නිවසට සෙවිලි තහඩු යෙදීමේදී සැලකිලිමත් වෙන්න

නිවසක් ඉදිකිරීමේදී එහි වහලේ කියන්නේ සැලකිලිමත් විය යුතු කරුණු අතරින් ප්‍රධානතම කාරණයක්. නිවසට සෙවිලි තහඩු වර්ග තෝරා ගැනීමේදී මේ ගැන සැලකිලිමත් වෙන්න.
නිවසක වහලය සඳහා අමුද්‍රව්‍ය යෙදීමේදී එම නිවස පිහිටා තියෙන ප්‍රදේශයේ කාලගුණය සහ දේශගුණය පිළිබඳ පිළිබඳව සැලකීම ඉතාම වැදගත් වෙනවා. ඒ අනුව අපේ රට සමකාසන්න රටක්. ඒ නිසා නිතරම දැඩි උණුසුමෙන් අපි පීඩා විඳිනවා. දවල් කාලයේදී එළියට බහින්නේ නැතුව ගේ ඇතුලටම වෙලා හිටියත් උණුසුම මේ දවස් වල දරාගන්න අමාරුයි නේද? මේ නිසා බාල තත්වයේ සෙවිලි තහඩු ඔබේ වහලයට යෙදුවොත් ඔබට සිදුවෙන්නේ උඳුනක් ඇතුළෙ වගේ ජීවත් වෙන්න. ඒ නිසා සෙවිලි තහඩු තෝරා ගැනීමේදී එහි උණුසුම පාලනය කිරීමේ හැකියාව පිළිබඳ හොදින් සොයා බලන්න.
සමහර වෙලාවල් වලට වහලයට යොදන තහඩු වර්ග නිසා විවිධ අනතුරු සිදුවන බව අපට වාර්තා වෙනවා. අකුණු අනතුරු කියන්නේ ඉන් බහුල අනතුරක්. නිවසට යොදා ඇති ලෝහමය සෙවිලි තහඩු නිසා අකුණු සැර වැදී වහලේ නිවස වගේම ඔබත් අවදානමට ලක් වෙන්න පුළුවන්. ඒනිසා එවැනි අවදානම් නොමැති සිවිලි තහඩු වර්ග තෝරා ගන්න ඔබ හැම විටම උත්සාහ කරන්න.
සෙවිලි තහඩු තෝරා ගැනීමේදී කල්පැවැත්ම සහ දිගුකාලීන භාවිතය කියන්නේ සැලකිය යුතු වැදගත්ම කාරණයක්. ඉන් ඔබේ නිවසේ වහලයේ කල්පැවැත්ම තීරණය වෙනවා. ලෝහමය සෙවිලි තහඩු වැස්සට තෙමීම නිසා ඉක්මනින් මල බැඳී දිරා පත් වෙන්න පුළුවන්. නමුත් එසේ සිදු නොවන හොඳ තත්ත්වයේ සෙවිලි තහඩු තෝරාගැනීමෙන් එම තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම උළු සෙවිලි කළ නිවසක උළු බිඳී යන්නත් පුළුවන්. ඒවා අලුත්වැඩියාව නිතර සිදුකරන්න වෙනවා.
නිවසක් තුළ සිදුවිය හැකි තවත් බහුල අනතුරක් තමයි ගිනි අනතුරු කියන්නේ. ඇතැම් අවස්ථාවන්වල සිවිලි තහඩු නිසා නිවසේ ගිනි අනතුරු පැතිරයාම වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා නිසි ක්‍රමවේදයන් ඔස්සේ සකස් කරන ලද ගිනි උවදුරු සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඇති සෙවිලි තහඩු සෑමවිටම තෝරාගන්න.
පරිසරය සුරැකීමටද සිදුකරන දායකත්වයත් මෙහිදී සැලකිලිමත් විය යුතු එක් කාරණයක් වෙනවා. වහලයක් ඉදිකිරීමේදී පරිසරයට වන බලපෑම ඒ නිසා සැලකිලිමත් විය යුතුයි. උළු වහලයක් සකස් කිරීමේදී භාවිතා කරන්න සිදුවන බව ප්‍රමාණය ඉතාම වැඩියි. ඉන් පරිසරයට යම් බලපෑමක් සිදු වෙනවා. මේ නිසා හොඳ තත්වයේ සෙවිලි තහඩු නිවසේ වහලයට යොදාගන්න අමතක කරන්න එපා.
by Dilki Shamani
Photo Source: Internet
873 Views
Comments