ආයෝජක ගිවිසුමක නෛතික තත්ත්වය ගැන ඔබ දැනුවත්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

ආයෝජක ගිවිසුමක නෛතික තත්ත්වය ගැන ඔබ දැනුවත්ද

ආයෝජක ගිවිසුමක නෛතික තත්ත්වය ගැන ඔබ දැනුවත්ද

ගනුදෙනු ආරම්භ කිරීමට ප්‍රථම කොටස් තැරැව්කාර ආයතනය සහ ආයෝජකයා යන දෙදෙනා ආයෝජක ගිවිසුමක් අත්සන් කළ යුතුයි. එය කොටස් තැරැව්කාර ආයතනය සහ ආයෝජකයා එකතුව අත්සන් කරන ගිවිසුමකි. එම ආයෝජක ගිවිසුමේ අඩංගු කරුණුවලට කොටස් තැරැව්කාර ආයතනයේ සම්පූර්ණ නම, ඒ ආයතන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ඇති ආයතනයක් බව සහ ඒ ආයතනය පිළිබඳ සම්පූර්ණ විස්තර අඩංගු වෙයි. ඊට අමතරව ආයෝජකයාගේ සම්පූර්ණ විස්තර එහි ඇතුලත් කළ යුතුයි. එනම් ආයෝජකයාගේ සම්පූර්ණ නම, හැදුනුම්පත් හෝ විදේශ ගමන් බලපත්‍රයේ අංකය, ලිපිනය ආදී තොරතුරු අඩංගු වෙයි. එමෙන්ම මෙම තොරතුරු පසුකාලීනව යම්කිසි ආකාරයකින් වෙනස් වුවහොත් ඒ තොරතුරු නැවත ලබා දෙනවායැයි යන්න ද මෙහි ඇතුළත් විය යුතුයි. එමෙන්ම කොටස් තැරැව්කාර ආයතනය සහ අයකරන තැරව්කාර ගාස්තුව කුමක්ද අනෙකුත් ගාස්තු මොනවාද යන්න ආයෝජක ගිවිසුමේ ඇතුළත් විය යුතුයි.

එමෙන්ම කොටස් වෙළඳපලේ පවතින අවදානම ආයෝජකයා විසින් හඳුනාගෙන ඇති බවට සම්පූර්ණ ප්‍රකාශනයක් ආයෝජක ගිවිසුමේ දී ආයෝජකයා අත්සන් කළ යුතු අතර ආයෝජක උපදේශක ඒ සම්බන්ධයෙන් පහදා දුන් බවට ආයෝජන උපදේශක ද අත්සන් කළ යුතුයි. අප ආයෝජක ගිවිසුමක් යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. කොටස් තැරැව්කාර ආයතනයක් සමඟ සම්බන්ධ වන පුද්ගලයකු ගනුදෙනු ආරම්භ කිරීමට ප්‍රථම මෙම ආයෝජක ගිවිසුම අනිවාර්යෙන්ම අත්සන් කළ යුතුයි. මීට අමතරව එම ආයෝජකයා එම ආයෝජක ගිවිසුම අත්සන් කර ගණුදෙනුව ආරම්භ කිරීමට සූදානම් වීමේ දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ ඔහු කොටස් ගනුදෙනු කිරීමේදී කොටස් තැරැව්කාර ආයතනයට කොටස් ගනුදෙනු කිරීමට සම්පූර්ණ බලතල ලබා දෙන්නේ ද, නැත්නම් ආයෝජකයා විසින් කොටස් ගනුදෙනු කරන්නේද යන්නයි. එනම් ආයෝජකයා වෙනුවෙන් කොටස් ගනුදෙනු කිරීමට යම් කොටස් තැරැව්කාර ආයතනයට බලය පවරන්නේ නම්, ඊට ප්‍රථම ගිවිසුමක් මගින් අදාල කොටස් තැරැව්කාර ආයතනයෙ ආයෝජන උපදේශකට ඒ සඳහා ලිඛිත අවසරය ලබාදිය යුතුයි. අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම යනුවෙන් මෙය හඳුන්වයි.

 

 

 


මෙම ආයෝජක ගිවිසුම සහ අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුම සම්බන්ධයෙන් බොහෝ ආයෝජකයන්ට අවබෝධයක් නොමැති අතර ඔවුන් කොටස් තැරැව්කාර ආයතනයට ගිය විට CDS ගිණුමක් ආරම්භ කිරීමට ලබාදෙන අයදුම්පත්‍රය සමඟ ආයෝජක ගිවිසුමත්, අභිමතය පරිදි ගනුදෙනු කිරීමට බලය පැවරීමේ ගිවිසුමත් ඒ සමගම අත්සන් කරන ආකාරය දැකිය හැකියි. එහිදී තමන් මෙසේ අත්සන් කරන්නේ කුමකටද යන්න පිළිබඳ බොහෝ ආයෝජකයන් සොයා බැලීමක් නොකරයි. ඒ නිසා ඇතැම් අවස්ථාවල ආයෝජක උපදේශකගේ අභිමතය පරිදි කොටස් ගනුදෙනු කිරීමේ ගිවිසුමට ද ඇතැම් ආයෝජකයන් අත්සන් තබයි. තවත් අවස්ථාවල අත්සන් කළ යුතු තැන් වල පමණක් ආයෝජක අත්සන්කර ඉතිරි සියල්ල කොටස් තැරැව්කාර ආයතනයට පුරවා ගන්නා ලෙස පවසන ආයෝජකයන් ද දැකගත හැකියි. නමුත් කිසිදු ආකාරයකින් එවැනි දෙයක් සිදු නොකළ යුතු අතර අදාළ ලේඛන සම්පූර්ණයෙන් කියවා බැලීමට ආයෝජකයා කටයුතු කළ යුතුයි. ඒ සමගම යම් කිසි දෙයක් පැහැදිලි නැත්නම් තේරුම් ගැනීමට අපහසු නම් අදාල ලේඛන පැහැදිලි නොමැති බව එම ආයෝජන උපදේශකට පැවසිය යුතුයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

540 Views

Comments

arrow-up