වැඩිපුර ගුණ යෝගට් ද? අයිස්ක්‍රීම් ද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

වැඩිපුර ගුණ යෝගට් ද? අයිස්ක්‍රීම් ද?

වැඩිපුර ගුණ යෝගට් ද? අයිස්ක්‍රීම් ද?

ශීත කළ යෝගට් සහ අයිස්ක්‍රීම් අතර සංසන්දනය සැමවිටම විවාදාත්මක මාතෘකාවක් වෙනවා. සමහර අය ශීත කළ යෝගට් වැනි සෞඛ්ය සම්පන්න කිරි නිෂ්පාදනයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වන අතර සමහරු ඔවුන්ගේ ප්‍රියතම රසවත් ආහාරය ලෙස අයිස්ක්‍රීම් තෝරා ගනී. මේ දෙවර්ගයෙන්ම ක්‍රීම් ගතිය හා සීතල කටගැස්මක් අපගේ දිවට තෘප්තියක් සහ සංග්‍රහයක් ලබා දෙයි. එහෙත් මෙම ආහාර ද්‍රව්‍යයවල ඇති බොහෝ අමුද්‍රවය සමාන වුවත්, මේ දෙක අතර ඉතා විශාල වෙනසක් ඇත. ඔබේ එදිනෙදා ආහාර කාලසටහනට සෑම පෝෂ්ය පදාර්ථයක්ම සීනි පවා ඇතුළත් කිරීම ඉතා වැදගත්ය. අයිස්ක්රීම් හා යෝගට් වල පෝෂණ අගය ගැන කතාබහ කළ විට, මේ දෙකම කිරි නිෂ්පාදන වන අතර සීනි ද අඩංගු වේ. ශීත කළ යෝගට් සහ අයිස්ක්රීම් දෙකම කැල්සියම්, ප්රෝටීන්, අඩු මේද වලින් පොහොසත් වන අතර අඩු ප්රමාණයක් පරිභෝජනය කළහොත් ඒවා ඔබට අඩු කැලරි ප්රමාණයක් ලබා දෙන නමුත් ඔබට හොඳ මාත්රාවක කැල්සියම් සහ ප්රෝටීන් ලැබෙනු ඇත.

 

ශීත කළ යෝගට් සහ අයිස්ක්‍රීම් වල පෝෂණ අගයන්,

 

- ශීත කළ යෝගට් කැලරි 127 මේදය ග්රෑම් 4 යි ප්රෝටීන් ග්රෑම් 3 යි කාබෝහයිඩ්රේට් ග්රෑම් 22 යි - අයිස්ක්රීම් කැලරි 207 මේදය ග්රෑම් 11 යි ප්රෝටීන් ග්රෑම් 3.5 යි කාබෝහයිඩ්රේට් ග්රෑම් 24 යි ශීත කළ යෝගට් සහ අයිස්ක්රීම් වල සෞඛ්ය ප්රතිලාභ ජීර්ණය සදහා යෝගට් සුළු කෑමක් ලෙස ගත හැකිය. ආහාර සමතුලිතතාවය ඇති කිරීම සඳහා එය ඉතා පහසුවෙන් එකතු කළ හැකි ආහාරයක්. බොහෝ අය උදේ ආහාරය සඳහා පළතුරු සමඟද එය ගැනීමට කැමැත්තක් දක්වයි.

 

ශීත කළ යෝගට් වල සෞඛ්‍යමය වාසි,

 

ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට යහපත් වන ප්රෝබයොටික් ජීර්ණය වඩා පහසු කරයි. ශීත කළ යෝගට් යම් ආකාරයක ආමාශගත පිළිකා හෝ බඩවැල් පිළිකා වැළැක්වීමට උපකාරී වේ. පාචනය ඇති විටද එය ඔබේ බඩට ගුණදායක වෙයි. අයිස්ක්රීම් විශාල වශයෙන් නොගත යුතුය. එසේ නොවුවහොත් එය ඔබේ සෞඛ්යයට බලපායි. මෙය සිදුවන්නේ එහි අධික කැලරි, සංතෘප්ත මේද හා සීනි අන්තර්ගතය නිසාවෙනි. යෝගට් වැනි සෞඛ්ය සම්පන්න ආහාර වුවද විශාල වශයෙන් ගැනීමෙන් ඔබේ සෞඛ්යයට අහිතකර විය හැකිය. ඔබ පරිභෝජනය කළ යුතු කැලරි ප්රමාණය අනුව එය ඔබේ ආහාර සැලැස්මට ගැලපේ. අයිස්ක්රීම් වලට සෞඛ්යමය වාසි රැසක් නොමැත.

 

 

යමෙකු දිනකට කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුද?

 

අයිස්ක්‍රීම් නොව සෑම දෙයක්ම සීමාව ඉක්මවා පරිභෝජනය නොකළ යුතු අතර, එය ඔබේ ශරීර සෞඛ්යයට බෙහෙවින්ම බලපානු ඇත. වැඩිපුර හෝ අධික ලෙස පරිභෝජනය කිරීම බොහෝ විට රෝගාබාධ හා සෞඛ්ය ගැටලු ඇති කරයි. යමෙකු ආහාර වේල සමබර කර ගන්නේ කෙසේද යන්නත් පෝෂ්යදායී ආහාර වේලක් ගත යුතු ආකාරයත් හොඳින් දැන සිටිය යුතුය. ශීත කළ යෝගට් දිනකට ග්රෑම් 80-100 දක්වා පරිභෝජනය කළ හැකිය. එහෙත් අයිස්ක්රීම් සතියකට වරක් පමණ ගැනීම සුදුසුයි. විශේෂයෙන්ම සෞඛ්ය වේදීන් පවසන පරිදි "අයිස්ක්රීම් වලට වඩා යෝගට් හොඳයි, මන්ද සංතෘප්ත මේද හා සීනි ප්‍රමාණය අයිස්ක්‍රීම් වැඩි ප්‍රතිශතයක් ගන්නා නිසා. එබැවින් දියවැඩියා රෝගීන් හෝ හෘදයාබාධ ඇති අය හෝ බර අඩු කර ගැනීමට කැමති අයට, ශීත කළ යෝගට් අයිස්ක්රීම් වලට වඩා හොඳ විකල්පයකි. යෝගට් වල සංතෘප්ත මේදය, කැලරි සහ සීනිත් අඩුය. වෛද්යමය තත්වයන් තුළ යෝගට් අයිස්ක්‍රීම්වලට වඩා හොඳය. අවසාන ලෙස ශීත කළ යෝගට් සහ අයිස්ක්‍රීම් අතර පෝෂණ කරුණු සංසන්දනය කළ විට සෞඛ්ය ප්රතිලාභ සහ නිගමනය ලෙස, ඔබට සුදුසු වනුයේ ශීත කළ යෝගට් හෝ අයිස්ක්රීම් ප්රමාණයන් ගැන ඔබ ඔබේ ආහාරවේදියෙකුගේ හෝ පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබා ගත හැකිය. ඔබට මේ දෙකම භුක්ති විඳිය හැකිය, එහෙත් කුඩා ප්‍රමාණ වලින්.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1112 Views

Comments

arrow-up