පරිසර හිතකාමී කාන්තා අත් බෑග්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

පරිසර හිතකාමී කාන්තා අත් බෑග්

පරිසර හිතකාමී කාන්තා අත් බෑග්

විලාසිතා ලෝකය දිනෙන් දින අළුත් වනවාත් සමඟම විවිධ මාදිලියේ ඇදුම් විලාසිතා, කොණ්ඩා මෝස්තර, සපත්තු, අත්බෑග් වැනි දෑත් වෙනස් වනවා. මේ වන විට විලාසිතාවන් නිර්මාණය කරන නිර්මාණකරුවන් බොහෝ සෙයින් පරිසර හිතකාමී බව පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනවා.

මේ නිසාම ලොව ප්‍රසිද්ධ ඉතාලියානු විලාසිතා මන්දිරයක් වන බොටෙගා වෙනෙටා විසින් 2020 වසරට නවතම මාදිලියේ පරිසර හිතකාමී 100% ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අත් බෑගයක් හදුන්වා දුන්නා.

සාමාන්‍යයෙන් අත් බෑගයක් කියලා කියන්නේ ගමනක් බිමනක් යනකොට කාන්තාවකට අත්‍යවශ්‍ය බෑගයක් වගේම ගොඩක් දෙනා අතේ අනිවාර්යයෙන්ම අපි දකිනා දෙයක් කෙසේ වෙතත් බොටෙගා වෙනෙටා විලාසිතා මන්දිරය මේ අත්බෑගය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ " ක්‍රාෆ්ට් " නම් කොළයයි ( Kraft paper ).

මෙය 100 % ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් නිශ්පාදනය සඳහා යොදා ගන්නා කොළයක්. මෙහි කල්පැවැත්ම සඳහා ඔවුන් ඇල්ෆැටික් පොලියුරෙතින් ස්ථරයක් හා විශේෂිත වූ මයික්‍රො ෆයිබර් රෙද්දකින් ආවරණය කර ඇත.

මෙහි තෝරා ගැනීමට වර්ණ කිහිපයකින්ම පාරිභෝගිකයාට ලබා දී ඇති අතර සුවිශේෂීම කරුණ වන්නේ ජලය ඔරොත්තු දීමේ ( Water proof ) හැකියාවයි.ඒ නිසා කොළ වලින් සැකසූ හෑන්ඩ් බෑග් නිසා යැයි සිතා කල්පැවැත්ම ගැන බිය විය යුතු නැත.

 


මෙය සුප්‍රසිද්ධ හා නිර්මාණශීලී විලාසිතා නිර්මාණ ශිල්පී ඩැනියෙල් ලී ගේ අදහසකට අනුව නිපදවූවක්.මීට අමතරව බොටෙගා වෙනෙටා විලාසිතා මන්දිරය විසින් මෙම කොළය යොදා ගනිමින් විශේෂිත වූ ඇදුම් නිර්මාණ කිහිපයකුත් එළි දක්වලා තිබෙනවා.

විලාසිතාවන්ට කැමති මෙන්ම පරිසර හිතකාමී ඔබට මෙම ආරංචිය සුභ ආරංචියක් වනවා නොඅනුමානය.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

928 Views

Comments

arrow-up