දවසටම අවශ්‍ය විටමින් A ගන්න ලේසිම ක්‍රමය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

දවසටම අවශ්‍ය විටමින් A ගන්න ලේසිම ක්‍රමය

දවසටම අවශ්‍ය විටමින් A ගන්න ලේසිම ක්‍රමය

අප ගන්නා ආහාර මඟින් සිරුරට මනා වර්ධනයක් ලබාදෙන අතර සිරුර ආරක්ෂා කරනවා. ඒ වගේම සිරුරට ශක්තිය ලැබෙන්නේ අපේ ආහාර වලින්. මේ නිසා අප ගන්නා ආහාර හැකි තරම් සමබර විය යුතුයි. ඒ කියන්නේ පිෂ්ඨය මේදය ප්‍රෝටීන් විටමින් ඛනිජ ලවණ හා ජලය අවශ්‍යම වෙනවා. ඒ අතරිනුත් විටමින් ඒ කියන්නේ ඉතාම වැදගත් විටමින් වර්ග කාර්යයක්.

A විටමින් මගින් අපේ සිරුර බොහෝ දේ ලැබෙනවා. එමගින් අපේ සිරුරට බොහෝ දේ ලැබෙනවා. නිරෝගී කෙස් කළඹක නිරෝගී සමක් හිමි වෙනවා. ඒ වගේම ඇස් පෙනීම දීප්තිමත් කරනවා. නිරෝගී වීමටත් විටමින් ඒ අත්‍යවශ්‍ය වෙනවා. විටමින් ඒ හිග වීමෙන් අපේ සම දුර්වර්ණ වීමත් අත්පාවල කොරල ගතිය ඇතිවීම ඇස්වල දීප්තිය නැති වීමටත් හේතු වෙනවා. ඇස්වල බිටෝ ලප ඇති වෙන්නේ අන්ධභාවයට පත් වෙන්නේ විටමින් ඌනතාවෙන් පෙලෙන අය. එසේම විටමින් ඒ හිග වීමෙන් පහසුවෙන් ඔබ ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම හටගන්නවා. ඒ නිසා විටමින් ඒ අවශ්‍ය පමණට ලබාගැනීම ඉතාම වැදගත්. විටමින් A ලබා ගැනීමට වඩාත්ම සුදුසු ක්‍රමය ආහාර.

මෝර මාළු හා මාළු අක්මා තෙල්වල කිරි බිත්තර හා පීකුදු වලත් වල විටමින් A බහුලව තියෙනවා. එසේම තද කොළ පැහැ පලා කහ පැහැති එළවළුවල විටමින් A බහුලයි. ඒ කියන්නේ තම්පලා ගොටුකොළ සාරණ කතුරුමූරුංගා නිවිති මියන දළු කංකුන් වගේ පලාවර්ග වල විටමින් A බහුලව තියෙනවා. මෙවැනි පැළ ඕනෑම ගෙවත්තක වගා කර ගන්නත් පුළුවන්. ආහාර රසකාරකයක් වශයෙන් ගන්නා කරපිංචා කොළ ආදියේ විටමින් A බහුලව තියෙනවා. ඒ නිසා කරපිංචා වැනි දෑ ඉවත් නොකර ආහාරයට ගැනීම වැදගත් වෙනවා.

 

 

 


එසේම මිරිස් කරල් පමණක් නොව මිරිස් කොළ ද බැද ආහාරයට ගැනීමත් සුදුසු වෙනවා. ඔබ දන්නවද මඤ්ඤොක්කා කොළ දෙක තුනක් මැල්ලුමට එකතු කිරීමෙන් විටමින් ඒ පහසුවෙන් ලබාගන්න පුළුවන් බව. පලතුරු වල බහුලව විටමින් A තියෙනවා. අඹ වැල් දොඩම් වැනි පළතුරු ඒ අතර ප්‍රධාන වෙනවා. මේ පළතුරු බොහෝ විට වසරේ සෑම කාලයකම දකින්න ලැබෙනවා. විදේශවලින් ගෙන්වන ඇපල් මිදි වගේ මිල අධික පලතුරුවල විටමින් ඒ ඉතාම අඩුයි. අපේ රටේ පළතුරු එළවළු පලා වර්ගවලින් විටමින් ඒ අවශ්‍ය පමණට ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. එහෙත් අද විටමින් ඒ ඌණතාව නිසා ගර්භනී මව්වරු ඇතුළු කුඩා දරුවන්ට නොමිලේ විටමින් ඒ ලබාදෙන අවස්ථාත් තියෙනවා. ඒ හැර වෛද්‍ය උපදේශයක් නොමැතිව විටමින් ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. මේවා ජලය ජලයෙ දිය නොවන නිසා වැඩිපුර ශරීරගතවීමෙන් වෙනත් රෝගාබාධ හැදෙන්නත් පුළුවන්. ඒ නිසා හැකි තරම් ස්වභාවික මාර්ගවලින් දිනපතා අවශ්‍ය විටමින් ප්‍රමාණය ලබා ගන්න උත්සහ කරන්න.

 

 

by Dilki Shamani 

Photo Source: Internet

 

views

1567 Views

Comments

arrow-up