අව්වේ වියළා ගත යුතු මුළුතැන්ගෙයි උපකරණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

අව්වේ වියළා ගත යුතු මුළුතැන්ගෙයි උපකරණ

අව්වේ වියළා ගත යුතු මුළුතැන්ගෙයි උපකරණ

අප නිතර නිතර භාවිතා කරන බොහොමයක් මුළුතැන්ගෙයි භාවිතා කරන දේවල් සබන් ගා හොඳින් සෝදනු ලැබුවත් , අමතර පිරිසිදු කිරීමක් හා විෂබීජ නැසීමට අව්වේ වියළා ගැනීම අත්යවශ්ය වනවා. එයින් ඔබේ උපකරණ වලට වඩාත් හොඳ පිරිසිදු බවක් හා දීප්තිමත් බවක් එක් කරනවා. ඉතින් අද අපි මේ කියන මුළුතැන්ගෙයි භාවිතා කරන උපකරණ හොඳින් වියළා තබාගන්න අමතක නොකරන්න.

 

ලී කටිං බෝඩ්ස්

 

අපි ඉවුම් පිහුම් කටයුතු කරන විට නිතර නිතර භාවිතා වන උපකරණයක් තමයි මේ කටිං බෝඩ් එක. එළවළු , මස් , මාළු මේ හැමදෙයක්ම අපි කපන්නෙ මේ බෝඩ් එක මත තියලා. එනිසා එය හොඳින් පිරිසිදු කර තැබීම අත්යවශ්යයි. මුලින්ම සබන් යොදා හොඳින් සෝදා පසුව තද අව්වේ පැය කිහිපයක් වියළා ගන්න. එයින් ලෑල්ලෙහි ඇති බැක්ටීරියා හා පුස් වර්ග සෑදීම වැළකෙයි.

 

කුණු කූඩය

 

ගොඩක් ගෙවල් වල අපේ ගෘහණියන් කුණු කූඩය කුණු ඉවත් කළ පසු හොඳින් සෝදා පිරිසිදු කරනවා. ඒත් එය ප්රමාණවත් වන්නේ නෑ. මුලින්ම කුණු කූඩය සබන් යොදා හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඊළඟට ඔබ කළයුත්තේ විෂබීජ නාශකයකින් නැවතත් එම භාජනය පිරිසිදු කර පැය කිහිපයක් අව්වේ වියළා ගැනීමයි.

 

ශීතකරණයේ විවිධ වූ ලාච්චු හා ට්‍රේ

 

 

ශීතකරණයේ විවිධ වූ දේ ඇසුරුම් කිරීමට වෙන් වෙන් වශයෙන් ලාච්චු හා ට්රේ තිබෙනවා. සෑම සතියකට වරක්ම ඔබ ශීතකරණය පිරිසිදු කරන විට එහි ඇති ලාච්චු හා ට්රේ හොඳින් සබන් මිශ්ර ජලයෙන් සෝදා ගන්න. පසුව පැය කිහිපයක් අව්වේ වියළා ගන්න. දීප්තිමත් හා පිරිසිදු බව වැඩි වෙයි.

 

කෑම ගෙනියන බහාලුම්

 

දරුවන්ගේ කෑම පෙට්ටි , රැකියා ස්ථානයට ඔබත් සැමියාත් ගෙනියන ආහාර බහාලුම් , නිවසේ විවිධ ආහාර වර්ග දමන බහාලුම් මේ සියල්ලම හොඳින් සබන් යෙදූ ජලයෙන් සේදිය යුතුයි. පසුව දෙහි හෝ ලෙමන් යුෂ පිරිසිදු ස්පොන්ච් එකකට ගෙන නැවතත් බහාලුම් හොඳින් පිසදමන්න. පැය කිහිපයක් අව්වේ වියළා ගන්න.

 

 

ෂොපිං ගෙනියන බෑග්

 

කඩයට යන විට බොහෝ දෙනෙකුගේ පුරුද්දක් එළවළු, පළතුරු , බඩු බාහිරාදිය ගෙනෙන්නට වෙනමම රෙදි බෑග් අරගෙන යනවා. බොහෝ වෙලාවට ඔබ මේ බඩු පුරවාගත් බෑග් එක සුපර්මාර්කට් එකේ හෝ කඩයේ බිම තබනවා වාහනයේ හෝ බස් එකේ බිම තබනවා. මේ වගේ අවස්ථාවක ඔබ නිවසට පැමිණි පසු බෑග් එක සබන් යොදා හොඳින් සෝදා අව්වේ වියළා ගත යුතුයි. සාමාන්ය ෂොපිං බෑග් නැත්නම් සිලි සිලි බෑග්ද තෙත රෙදි කැබැල්ලකින් හොඳින් පිසදා අව්වේ වියළා නවා තබාගන්න. ඔබට මෙවැනි බෑග්ද ප්රයෝජනවත් වන අවස්ථා ඇත.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1170 Views

Comments

arrow-up