැඩිකම දරුවකු පිළිසිඳගත් අලුත වැඩිපුර වමනය යාමට හේතු වෙනවා. අධික ලෙස වමනය කිරීමෙන් මව විජලනයට සහ මන්දපෝෂණයට ගොදුරු වෙනවා. මේ ආකාරයට අනිවාර්යයෙන්ම රෝහල්ගතවී ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා. අධික සිහින් පිරිමි වැඩිපුර විශාදය රෝගයට ගොදුරු වන අතර සියදිවි නසා ගැනීමට තිබෙන බව ප්‍රවණතාවය වැඩි බව කියන්නේ වසංගත විද්‍යාව පිළිබඳ ඇමරිකානු ජනලයක්. වියපත් සිහින් අය මුහුණ දෙන තවත් අවදානමක් වන්නේ බ්‍රොන්කයිටිස් නිව්මොනියා ඇදුම වැනි ශ්වසන රෝග වලට ගොදුරු වීමයි. සිහින් පිරිමින් මදසරු බවට බලපානවා. ඇබර්ඩීන් සරසවියේ විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට මෙවැනි පිරිමින්ගේ නිරෝගී ශුක්‍රාණු අඩුයි. මේ නිසා ගැහැනු පිරිමි දෙපක්ෂයම සිරුර ඕනෑවට වඩා කෙට්ටු නම් ඒ පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

781 Views

Comments

arrow-up