සිරුරට අවශ්‍ය ජලය මනින සූත්‍රය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

සිරුරට අවශ්‍ය ජලය මනින සූත්‍රය

සිරුරට අවශ්‍ය ජලය මනින සූත්‍රය

නිරෝගී ජීවිතයක් ගතකිරීම අපි සියලු දෙනාගේම බලාපොරොත්තුවක් වන අතර ඊට ප්‍රමාණවත් ව්‍යායාම පෝෂදායි ආහාර යහපත් මානසික සෞඛ්‍ය වඩා වැදගත් වෙනවා. මේ සූදානම් වෙන්නේ ඔබේ සෞඛ්‍යය සෞඛ්‍යය රැක ගන්න ප්‍රමාණවත් පරිදි වතුර බොන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න.


අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණු විට වතුර ගොඩාක් එක පාර බොන්නටය. ඒත් වතුර බොන නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි. අපි එකිනෙකාගේ සිරැරේ බර වෙනස් නිසා එකිනෙකාට දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය වෙනස්. මිනිස් ශරීරයේ දළ වශයෙන් 60%ක විතර තියෙන්නේ වතුර බව ඔබ දන්නවාද? අපි නිසි විදිහට වතුර නොබිව්වොත් සංකූලතා රාශියක් ඇති වෙන්නේ ඒකයි. සිරැරේ සෑම පද්ධතියකම පාහේ නිසි ක්‍රියාකාරීත්වයට වතුර මූලික වනවා. රැධිරයේත් වැඩි ප්‍රතිශතය වතුර වීම ඒකට හේතුවයි.


පිපාසය දැනෙන හැම වෙලාවකම විතරක් නෙවෙයි, නිතරම වතුර උගුරැ කිහිපයක් බීම තමයි වෛද්‍ය නිර්දේශය. සුදුසුම දේ තමයි, සිරැරේ බරට බොන්න ඕනෙ වතුර ප්‍රමාණය මැනගෙන බෝතලේක දාගෙන නිතරම ළඟ තියාගන්න එක. එතකොට නිතරම, අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්න පුළුවන් වෙනවා. අපිට ආහාරයක් නැතුව දවස් කිහිපයක් ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඒත් වතුර නැතුව ඉන්න පුළුවන් ඉතා සීමිත කාලයක් විතරයි. වතුර නොබිව් විට විජලනය ඇති වෙනවා. නිසි පරිදි වතුර නොබොනවා යැයි නිරීක්ෂණය කරන්න පුළුවන් මුල්ම ලකුණ තමයි වියළි සම. ඒ හැරුණාම හිස කැක්කුම්, මානසික ඒකාග්‍රතාව ගිලිහීම, කම්මැලිබව, ප්‍රබෝධමත් නොවීම දකින්නට පුළුවන්. එමෙන්ම සිරැරේ අපද්‍රව්‍ය (Toxin හෙවත් ධූලක) දහඩිය සහ මුත්‍ර‍ා ක්‍රියාවලියටත් වතුර නොබිව්වොත් බාධා ඇති වෙනවා.


ඉතින් ඔබ ප්‍රමානවත් පරිදි ජලය පානය කළොත් සිරුරට වෙන්නේ කුමක්ද ප්‍රමාණවත් පරිදි ජලය සිරුරට නොලැබුණොත් සිදු වන අපහසුතාවයන් මොනවාද යන්න පිළිබඳ දැනුවත්. නමුත් ඔබේ සිරුරට නිවැරදිවම උවමනා ජල ප්‍රමාණය කොපමණ ද යන්න ඔබ දන්නවාද?

 


සාමාන්‍යයෙන් ඔබේ බර මෙන් 0.033 ගුණයක වතුර ලීටර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඔබේ බර කිලෝ ග්‍රෑම්වලින් සටහන් කරගෙන, එය 0.033කින් ගුණ කිරීමෙන් ලැබෙන පිළිතුර තරම් ලීටර් ප්‍රමාණයක් තමයි ඔබේ දෛනික වතුර අවශ්‍යතාවය. මෙන්න ඒ සූත්‍රය.


         ඔබේ බර (kg) × 0.033 = අවශ්‍ය වතුර ලීටර ප්‍රමාණය.


උදාහරණයක් විදිහට ඔබේ සිරුරේ බර කිලෝග්‍රෑම් 40ක් නම් 40kg × 0.033 ඔබට ජලය ලීටර් 1.32 ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.දැන් මේ සුත්‍රයට අනුව නිසි පදම සොයා මැන බලා වතුර බොන්න ඔබත් පුරුදු වෙන්න. එවිට ප්‍රමාණවත් පරිදි සිරුරට ජලය ලැබී නීරෝගීන් දිවි පෙවතක් ගත කිරීමට අවස්ථාව ලැබේවි.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1381 Views

Comments

arrow-up