ඔබටත් සාර්තක නායකයෙකු වීමට අවශ්‍ය නම් අනිවාරයෙන්ම මේ දේවල් ඇති කර ගන්න

නායකයෙක් කියල ගත්තම ඉතා සංකීර්ණ මාත්‍රුකාවක් අපට කතා කරන්න පුලුවන්. ඉතින් මේ සාර්තක නායකයෙක් වෙන්න නම් ඕනම කෙනෙක්ට තියෙන්න ඕන ලක්‍ෂණ ටිකක් තියනව. අන්න ඒ ගැන කතා කරන්න තමයි මම මේ යන්නෙ. හොදයි මම ඒ සියල්ල එකින් එක ගෙනහැර දක්වනන්නම්. මුලින්ම අපි කතා කලොත් සාර්තක නායකයෙක් වෙන්න තියෙන්න ඕන පළමුවැනි ගුණාංගය ලෙස මම දකින්නෙ ඇයි කියන කාරණාව, එනම් මෙම තනතුර ඔහුට ලබුනේ ඇයි කියන කාරණාව ගැන දැනගෙන සිටීම. මේක ඕනම නායකයෙක්ට අදාල වෙන්න පුලුවන්. ඒ කියන්නෙ මේක යම් කිසි ආයතනයක වැඩ කරන කෙනෙක්ට හෝ වෙන්න පුලුවන් එහෙමත් නැත්තම් යම්කිසි ක්‍රීඩා කණ්ඩායමක නායකයෙක් වෙන්න පුලුවන් නැත්නම් පාසලක නායකයෙක් වෙන්න පුලුවන් මේ ආකරයේ ඕනම නායකයෙක්ට මේ ගුණාංගය ගැලෙපෙනවා. මේක ඕනම කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතයකට පවා ගැලපෙනවා. මේක තවත් සරල විදියට කියනවා නම් ඔහුගේ කාර්‍යය බාර්‍යය පිලිබදව හොදින් අධ්‍යනයකින් යුතුව දැනගෙන සිටීම.
මීලග ගුණාංගය විදියට මම දකින්නෙ සන්නිවේදනය. මේකත් අර කලින් කිව්ව වගේ ඕනම නායකයෙක්ට ගැලපෙනවා. මේ සන්නිවේදනය කියන එක කෙනෙක්ට හිතෙන්න පුලුවන් නායකයෙක්ට විතරයි හොද සහ ගැලපෙන්නෙ කියල. නෑ එහෙම නැහැ. ඒක කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතයේ එදිනෙදා කටයුතු වලට පවා වැදගත් වෙන්න පුලුවන්. කෙනෙක් අහුවොතින් ඇයි මේ සන්නිවේදනය කියන ලක්‍ෂණය තියෙන්න ඕනෙ කියල අහුවොතින් එම ඒ සදහා හොද උදාහරණ කිහිපයක් අපට ගන්න පුලුවන්. ඒ තමයි මේ ලෝකෙ ඉන්න සහ හිටපු නායකයන් ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් ඔබටම දැන ගන්න පුලුවන්. මේක පැහැදිලි කරන්න මම හිට්ලර් ගෙන් පටන් ගන්නව. හිට්ලර් ගේ පෞද්ගලික මතය වෙනස් වෙන්න පුලුවන්. නමුත් ඒක අපිට අදාල නෑ අපි ගන්න ඕන ඕනම දෙයකින් හොද දේ විතරයි. ඔබ ඔහුගේ කතාවන් එම අහුවා නම් ඒවායේ ඔහුගේ සන්නිවේදන හැකියාව 100% ක් කියල ඉයන්න පුලුවන්. මොකද ඒ තරම්ම ඔහු මොනවා හෝ දෙයක් කතා කරන විට එහි ඇති අර්තවත් බව, එහෙමත් නැත්තම් එහි පැදිලි බව මනාවට ඉස්මතු වෙන්න කියන්න පුලුවන් වීම අනිවාරයෙන්ම ඕනම නායකයෙකුට තිබිය යුතුමයි. මේ වගේම තවත් චරිතයක් තමයි බැරක් ඔබාම. ඔහුගේ කතාවන් වලත් ඔබ ඇහුවා නම් ඔබට තේරුම් යාවි ඒවා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට සහ හරි සරල අයුරින් තමයි ඔහු කතා කරන්නෙ. මේ වගේම මේ ලෝකෙ දිනපු හැම නායකුගෙම කතාවක් අරන් බැලුවොත් ඔබට තේරෙයි ඒවායේ තිබෙන මේ කියන ලක්‍ෂණය මොකද්ද කියල.
මීලග ගති ලක්‍ෂණය තමයි ක්‍රියාවෙන් වැඩ පෙන්වීම. මේක ඉතාමත් වැදගත් ඕනම පුද්ගලයෙකුට. මොකද අද බොහෝ දෙනා වැඩ කතාවෙන් විතරයි. නමුත් ඒ වැඩ ක්‍රියාවට නංවන්නේ නැහැ. නමුත් සිදුවිය යුත්තේ කතාව අඩුවෙන් කරල වැඩ වැඩියෙන් කෙරීමයි. ඔබට පවා ජීවිතයේ ඕන තරම් මුණ ගැහිල ඇති නිකන් කතාවෙන් විතරක් වැඩ කියන නමුත් ක්‍රියාවට නංවන්න ගියාට පස්සෙ ඒ කිසි දෙයක් නැති අයව. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් කිසිම දාක හොද නායකයෙක් වෙන්න කවදාවත්ම සුදුසු නැහැ. මොකද හරි නායකයෙක් කටින් කිසි දෙයක් කරන්න යන්නෙ නෑ ක්‍රියාවෙන් පමණයි වැඩ පෙන්වන්නෙ. ඒ වගේම තමයි හොද නායකයෙක් සාමන්‍යයෙන් වැඩි පුර කතා කරන්න යන්නෙත් නැහැ ඔහුට අවශ්‍යය යම් දෙයක් තිබේ නම් ඒ දෙය පමණයි කතා කරන්න යන්නෙ. ඉතිරි සියල්ලම මොහු ක්‍රියාවෙන් තමයි පෙන්නන්නෙ.
මීලග ගුණාංගය ගැන කතා කලොත් ඒකත් නැතුවම බැරි ඕනම කෙනෙක්ට තිබිය යුතුම ගුණාංගයක් තමයි මේ. ඒ තමයි විනය කියන එක. විනය කියන දේ ගත්තාම ඒකට බොහොමයක් දේ අයිති වෙනවා.සාමාන්‍යයෙන් ගත්තාම වෙලාවට වැඩ කරන එකත් මේ විනය කියන යටතට තමයි අයත් වෙන්නෙ. ඒ වගේම වැඩිහිටියන්ට ගරු කිරීමත් විනයයි,හරියට වචන හසුරවීම පවා විනයයි. මේ සියල්ල එක් උනොත් පමණයි හොද නායකයෙක් බිහි වෙන්නෙ.
by Sahan Sandeepa
Photo source : Internet
850 Views
Comments