නිවසේ තණකොළ සිටුවන ක්‍රම
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

නිවසේ තණකොළ සිටුවන ක්‍රම

නිවසේ තණකොළ සිටුවන ක්‍රම

නිවසේ තණකොළ සිටුවන ක්‍රමගෙවත්තට තණකොළ වලින් ස්වභාවික සුන්දරත්වයක් එක් කර දීමට අද වැඩි දෙනා උත්සහ කරනවා. ඒ කොන්ක්‍රීට් වලින් හෝ සිමෙන්ති ගල් වලින් මිදුල ආවරණය කිරීමට වඩා එය ඇසට සිරුරට බෙහෙවින් හිතකර බවක් ගෙන දෙන නිසයි. තණකොළ සිටවීමේදී විවිධ ප්‍රදේශයන්ට අනුකූලව යොදා ගත යුතු තණකොළ වර්ග රාශියක් තිබෙන අතර ඒවා යොදාගෙන තණ පිටි සකස් කරන විවිධ ක්‍රම කීපයක් තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

බීජ මගින් තණ පිටිය සැකසීම

බීජ වැලි සමග මිශ්‍රකර ඉසීමෙන් පැළ ලබාගන්න පුළුවන්. කූඹින් වැනි කෘමීන් මෙම බීජ ආහාරයට ගැනීමට ඉඩ ඇති නිසා ඒවා ආරක්ෂා කරගැනීම සඳහා සාමාන්‍ය බෙහෙත් පාවිච්චි කිරීම සුදුසු වෙනවා. සාමාන්‍යයෙන් භූමියේ වර්ග මීටරයක් සඳහා ඇට 25ත් 30ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. බීජ සිටුවීමෙන් පසු තෙත ගෝනි හෝ පොලිතින් වලින් ආවරණය කරන්න. දින 10ත් 12ත් අතර කාලයකදී මෙම බීජ පැල වෙනවා. ඉන්පසු ජලය හා අවශ්‍ය පොහොර වර්ග නිසි පරිදි යෙදීමෙන් පැළවල වැඩි වර්ධන වේගයක් ලබාගත හැකි වෙනවා. මෙසේ බීජ වලින් ලබාගත් පැළ නිසි ලෙස නඩත්තු කිරීමෙන් උද්‍යානයේ තත්ත්වය උසස් මට්ටමක පවත්වා ගන්න පුළුවන්.

රිකිලි මගින් තණකොළ බෝ කිරිම

රිකිලි මගින් පැළ බෝ කිරීමේදී පරතරය අඟල් තුනෙන් තුනට වන සේ සිටුවන්න. පැළ සිටුවීමේදී හැඩය ගැන සටහන් කරන විට ත්‍රිකෝණාකාරය ලෙස පැළ කිරීමෙන් නිසි වර්ධනයක් ලැබෙනවා. දින හතරක් පහක් අතතුර කාලයේදී පැළ ස්ථාවර වන අතර දින 14කින් කිරි මුල් දැකිය හැකිවෙනවා. නිසි පරිදි ජලය හා වැඩීමට අවශ්‍ය පොහොර යෙදීමෙන් තණකොළ වල වර්ධනයක් ලබා ගන්න පුළුවන්.

 

 

 


පිඩලි යොදා තණ පිටි සැකසීම

තෘණ භූමි සඳහා වැඩියෙන්ම භාවිතා වන ක්‍රමය වෙන්නේ පිඩලි යොදා ගැනීම. පිඩලි අසුරන විට අඟල් 1/2ක පරතරයක් ඇතිව සකස් කළ භූමිය මත අතුරන්න. ඇතිරීමේදී පිඩලි වල ඇති වල්පැල හැකි තරම් ඉවත් කිරීමට උත්සාහ ගන්න. මෙසේ අතුරා ගත්විට රෝලක් මගින් තැලීමෙන් පිඩලි පොළොව සමග සම්බන්ධ වෙනවා. හොඳින් ජලය යෙදීම මගින් ඉක්මනින්ම මුල් ඇදීමට උපකාරී වෙනවා. මුල් ලැබීමෙන් පසු අවශ්‍ය ජලය සහ පොහොර යෙදීමෙන් තෘණ භූමියේ වැඩීම ඉක්මන් වෙනවා. පිඩලි මත ඇති කුඩා වල් පැළ වැඩීම ආරම්භ වන අතර මේවා වරින් වර ඉවත් කිරීම මගින් තණපිටිය ඉහළ තත්ත්වයක පවත්වා ගන්න පුළුවන්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1824 Views

Comments

arrow-up