ලැජ්ජාව නිසා සැඟවෙන භයානක ගුද පිළිකා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

ලැජ්ජාව නිසා සැඟවෙන භයානක ගුද පිළිකා

ලැජ්ජාව නිසා සැඟවෙන භයානක ගුද පිළිකා

ගුද පිළිකාව කියන්නේ ලැජ්ජාව නිසා බොහෝ දෙනා කතා කරන්නට අකමැති රෝගයක් වන නමුත් බොරු ලැජ්ජාව නිසාම මෙම රෝගය කලින් හඳුනාගැනීමට ඇති අවස්ථාව වැළකී දැඩි අපහසුතාවන්ට ලක්ව මාරාන්තික බවට පත්වන බව ඔබ දන්නවාද?


අප ගන්නා ආහාරවල අපතේ යන ඉතිරි වන කොටස් මළපහ ලෙස ශරීරයෙන් ඉවත් කර දැමීම සිදු කරන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස වන ගුද මාර්ගය හරහායි. ගුදය බඩවැල් අවසානයේ හමුවන අඟලකින් හෝ අඟල් එකහමාරක දිගකින් යුතු වන අතර මෙම ඉන්ද්‍රිය තුළ ඇතිවන පිළිකාමය තත්ත්වයන් ගුද පිළිකාව ලෙස හඳුන්වනු ලබනවා. mucosa නමින් හඳුන්වන ගුදයේ අභ්‍යන්තර බිත්ති මත පිහිටන සෛලවල මෙම පිළිකා තත්ත්වය පළමුව ඇතිවේ. නවතම අධ්‍යයන විසින් සොයාගෙන ඇත්තේ ගුද පිළිකාව ඇතිවීම පසුගිය කාලය තුළ වර්ධනය වී ඇති අතර විශේෂයෙන්ම වයස අවුරුදු 60 පමණ වනවිට ගුද පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ බවයි.


මෙම පිළිකා තත්වයේ පූර්ව රෝග ලක්‍ෂණ පිළිබඳ දැනුවත්වීම ඉතා වැදගත් වේ.

- සිරුරේ ගුද මුඛය අවට දිනපතා කසන සුළු ස්වභාවයක් ඇතිවන්නේ යම් විශේෂිත හේතුවකින් තොරව නම් එය ගුද පිළිකාව ඇතිකරන සෛල විකෘතිතාවයන් වල පෙර ලක්ෂණ විය හැක.


- සාමාන්‍යයෙන් ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම මළබද්ධයේ සිට උදර ආසාදන යන බොහෝ රෝග ගණනක් නිසා සිදුවන අතර මෙවැනි තත්ව ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම මළපහවල රුධිරය තැවරී පිටවීම මගින් සොයාගැනීමට හැක. නමුත් මෙවැනි තත්ව කිසිවිටකත් නොසලකා හැරිය නොයුතු අතර මෙම රෝග ලක්‍ෂණය මගිනුත් ගුද පිළිකාවේ අවදානම හෙළිකරන නිසා එවැනි තත්ව අත්විඳිනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

 


- ගුද පිළිකාවේ මූලික රෝග ලක්‍ෂණයක් වන්නේ ගුද මාර්ගයේ ඇතිවන ඉදිමීමයි. මේ නිසා එවැනි තත්ව පිළිබඳ වෛද්‍ය පරීක්‍ෂණයක් මගින් තහවුරු කරගත යුතුය.


- ගුදයෙන් කිසියම් හෝ තරලයක් ශ්‍රාවය වීම සෞඛ්‍ය සම්පන්න අයකුගේ ඉතා විරල වූ තත්වයකි. මේ නිසාම ගුද මාර්ගයෙන් නිකුත් වන විවිධ තරලයන් මගිනුත් ගුද පිළිකාවේ ලක්‍ෂණ පෙන්නුම් කරන බැවින් නිසි අවධානයක් යොමු කිරීම අනිවාර්ය වේ.


- ගුද පිළිකාවේ තවත් රෝග ලක්ෂණයක් වන්නේ වැසිකිළි භාවිත කළ පසුත් උදරයේ මළපහ තවමත් තිබෙන බවක් දැනීමයි.
මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිට වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ලවා වහා පරීක්ෂාවට ලක් කර ප්‍රතිකාර ලැබීම ඉතා වැදගත් වන අතර බාහිර පරීක්ෂාව සහ ස්කෑන් පරීක්ෂණ සහ ජෛව පටක පරීක්ෂා මගින් මේ රෝගය නිශ්චිත ලෙසම හඳුනාගත හැක. මෙවැනි රෝග කිසිවිටෙකත් ලැජ්ජාව නිසා සඟවා සිටිය යුතු රෝග නොවේ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

2129 Views

Comments

arrow-up