සාර්ථකත්වයට මග

පරාජය හෝ අසාර්ථකත්වය ඔබව කිසිදාක පරාජයන්ගෙ පසුබැස්වීමට ඉඩ නොතැබිය යුතුයි. සාර්ථකත්වයට යාමට නම් ඔබට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව ඇති කරගත යුතුයි. එසේ අභියෝගයන් ජයගත් කළ ඔබට අදහාගත නොහැකි වූ ජයග්රහණයන් ඔබ වෙත ඇදී එනු ඇත. සාර්ථකත්වය කිසිදාක ඔබේ ළඟට එන්නේ නැත. සාර්ථකත්වය ලැබෙන්නේ ඒ වෙනුවෙන් මහන්සි වන අයට පමණි. එය ලබා ගැනීමට ඔබ අසීමිත උත්සාහයක යෙදිය යුතු වනවා. සාර්ථකත්වයට යන මාර්ගයේ ඔබට විවිධාකාර වූ පරාජයන්ට , වැටීම් වලට මුහුණ දෙන්නට සිදුවනවා.
නමුත් වැදගත්ම කරුණ වන්නේ " පරාජය අභියස බියට පත්ව උත්සාහය අත් නොහැරීමයි " ජීවිතයේ සාර්ථක වීමට නම් ඔබට අත් නොහරින උත්සාහයක් අවශ්යයි. ඔබ මේ අවස්ථාවකට මුහුණ දීමේදී අවබෝධ කර ගත යුත්තේ එම අවස්ථාවේ සෘණාත්මක හා ධනාත්මක ලෙස පැතිකඩ දෙකක් ඇති බවයි. එමගින් සෑම විටම ඔබගේ මනස ධනාත්මක පැතිකඩ වෙත යොමු කළ යුතු වෙනවා. කල්පනාකාරීව , ධෛර්යය සම්පන්නව, ඉදිරියටම යන ගතිය ඔබ ඔබ තුළම ඇති කර ගතහොත් ඔබගේ ජයග්රහණය කරා යාම කිසිකෙනෙකුට නැවැත්විය නොහැකියි. සෑම විටම ජීවතයේ ඉලක්කයක් ඇති කර ගන්න.
ඔබේ සාර්ථකත්වයක් යන ගමන කොටස් 02 කට බෙදාගන්න. ප්රථම කොටස ලෙස ඔබ ඔබේ ජයග්රහණය පිළිබඳව මනසෙහි ඇතිකර ගන්නා දැක්මයි. දෙවනුව ඒ සඳහා ඉලක්කයක් හදුනාගනිමින් ඒ වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමයි. ඔබේ සාර්ථකත්වය පිළිබඳව ඔබ අවධානයෙන් සිටින්න. ඔබේ ඉලක්ක තුළ ඔබ කෙතරම් දුරට සාර්ථක වී ඇත්දැයි ඔබම සොයා බලන්න. ඒ අනුව ඔබගේ ඉලක්ක නිශ්චිත , නිවැරදි හා ප්රායෝගික විය යුතු බවද මතක තබාගන්න. සාර්ථකත්වයට බලපාන තවත් වැදගත් කරුණක් නම් කිසිදිනක පරාජයට බිය නොවීමයි.
ඔබ වරක් යම් දෙයකින් පරාජය වීම ඔබ නැවතත් එයින් පරාජය වනවා යන්න නොවෙයි. ඔබේ පරාජයකට ඔබ බිය වීම තුළින් ඔබ ඒ යන්නට උත්සව කරන ගමනේ එක් අඩියක් නැවතත් ආපස්සට යාමයි. මේ බිය නැති කර ගත් දිනට ඔබගේ සාර්ථකත්වය ඔබ කරා ලගා වේවි. යම් ගැටළුවක් මතු වූ විටදී හෝ ඔබ යම් අවස්ථාවකදී පරාජය වුවහොත් එයට බියෙන් සිටීමට වඩා එයට හේතුව සෙවීම අත්යාවශ්යයි. ඒ සඳහා දැනුමැති අයෙකුගේ සහයද ඔබට ලබා ගත හැකි වනවා. ඔබගේ ගැටළු සමඟ ඔබම සටන් කර විසදා ගත යුතු වනවා. ඔබ කරන ඕනෑම දේකට අකුල් හෙලන හෝ ඔබව පසුපසට ගෙන යාමට බොහෝ දෙනා විවිධ වූ මතිමතාන්තර දරාවි. ඔබට ඒ ගැන පවසාවි. එහෙත් ඒ හැම දෝෂාරෝපණයක් ගැනම ඔබ ධනාත්මකව වැරදි නිවැරදි භාවය පිළිබඳව සිතා බැලීම කළ යුතුයි. එහි වැරැද්දක් නොමැත. එයින් ඔබට ඔබේ සාර්ථකත්වයට වටිනා කියන අදහස්ද තිබෙන්නට පුළුවන්. එමගින් ඔබේ අඩුපාඩු නිවැරදි කරගනිමින් ඔබේ සාර්ථකත්වයට යන ගමන පැහැදිලිව ළගා කර ගත හැකි වනවා නොඅනුමානයි.
by Kaushalya De Silva
Photo source : Internet
827 Views
Comments