රෝග බියෙන් මිදෙන්න ආධ්‍යාත්මික ශක්තිය

මේ දිනවල ශ්‍රී ලාංකිකයන් පමණක් නොව මුළු ලෝකයම රෝග බියෙන් මරණ බියෙන් වෙලී ගොස් තියෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය නොමැති නිසාමයි. කොරෝනා වෛරසය නිසා ලොව පුරා මිනිසුන් දහස් ගණනක් මේ වන විට මියගොස් ලක්ෂ ගණනක් මිනිසුන් වෛරසයට ගොදුරුව රෝගීන් බවට පත්වී තියෙනවා. මේවා ගැන විවිධ අදහස් ප්‍රකාශ වී ඇති අතර එය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් බව කියන අතර තවත් විටෙක කියන්නේ චීන ජාතිකයන් විසින් සර්පයන් ආහාරයට ගැනීම නිසා මෙම රෝගයට ගොදුරු වූ බවත් කියනවා. එය මිනිසුන් මරන්නට සැදූ ජීව අවියක් නම් එය මිනිසුන් තුළ ද්වේශය වෛරය නිසා සිදුවන්නක්. එමෙන්ම ගැනීමෙන් මෙම වෛරසය මිනිසාට බෝවූ බව කියන එක සත්‍ය නම් එතන තියෙන්නේත් මිනිසාගේම පිරිහීමයි.
ආධ්‍යාත්මික ගුණවගාව දුර්වල වීමත් සමඟ රුධිර ධාතුව අපිරිසිදු වෙනවා. අපිරිසිදු රුධිරය ශරීරය පුරා ගමන් කරන විට ශරීරයේ පැවැත්ම දුර්වල වී විවිධ රෝගයන් හට ගන්නවා. යමෙකුට කෝපය හටගත් විට ඔහුගේ මුහුණ පවා දැඩි ස්වරූපයකට පත් වන්නේ රුධිර ධාතුව අපිරිසිදු වීම නිසයි. අනික රුධිර පීඩනය දියවැඩියාව ආදී රෝගයන් ගැන අදහස් ප්‍රකාශ කරන වෛද්‍යවරුන් පවා පවසන්නේ සිතට දැඩි පීඩනයක් ඇතිවූ විට එවන් රෝග පවා වර්ධනය වන බවයි. සිතේ පීඩනය කියන්නේ රුධිර ධාතුවේ අපිරිසිදුකම. සිතේ පීඩනය යනු දුක ශෝකය බිය තැතිගැනීම යන අවස්ථාවන්. එවන් අවස්ථාවන් වල සිතේ ඇතිවන කුසල් නොවෙයි. අකුසල් සිතුවිලි නිසා රුධිර ධාතුව අපිරිසිදු වෙනවා.
මේ වගේ රෝග හමුවේ පවා නොව සියලු මාරාන්තික උවදුරු වසංගත හමුවේ යහපත් ගුණ වගාවකින් යුත් පුද්ගලයන් බිය විය යුතු වන්නේ නැහැ. දිනපතා පැයක පමණ කාලයක් බෞද්ධාගමට අනුව නම් ආනාපානසති භාවනා වැනි භාවනාවක් කොට එයින් ඇතිවන ආධ්‍යාත්මික ශක්තියක් සමඟ තමන්ට මෙන්ම සතුරු මිතුරු සියලු දෙනාට මෙත් වැඩීමට පුරුදු පුහුණු වීම ඉතාම සුදුසු වෙනවා. බොහෝ අය කියනුයේ අපට ඕවා කරන්න වෙලාවක් නැහැ කියලා. එහෙත් ඇත්ත එය නොවෙයි. ඔබට කන්න බොන්න වෙලාවක් තියෙනවා නම් විනෝද වෙන්න ගමන් බිමන් යන්න වෙලාවක් වෙන්කර ගන්න පුළුවන් නම් ආගමික කටයුතු සඳහා ඒවාට පුරුදු පුහුණු වෙන වෙලාවක් නොමැති යැයි කියන්නේ ඇයි? ඔබ දුරකථනයේ එල්ලිලා දවසට පැය කිහිපයක් ගෙවා දමනවාද? ඒ වගේම වැඩකට නැති මිනිසුන්ගේ ඔළු නරක් කරන ටෙලි නාට්‍ය චිත්‍රපටි රූපවාහිනී වැඩසටහන් බලන්න පැය කීයක් දවසට වෙන් කරනවද? මේ ඔබේ පිරිහීමේ ගති ලක්ෂණ. ඒ නිසා මෙම තත්වය තේරුම් ගෙන දිනකට ටික වේලාවක් ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා වෙන් කරගන්න උත්සාහ කරන්න.
by Dilki Shamani
Photo Source: Internet
664 Views
Comments