දරුවන් විභාග අසමත් වන්නේ ඇයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
18

දරුවන් විභාග අසමත් වන්නේ ඇයි

දරුවන් විභාග අසමත් වන්නේ ඇයි

විභාග අසමත් වීම කෙරෙහි හේතු රාශියක් බලපායි. විභාගය පිළිබඳ ඉතා සැහැල්ලුවෙන් සැලකීම ඉන් එක් කරුණකි. එනම් සමහර ශිෂ්‍යයන් විභාග ප්‍රතිඵලය වාසනාව මත පමණක් රඳා පවතින්නක් බව සිතා දෛනික පාඩම් කටයුතුවල නියැළීම සහ දේශනා වලට සවන් දීම පමණක් සිදු කරයි. ඔවුන් විභාගයට විශේෂයෙන් සූදානම් වීමක් නොකරන බැවින් අසමත් විය හැක. එම නිසා විභාගයට කල්තියා සූදානම් වීම අත්‍යවශ්‍යයි. තවද සමහර ශිෂ්‍යයන් පාඩම් මාලාවේ යම් කොටසකට පමණක් අවධානය යොමු කර පාඩම් කිරීම සිදුකරයි. එනම් එම කොටස් විභාගයට ලැබීමට වැඩි ඉඩක් පවතින බව අනුමාන කර ඒවා පමණක් පාඩම් කිරීමයි. එවිට අනෙකුත් කොටස් මගහැරී යාමෙන් විභාගයේ දී නිසි ලෙස පිළිතුරු සැපයීමට නොහැකි වේ. අහන්ඩ පාඩම් කිරීමේදී කිසිදු කොටසක් මග නොහැරෙන සේ පූර්ණ විෂය මාලාව හොඳින් අධ්‍යයනය කළ යුතුයි. විවිධ ගුරුවරුන් යම් යම් කොටස් පෙන්වා විභාගයට ඒවා පමණක් ඇසිය හැකි බව පැවසුවද එය අවිනිශ්චිත ය. විෂයමාලාවේ ඕනෑම ස්ථානයකින් අසන ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට ශිෂ්‍යයාට හැකි විය යුතුයි.

ඇතැම් ශිෂ්‍යයන් කොතෙකුත් පාඩම් කළ ද ප්‍රමාණවත් නොවන බව සිතා විවේකයකින් තොරව වැඩවල යෙදෙති. නිසි ලෙස ආහාර පාන ගැනීම ප්‍රමාණවත් විවේකය සහ නින්ද විභාගයකට හැඳින් මුහුණදීම සඳහා අත්‍යවශ්‍ය සාධකයන්ය. විවිධ ශිෂ්‍යයන් සමබර ලෙස පාඩම් කිරීමත් අන්තගාමී නොවී පාඩම් කටයුතු සංවිධානය කර ගැනීමෙන් විභාගයට නිර්භයව මුහුණ දිය හැකි කායික සහ මානසික ශක්තිය ගොඩනගා ගත හැක. සෘණාත්මක ආකල්පවලින් බැහැරව විභාගය කෙරෙහි සුබවාදී සිතුවිලි සහිතව බැලීම ද එයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ධෛර්යය ලබා දෙයි. බොහෝවිට විභාගයක් මගින් අනාගත වෘත්තිය මාර්ගය තීරණය කළද ඉහළ පන්තියට පිවිසීම තීරණය කළද විභාගය මගින් ඇති කරන පීඩනය පසෙක දමා පාඩම් කටයුතු සිදුකළ යුතුයි. විභාගය අසමත් වීමට ඇති නැඹුරුතාවය අමතක කර ඔබ සමත්වීමට ඊට වඩා වැඩි නැඹුරුවක් ඇති බව ද විභාග යනු විනාශයක් නොව තවත් එක් අභියෝගයක් පමණක් බව සලකා ඊට මුහුණ දිය යුතුයි.

 

 

 


විභාග සාමාන්‍යයෙන් සැකසෙන්නෙ බහුතරයක් ශිෂ්‍යයන් හට සමත් විය හැකි ආකාරයටයි. එබැවින් ඔබට ද සමත් වීමේ විශාල ඉඩකඩක් පවතින බව සිහි තබා ගන්න. ඔබ කැපවී විභාගය සඳහා පුනරීක්ෂණ කටයුතු සිදුකළහොත් නිසැකවම ඉන් ඉතා උසස් ප්‍රතිඵලයක් ලබාගත හැකිවනු ඇත. නමුත් මේ අයුරින්ම තමා ගැන අධි තක්සේරුවකින් පසුවීම ද සිදු නොකළ යුතුයි. තමා හැකි උපරිමයෙන් විභාගය සඳහා මුහුණ දෙන බවටත් තමා කළ කාර්යය ප්‍රමාණයට අනුරූපව ප්‍රතිඵල ලැබෙන බවත් සලකා ඒ සඳහා කැපවිය යුතුයි. එසේ නොවුණහොත් ප්‍රතිඵල පැමිණෙන විට පසුතැවිලි වීමටත් දුක් වීමටත් සිදුවනු ඇත.

 

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

644 Views

Comments

arrow-up