අධික රුධිර පීඩනය ඔබේ මතකය සොරාගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

අධික රුධිර පීඩනය ඔබේ මතකය සොරාගනී

අධික රුධිර පීඩනය ඔබේ මතකය සොරාගනී

මෑතකාලීනව සිදුකළ අධ්‍යයන වලින් පෙන්වා දෙන්නේ මැදි වයසේ ඇතිවන අධිරුධිර පීඩනය හේතුවෙන් පුද්ගලයන් පසුකාලීනව ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරු වීමට ඇති අවදානම ඉහළ බවයි.


වයස අවුරුදු 45 සිට සෑම පුරුෂයන් දස දෙනකුගෙන් එක් අයෙකුටත්, සෑම කාන්තාවන් දස දෙනකුගෙන් පස් දෙනකුටත් සුලබ ඩිමෙන්ෂියා තත්ත්වයක් වන ඇල්ෂයිමර් අවදානම පවතින බව ඇස්තමේන්තු කර තිබේ. මැදි වියේදී මෙලෙස ශරීර සෞඛ්‍ය දුර්වල වීම, අඩු වයසෙන් මරණයට පත්වීමට ඇති හැකියාව ඉහළ නංවන බව මින් එක් වාර්තාවක වැඩිදුරටත් දැක්වේ. සිරුරේ රැධිර පීඩනය රසදිය මිලිමීටර 130 හෝ ඊට වැඩි පනස් වැනි වියේ පසුවන පුද්ගලයන් ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරු වීමේ අවදානම, සාමාන්‍ය රුධිර පීඩනය සහිත පුද්ගලයන්ට වඩා 1.5 ගුණයකින් වැඩි බවද එම අධ්‍යන වාර්තා පෙන්වා දෙනවා.


එමෙන්ම හදවත සංකෝචනය වන අවස්ථාවේ පීඩනය, එනම් ජීවිතයේ මුල් අවධියේදී දුර්වල වීම, රෝගී සෞඛ්‍ය තත්ත්වයකට සහ අඩු වයසින් මරණයට පත්වීමේ අවදානමකට හේතුවිය හැකි යයි පෙනෙන්නට ඇති බව පුද්ගලයන් 493,737 දෙනකුගේ දත්ත පරීක්ෂාවට ලක් කළ තවත් අධ්‍යයනයක් මගින් අනාවරණය කර ගෙන තිබේ.
මැදි වියේදී ශරීර යෝග්‍යතාව පිරිහුණු පුද්ගලයන් ‘හැකි ඉක්මනින් යහපත් සෞඛ්‍ය වෙනස්කම් ඇතිකරගත යුතු බවත්, ප්‍රධානම දේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම බවත් වෛද්‍ය නිර්දේශයයි. ශරීර බර අඩුකර ගැනීම, දුම්පානය නැවැත්වීම, මත්පැන් භාවිතයෙන් වැළකීම, දිනපතා ව්‍යායාම කිරීම සහ ලුණු අඩු වශයෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අවම කර ගැනීමට ගත හැකි ප්‍රධාන පියවරයන් ලෙස ඔවුන් පෙන්වා දෙනවා.

 


ශරීර බර අඩුවීම, අධික වෙහෙස, දෙයක් ග්‍රහණය කර ගැනීමේ ශක්තිය දුර්වල වීම, ශාරීරිකව ක්‍රියාශීලීත්වය අඩුවීම, ඇවිදීමේ වේගය අඩුවීම වැනි සෞඛ්‍ය ගැටලුවලින් තුනක් තුනක්වත් ඇති පුද්ගලයන් සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීමට ගොදුරු වූ පුද්ගලයන් ලෙස අනාවරණය වී ඇත. එලෙස දුර්වල යයි විනිශ්චය කළ සහ වයස අවුරුදු 45 හෝ ඊට වැඩි කාන්තාවන් සම්බන්ධයෙන් ද ශරීරයේ පටක ඝනවීමේ රෝග තත්ත්වය (multiple sclerosis) සහ නිදන්ගත වෙහෙසකාරී සින්ඩ්‍රෝම තත්ත්වය (chronic fatigue syndrome) වැඩි වශයෙන් දැකිය හැක. ඒ අනුව අධි රුධිර පීඩනය මේ මානසික සෞඛ්‍යය සෞඛ්‍ය දුර්වල කොට ඔබේ අමතක වීම් වැඩි කරන බව දැන් විද්‍යාත්මකව තහවුරු වී ඇත. නිසා අධි රුධිර පීඩනය වලක්වා ගනිමින් යහපත් කායික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනඟා ගැනීමට උත්සහ කරන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

649 Views

Comments

arrow-up