ඔබට අමතක වුණ ගර්ඩ් රෝගය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

ඔබට අමතක වුණ ගර්ඩ් රෝගය

ඔබට අමතක වුණ ගර්ඩ් රෝගය

මේ සූදානම් වන්නේ අපට නිතර වැලඳෙන නමුත් වැඩි අවදානයක් නොගන්නා රෝගී තත්වයක් පිළිබඳවයි. Gastro Esophageal Reflux Disease නැත්නම් කෙටියෙන් GERD ලෙස හඳුන්වන්නේ ආමාශයේ ඇති අම්ල හෝ අම්ල හා මිශ්ර වූ ආහාර කොටස් හෝ පිත ගලනාලය තුළට ආපසු ගැලීමේ රෝග තත්ත්වයයි. මිනිසුන් සිරුරේ ගලනාලයේ ශ්ලේෂ්මල පටලය ආමාශයික අම්ලවලට ඔරොත්තු නොදෙන නිසා ඇතිවන හානියෙන් රෝගියාට මෙම රෝගයේ ලක්ෂණ පහළවේ.

 

මෙම 'ගර්ඩ්’ GERD රෝගය ඇතිවීමට බලපාන හේතු අතර ප්රධාන වන්නේ ගර්භණීභාවය, ස්ථුලභාවය, දුම් පානය, හයේටස් හර්නියා (Hiatus Hernia) වැනි තත්වයන්. ඊට අමතරව ඇතැම් ඖෂධ වර්ග, මානසික ආතතිය, ආහාරවල රසායනික සංයුතිය, ඇතැම් චොක්ලට්, කැෆේන්, මධ්යසාර, වර්ග හා හයිඩ්රොක්ස් ට්රිප්ටැමින් හෙවත් සෙරටොනින් සංයෝගයන් මීට බලපානවා. මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස

 

නැවෙන විට, නිදාගන්නා විට හා කෑමෙන් පසු ඇතිවන පපුවේ හා උගුරේ දැවිල්ල

උගුරට වාතය හෝ ඇඹුල් රසට ඒම

හුස්ම ගැනීමේදී ඇතිවන අපහසුව

රාත්රී නින්දේදී ඇතිවන කැස්ස

ගිලීමේ අපහසුතාව

කටහඬ වෙනස්වීම

හිසරදය

වමනය

රක්තහීනතාවය ඇතිවේ.

 

මෙම රෝගය විනිශ්චය සඳහා වෛද්යවරුන් එන්ඩොස්කොපි පරීක්ෂණය (Upper Endoscopy), ගලනාලය කෙළවර ඇති වෙනස්කම්, ගලනාලය හා ආමාශය අතර ඇති සන්ධියට ඇති දුර මැනීම හා ගලනාල කෙළවර ආම්ලිකතාවය හා PH අගය මැනීම සිදු කරයි. එසේම ගලනාල කෙළවර පීඩනය මැනීම ඉහත පරීක්ෂණවලින් රෝගියාට හයේටස් හර්නියා (Hiatus Hernia) තත්ත්වය ඇත්දැයි තහවුරු කරගත හැක. ආමාශයේ ආම්ලිකතාවය මර්ධනය කරන ඖෂධ වර්ග, ආහාර ආපසු ගැලීම අඩු කරන ඖෂධ, එන්ඩොස්කෝපය තුළින් කරන ප්රතිකාර ශල්යකර්ම – විවෘත හා ලැපරොස්කොපි ශල්යකර්ම මෙම රෝගය සඳහා වෛද්යවරුන් සිදුකරන ප්රතිකාර වේ ගර්ඩ් (GERD) රෝගය වළක්වා ගැනීමට නම් ඔබ

 

1. සිරුරේ ස්ථුලභාවය අඩුකරගැනීම

2. මධ්යසාර ගැනීමෙන් හා දුම් පානයෙන් වැළකීම

3. අනවශ්ය ලෙස චොක්ලට්, තේ කහට, කෝපි, මයිට් වර්ග ගැනීමෙන් වැළකීම

4. මේද අධික ආහාර නිතර ගැනීමෙන් වැළකීම

5. නිදාගැනීමේදී ඇඳේ හිස පැත්ත ඉස්සෙන සේ නිදාගැනීම

6. ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වැළකීම

7. මානසික ආතතිය අඩුකර සැහැල්ලුවෙන් සිටීම වැනි ක්රම අනුගමනය කළ යුතුය.

 

 

මීට අමතරව ගර්ඩ් (GERD) නිසා ඇතිවිය හැකි වෙනත් සංකූලතා තිබෙන බව ඔබ දන්නවාද? ඒ අනුව ආපසු ගලන අම්ල, ආහාර කොටස් හේතුවෙන් ස්වරාලය, උගුර, හිස් කබල් කුහරවල ආසාධිතතාව ඇතිවීත් ගලනාලයේ කෙළවර තුවාල සුවවීමේදී ගලනාලය සිහින්වීම හා ආමාශයේ ශ්ලේෂ්මල පටලය ගලනාලය තුළට ලියැලීම මෙන්ම ගලනාලය කෙළවර පිළිකා හටගැනීම දැකිය හැක.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1099 Views

Comments

arrow-up