හැඩට අඳින්න Crossover ගවුම් විලාසිතාවක්

වර්තමානයේදී යුවතියන් සඳහා කරළියට පැමිණ ඇති විලාසිතාවකි crossover ගවුම් විලාසිතාව. මෙවැනි විලාසිතාවක් මගින් යුවතියකගේ සුන්දරත්වය වඩාත් ඉස්මතු කරමින් පෙනේ. වෙළඳපොළෙන් මිලදී ගන්නවාට වඩා තමාගේ සිරුරේ හැඩයට සහ වර්ණයට උචිත වන අන්දමින් නිවසේදීම මෙවැනි ගවුමක් මසා ගැනීමට හැකියාවක් පවතී නම් එය කෙතරම් අපූරුද. එසේනම් මසා ගන්නා ආකාරය පිළිබඳව පහතින් දැනුවත් වෙමු.
අවශ්‍ය මිනුම් -
උරහිස 17
කරවට 15
ඉන දක්වා උස 15
කර ගැඹුර 7
පපුව වට 38
ඉන වට 32
සාය උස 40
පළමුව බ්ලවුසය සඳහා පතොරමක් සාදාගත යුතුයි. ඒ සඳහා නැම්මට තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අදින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එයට මැහුම් වාසි අඟල් බාගයක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වෙයි. B සිට පහතට අඟල් එකයි තුන්කාලක් පහත් කර A ට යා කරන්න. එය AC වෙයි. කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට පහත් කරන්න. එය AD වෙයි. එම පිළිතුරෙන් අඟල් භාගයක් අඩු කර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.
අත්කට රේඛාවේ උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය 4න් බෙදා එම පිළිතුර A සිට පහතට පහත් කරන්න. එය AF. හරහට රේඛාවක් අදින්න. එය අත් කට රේඛාව වේ. අත් කට රේඛාවේ දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරේන් බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වෙයි. ඉන වට ප්‍රමාණය හතරේ න් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතු කර ඉන රේඛාවේ හරහට ලකුණු කරන්න. එය GI වෙයි. GI යාකර අංශය අඳින්න. අංශයට මැහුම් වාසි තබාගන්න. අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එම රේඛාවේ මැද ලක්ෂය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් භාගයක් අඩුකර තිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපී යන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න.
අවශ්‍ය රෙදි ප්‍රමාණය ගෙන එය පහතට දෙකට නවා පසුව ත්‍රිකෝණාකාරව නවන්න. ඉන වට ප්‍රමාණයට ඉන වටෙන් භාගය එකතු කර එය තුනෙන් බෙදා එය A සිට පහතට ලකුණු කරන්න. එය AB වෙයි. ඉන පළුවක මිම්මට උස සහ මැහුම් වාසි එකතුකර එය A සිට පහතට ලකුණු කරන්න. එය AC වෙයි. සාය කපාගත් පසු දිගහැර කවාකාරව ඇඳගන්න. අත සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය ගෙන එය නැම්මට තබා එලාගන්න. අවශ්‍ය උස
ගෙන පහතට ලකුණු කරන්න. එය AB වෙයි. හරහට රේඛාවක් අදින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය නැම්ම රේඛාවේ සිට අඟල් එකහමාරක් තබා හරහට රේඛාවක් අදින්න. එය වාටිය රේඛාවයි. cap උස ප්‍රමාණය A සිට පහතට ලකුණු කරන්න. එය AC වෙයි. හරහට රේඛාවක් අදින්න. එය අත් කට රේඛාවයි.
පතරොමෙ අත් කට ප්‍රමාණය A සිට අත් කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AD. එම රේඛාවේ මැද ලක්ෂය ලකුණුකර අත් කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE. DE යා කර අංශය අඳින්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1055 Views
Comments