නඩු පැවරිය හැකි කාලසීමා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

නඩු පැවරිය හැකි කාලසීමා

නඩු පැවරිය හැකි කාලසීමා

මේ සූදානම් වෙන්නේ නඩු පැවරීම සදහා ගත යුතු කාල පරාසයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්න.

මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වුවහොත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කොට තිබෙන මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී දින තිහක් 30ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් තමන්ගේ අයිතීන් තහවුරු කරගැනීමට පියවර ගත යුතුයි. දින 30 සීමාව ගණනය කිරීමේදී සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දින ද ද ඇතුළු දින 30ක් ඇතුළත අදාළ පැමිණිලි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළයුතුයි. දින ගනණය කිරීමේ නිවාඩු දින, දින තිහේ සීමාවට බලපාන්නේ නැත. මානව හිමිකම් කොමිෂන් සභාව මගින් නිර්දේශයක් ඉදිරිපත් කර තිබේ නම් එකී නිර්දේශයන් පිළිබඳව තෘප්තිමත් නොවනවානම් නිර්දේශය ලැබි දින 30 ඉක්ම යාමට පළමුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට පියවර ගතයුතු වෙනවා.

 

 

 


වෙනත් අයිතිවාසිකමක් කඩවූ විට

ලියා සකස් නොකරන ලද වාචික ගිවිසුමක් උල්ලංඝනය වූ විට නඩු නිමිත්ත උද්ගත වූ අවස්ථාවේ සිට අවුරුදු හයක් ඇතුළත නඩු පැවරිය යුතුයි. ලියා සකස් කරන ලද ලිඛිත ගිවිසුමක් උල්ලංඝනය වූ වූ විට නඩු නිමිත්ත උද්ගත වූ අවස්ථාවේ සිට අවුරුදු හයක් ඇතුළත නඩු පැවරීම අවශ්‍ය වෙනවා. චෙක්පත් විනිමය බිල්පත් පොරොන්දු නොට්ටු එකඟවීමේ ගිවිසුම් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන්ද මේ කාලසීමාව අදාළ වෙනවා.

භාණ්ඩ විකිනීමේ ගිවිසුමක් උල්ලංඝනය වූ විට නඩු නිමිත්ත පැනනැගී අවුරුද්දක් ඇතුළත නඩු පැවරිය යුතුයි. තමන්ට සිදුවන ශාරීරික මානසික පීඩා සම්බන්ධ හානියකදී එම සිදුවීම සිදුවී අවුරුදු දෙකක් ඇතුළත නඩු පැවරිය යුතුයි. යම් ඉඩමක භුක්තිය අහිමි වුවහොත් එම අහිමි වූ දිනයේ සිට වසර දහයක් ඇතුල්ත නීතිය හමුවට යා යුතු වෙනවා. ඉඩමක් හෝ වෙනත් නිෂ්චල දේපලක් සම්බන්ධ නඩුවකදී එවැනි නඩුකරයක් පවරන අවස්ථාවකදී පැමිණිලිකරුට එරෙහිව විත්තිකරු විසින් ආබාධිත වූ ස්වාධීන හිමිකමක් පාන විට එම නඩුකරය පැවරීමට ප්‍රථම අවුරුදු 10ක් තුළ විත්තිකරුගේ අඛණ්ඩව නිරවුල් භුක්තිය ඔප්පු කිරීම මත විත්තිකරුට වාසි සහගත තීන්දුවක් ලබා ගත හැකි වෙනවා. උකසට යටත් දේපළකට අදාල අවුරුදු දහයක කාලය දහයක කාලය ඉකුත් වීමට පෙර නඩුමගට යා යුතු වෙනවා. ගෙවල් කුලී මණ්ඩලය වෙත ඉල්ලීමක් කළ අවස්ථාවකදී මාස හයක කාලයක් තුළදී තුලදී හෝ සාධාරණ කාලයක් තුළදී ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු අතර ගෙවල් කුලී මණ්ඩලයේ තීරණය තෘප්තිමත් නොවන බවට එම තීන්දුව දීමෙන් දින 21ක් ඇතුළත ගෙවල් කුලී සමාලෝචන මණ්ඩලයට අභියායචනා ඉදිරිපත් කළ හැකි වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

652 Views

Comments

arrow-up