ඔබට හොඳම ව්‍යායාමය පිහිනීම

යහපත් කායික සහ මානසික සෞඛ්‍යයක් සඳහා දිනපතා ව්‍යායාම කරන්න බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙනවා. එලෙස සිදු කරන ව්‍යායාම සදහා පිහිනීමක් ඔබ තෝරා ගතහොත් ඔබට මේ වාසි අත්කර ගන්න පුළුවන්.
• ඔබේ සිරුරේ නම්‍යතාව වර්ධනය වෙනවා
සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන ව්‍යායාමවල චලනයන් ගුරුත්වාකර්ෂණ බලයට සහ බිම ඇද වැටේවි යැයි යන බිය නිසා සීමා වනවා. නමුත් ජලය තුල ව්‍යායාම සිදු කිරීමේදී විශාල පරාසයක චලනයන් සිදුකිරීමට හැකිවීම නිසා අස්ථි වඩාත් නම්‍යශීලි වනවා.
ජලය තුළ සිදුකරන ව්‍යායාම පිට කොන්ද ප්‍රදේශයේ නම්‍යශීලී භාවයට වඩාත් වාසිදායක වනවා. ශරීර යෝග්‍යතාවයට නම්‍යශීලීත්වය වඩාත් වැදගත් වන නිසා ජලය තුළ ව්‍යායාම සිදුකර නම්‍යශීලීත්වය වර්ධනය කිරීමෙන් ශරීරයේ නිසි සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් ඇති කරගන්නට පුළුවන්.
• ශරීරයේ බර අඩුවේවි
ජලය තුළ සිදුකරන ව්‍යායාම මගින් ශරීරයේ බර පහසුවෙන් අඩුකර ගන්නට පුළුවන්. ව්‍යායාම සඳහා යොදනු ලබන බලය සහ ජලය මගින් සැපයෙන ප්‍රතිරෝධය එකට එක්වීම මගින් ශරීරයට පරිපූර්ණ ව්‍යායාමයක් ලැබෙනවා. ජලජ ව්‍යායාම දිනපතා දිනකට විනාඩි 30 සිට 60 දක්වා සිදුකිරීම මගින් දිනකට කැලරි 300 සිට 500 දක්වා ප්‍රමාණයක් දහනය කර ගන්නට පුළුවන්.
• රුධිර පීඩනය පහළ බසී
ජලය තුළ ව්‍යායාම සිදුකිරීම මගින් ජලයෙන් නිකුත්වන ප්‍රතිරෝධය නිසා ශරීරය පුරාවටම රුධිරය සංසරණය වීමේ වඩාත් කාර්යයක්‍ෂම කරනු ලබනවා. මෙමගින් රුධිර පීඩනය නියාමනය කර ගැනීම සහ අක්‍රිය හෘද ස්පන්දනය නිසි තත්වයට පත්කර ගැනීම වැනි සෞඛ්‍යය වාසි අත්කර ගන්නට පුළුවන්.
පුද්ගලයින් පිරිසක් සති දහයක කාලයක් ජලය තුළ ව්‍යායාම කිරීම සඳහා යොදවා සිදුකළ එක්තරා අධ්‍යයන වාර්තාවක් මගින් කරුණු දක්වන ආකාරයට පැහැදිලිවන්නේ ස්ථූල පුද්ගලයින්හට, අධි රුධිර පීඩනය ඇතිපුද්ගලයින්ට, ආබාධිත අයට සහ ශ්වසන ගැටලු ඇති පුද්ගලයින්ට මෙම ව්‍යායාම ක්‍රමය වඩාත් ඵලදායී වන බවයි.
• අස්ථිවල සෞඛ්‍ය වර්ධනය කිරීම
ජලය තුළ සිදුකරන ව්‍යායාම මගින් අස්ථිවල සෞඛ්‍යය වර්ධනය වීමක් සිදුවනවා. ජලය තුළ ඇති ප්‍රතිරෝධතාවය මගින් අස්ථි මතට හානිදායක පීඩනයක් එල්ල නොවන නිසා වේදනාව සහ තෙහෙට්ටුව වැනි බලපෑම් ඇතිවීම වැළකෙනවා. ආතරයිටිස් වැනි සන්ධි ආබාධ සහ වෙනත් අස්ථි ගැටලුවලින් පීඩා විඳින පුද්ගලයින් සඳහා මෙම ව්‍යායාම ක්‍රමය වඩාත් ඵලදායී වනවා. පිහිනුම් ව්‍යායාම සිදුකිරීම මගින් ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින්හට ඇතිවන අස්ථි තද ස්වරූපය දුරුකර මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය වේගවත් කරන බව සනාථ කර තිබෙනවා.
එබැවින් ඔබත් පිහිනීම ඔබේ ව්‍යායාමයක් කර ගන්න උත්සහ කරන්න.
by Dilki Shamani
Photo source : Internet
715 Views
Comments