අතමිට සරු කරවන ධන යෝග

පෘතග්ජන මිනිසුන් වශයෙන් අප සෑම කෙනෙක්ම අතමිට මුදල් ගැවසෙනවාට තමා කැමති. ඒ වෙනුවෙන් විවිධ වූ ප්‍රතිකර්ම කිරීමට කිසිදු පුද්ගලයෙක් පසුබට වන්නේ නැහැ. දුගී පවුලක උපත ලැබූ කෙනෙකුට වුවද පෙර භවයකදී කරන ලද දාන මාන ආදී කුසල කර්මයන් වල ප්‍රතිඵල අත්විඳීමට ලැබෙන බව අසන්නට ලැබේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රය පුළුල්ව හැදෑරූ පුද්ගලයෙකුට කිසියම් පුද්ගලයෙකුගේ ජන්ම පතේ දක්නට ලැබෙන ග්‍රහ පිහිටීම් වලින් ඒ බව තවදුරටත් සනාථ වේ.
යහපත් කටයුතු වලින් සැප සම්පත් ලැබීමට හේතු වන චින්තාමණී යෝගය පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථවල පැහැදිලිව දක්වා ඇත. කේන්දරයේ පස්වැන්න හෝ නවවැන්න වූ ත්‍රිකෝණ ස්ථානයක හෝ අයස්ථානයේ බලවත් ගුරු ග්‍රහයා හෝ සිකුරු ග්‍රහයා පිහිටීම සුබ පල දෙන ග්‍රහ යෝගය ලෙස හඳුනාගත හැකියි. කෙසේ වුවද එම කේන්දර සටහනේ රාහු ග්‍රහයා 5-8-12 වැනි භාව වල නොසිටිය යුතුයි. එසේම ඉහත කී බලවත් ග්‍රහයා අටවැන්නාධිපති හෝ පාප ග්‍රහයකුගේ නැකතක පිහිටා තිබේ නම් එම යෝගය ක්‍රියාත්මක වන්නෙද නැත. කේන්දරයක සිවු වැන්නේ බලවත් ගුරු ග්‍රහයා පිහිටීම වගා කටයුතුවල දියුණුව මෙන්ම ගෙදර දොර ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම වැනි සුභ අවස්ථාවන්වලදී ඉමහත් ප්‍රතිඵල ලැබීමට උපකාරී වේ.
දුර බැහැර ගමන් බිමන් යෙදුණත් නන්නාදුනන අයගෙන් පවා අවශ්‍ය අවස්ථාවලදී ආහාරපාන නොඅඩුව ලැබෙනු ඇත. වාහන කාරක සිකුරු ග්‍රහයා සිවු වැන්නේ දිග් බලයෙන් පිහිටීම සුවපහසු එසේම දැකුම්කළු නිවසක් සහ යානවාහන ලැබීමට ද හේතු වන බවට සලකුණකි. එහෙත් සිකුරු ග්‍රහයා 22 වැනි දෙර්කාණයට අයත් වේ නම් හදිසි අනතුරකට ලක් වී කෙටි කලකින්ම වාහනය විකිණීමට සිදුවිය හැකියි. 8 වැන්නාධිපති ග්‍රහයා අයස්ථාන ගතවීමට මුදල් ආයෝජනය කිරීම්වලින් හෝ මියගිය ඥාතියෙකුගේ උරුමයෙන් විශාල ධනයක් හිමි වන ග්‍රහ පිහිටීමකි.
ධන යෝගයට සම්බන්ධ ග්රහයන් 22 වැනි දෙර්කාණයට හෝ 64 වැනි අසුබ නවාංශක වලට සම්බන්ධ වුවොත් ඉහත කී ධන යෝගයන් ක්‍රියාත්මක වන්නේ නැත. 12 වැන්නාධිපති ග්‍රහයා කේන්දරයේ ධනස්ථානයේ පිහිටා තිබුණ හොත් වෙනත් ග්‍රහ පිහිටීම් නිසා ලැබුණු මුදල් ඉතිරි කර ගැනීමට නොහැකි වන්නේ සතුරු කරදර හෝ වුලේ සාමාජිකයෙකුගේ රෝගී තත්ත්වය හේතු කොටගෙන ප්‍රතිකාර වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවීම නිසාය. සිකුරු ග්‍රහයා නීච වර්ගයක පිහිටා පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක් වුවහොත් ධන යෝග ක්‍රියාත්මක නොවීමටද හේතුවේ. ඔබගේ කේන්දරයේ මෙවැනි ග්‍රහ පිහිටීම් පවතිනවාද යන්න පිළිබඳව සැලකිලිමත් වන්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1623 Views
Comments