ධන වාසනාව ගෙනෙන " වූඩූ" රහස් ගුරුකමක්

විවිධ රටවල් වලට ආවේණික වූ විශේශිත ගුරුකම් වර්ග ඇත. ඇමරිකාවේත් මෙවැනි ගුරුකම් භාවිතා කෙරේ.
මීට වසර තුන් හාරසියයකට පෙරාතුව අප්‍රිකාවෙන් වහල් සේවකයින් සමගම මෙම ගුරුකම් කලාවත් පැමිණ ඇතැයි අනුමාන කරනවා.
ඇමරිකාවේ මෙම ගුරුකම් කලාව " වූඩූ" ලෙසින් හදුන්වනු ලබන අතර බොහෝ චිත්‍රපට වලින් පවා ඔබ මෙය දකින්නට ඇත.
වූඩූ ගුරුකම වර්ග දෙකකට බෙදේ. එනම්,
භයානක හා දීර්ඝ ගුරුකම් හා සරල, පහසු ප්‍රයෝජනවත් ගුරුකම් ලෙස..
මෙහිදී භයානක ගුරුකම් සදහා මිනී ඔළු, ලේ පවා භාවිතා කර හදි හූනියම් පවා කළ හැක. ඒ අතර අපට ප්‍රයෝජනවත් අහිංසක ගුරුකම් ක්‍රමත් පවතිනවා.
එයින් ප්‍රසිද්ධ ව තිබෙන ධන වාසනාව ලබා දෙන මුල්‍යමය ගැටලු විසදා නිවැරැදි මාවතකට යොමු කරන ක්‍රමයක් ඔබට කියලා දෙනවා.
හරිම සරලයි...
අවශ්‍ය දෑ,
කුඩා බදුනක් ( මේ සදහා ප්ලාස්ටික් කෝප්පයක් හෝ ඕනෑම වර්ගයක කුඩා බෝල් එකක් භාවිතා කළ හැකියි. )
සීනි,ලුණු සහ සහල් අත්මිට බැගින්
ආය කටුවක් ( හැට්ට කටුවක් )
සකස් කරන ආකාරය
සීනි, ලුණු හා සහල් භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න.
ආය කටුව විවෘත කරන්න. මිශ්‍රණයේ මැදින් එය තබන්න.
ගුරුකම් වලදී මෙලෙස කටුව විවෘත කර තබන්නේ මුදල් ඔබ වෙතට වඩ වඩාත් ආකර්ෂණය කර ගැනීමටයි. ඒ වගේම මුදල් ලැබෙන වේගය වැඩි කිරීමටයි.
දැන් මෙම භාජනය ඔබ නිදාගන්නා කාමරයේ ඕනෑම මුල්ලක තබන්න.
ඔබේ මූල්‍යමය තත්ත්වය පිළිබඳ ගැටලු කෙමෙන් කෙමෙන් මග හැරෙන බව ඔබට පෙනේවි. නැවතත් ඔබට යම් කාලයකදී මූල්‍යමය ගැටලු මතු වන බව දැනුනහොත් එම භාජනය අළුත් කරන්න
සැ.යු :
ධන වාසනාව සදහා ඔබ කරන ඕනෑම දෙයක් සද මෝරාගෙන යන දිනවලදී සුභ දිනයක් හා වේලාවක් බලා සිදු කරන්න.
by Kaushalya De Silva
Photo Source: Interent
1146 Views
Comments