අලුත් ගෘහ අලංකරණ අදහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

අලුත් ගෘහ අලංකරණ අදහස්

අලුත් ගෘහ අලංකරණ අදහස්

ලස්සන නිවසක් කියන්නේ හැමෝගෙම හීනයක්. අලුතින් නිවසක් ඉදිකරන්න හරි තියෙන නිවස අලූත්වැඩියා කරන්න හරි බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට මේ උපදෙස් ටික ඔබේ නිවස හැඩ කරගන්න උපකාරී වේවි. නිවසක සුන්දරත්වය කියන දේ ගොඩක් වටිනවා. අලුත් ගෘහ භාණ්ඩ විලාසිතාවන් වසරින් වසර අලුත් වෙන්නේ ඒ නිසාමයි. ස්වාභාවිකත්වය සමඟ සුව පහසු පරිසරයක් නිර්මාණය කිරීමට ගෘහ අලංකරණ ශිල්පියෝ මේ දිනවල වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. මේ අදහස් ඔබට ගැලපෙන පරිදි ඔබේ නිවසටත් යොදාගන්න උත්සාහ කරන්න.

නිවසට වැඩි ස්වභාවිකත්වයක්

ස්වභාවිකත්වය පිළිබඳ කවරදාටත් වැඩිය අද වන විට වැඩි කතා බහක් ලක් වෙලා තියෙනවා. මේ නිසා ගෘහ අලංකරණයේදී සංවෘත අවකාශ වලට වඩා විවෘත අවකාශ වලට මුල් තැන දීම ට්‍රෙන්ඩ් එක බවට පත්වෙලා තියෙනවා. මේ නිසා දැව ඇතුළු ස්වභාවික වෙනත් දේවල් යොදා ගනිමින් නිර්මාණය කෙරෙන නිවස ඔබට නැවුම් බවක් ගෙනදේවි.

විශාල ජනෙල් පරිස්සමින් තියන්න

අද වන විට නිවසට ස්වභාවික ආලෝකය ලබා ගැනීම සඳහා විශාල ජනෙල් දොරවල් තබනවා. නමුත් ඉන් පොඩි පොඩි ගැටලු වලටත් මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මොකද කුස්සියේ හදන ආහාර වල සුවඳ නිවෙස පුරාම පැතිරෙන්න පුළුවන්. විසිත්ත කාමරයේ ශබ්දය පැතිරීම නිසා සාමකාමී ස්වභාවය නැති වෙන්නත් පුළුවන්. මේ නිසා සුදුසු තැන සුදුසු ආකාරයට අවශ්‍ය ප්‍රමාණයෙන් ජනෙල් දොරවල් තැබීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කළ යුතු වෙනවා.

 

 

 


තද පැහැ වර්ණ ආලේපනය

මීට කලින් නම් ගොඩක් දෙනෙක් නිවෙසට යොදාගත්තේ ලා පැහැ වර්ණයන්. නමුත් අද වන විට අළු පැහැය වැනි තද පැහැයන්ගෙන් නිවෙස් අලංකරණය කිරීම අලුත්ම විලාසිතාව බවට පත්වෙලා. අළු පැහැ බිත්ති වලට පමණක් සීමා වෙලා නැහැ. ගෘහ භාණ්ඩ බිම ටයිල් සහ ඇතිරුම් වල පැහැයටත් එය තෝරා ගන්න පුළුවන්.

ලෝහ භාණ්ඩ වලට වැඩි ඉඩක්

ඉස්සර තමයි හැමදේම ප්ලාස්ටික් වලින් නිර්මාණය කරපු දේවල් යොදා ගන්න උත්සාහ කළේ. අද වන විට ප්ලාස්ටික් භාණ්ඩ වලට සාපේක්ෂව වැඩි අගයක් ලැබිලා තියෙන්නේ ලෝහ භාණ්ඩ වලට. ඉන් නිවසක පෞරාණික ගාම්භීර ස්වරූපයක් එකතු කරගන්න පුළුවන්.

ගේ ඇතුලේ ගෙවත්ත

වගාව ගැන නම් අද වනවිට බොහෝ කතා බහක් ඇති වෙනවා. මේ නිසා නිවෙස් ඇතුළේම ගෙවත්තක් සකස් කිරීම අලුත්ම ට්‍රෙන්ඩ් එක බවට ගෘහ නිර්මාණ ශිල්පීන් අතර ඇති වෙලා තියෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

753 Views

Comments

arrow-up