සිරුරේ ලේ පිරිසිදු කරන පළතුරු

පළතුරු කියන්නේ සිරුරට කොහොමත් ගුණ දෙන ආහාරයක්. විවිධ පලතුරු වල විවිධ ගුණාංගයන් තිබුණත් මේ කතා කරන්න සූදානම් වන්නේ ඔබේ ලේ පිරිසිදු කරන සුවිශේෂී පලතුරු වර්ග දෙකක් ගැන. ඒ දිවුල් සහ කොමඩු. ඒවා අපේ රටේ බහුලව දකින්න ලැබෙන පලතුරු වර්ග වෙනවා.
දිවුල්වල ගුණ ගැන ඔබ දන්නවාද? දිවුල් කියන්නේ ලේ පිරිසිදු කරන හොඳ ඖෂධයක්. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක් හකුරු ටිකක් මිශ්‍ර කර වතුර එක්කර හොඳින් කලවම් කර දිනපතා පානය කිරීමෙන් සිරුරේ විෂ නසන බව ඔබ දන්නවා?ද පැරැණි ආයුර්වේද පොතපතේ දිවුල් සඳහන් වන්නේ කප්පිත ලෙස. සවිමත් කටුවක් ඇති නිසා දැඩි ඵලයක් වගේම වැඩි සුවඳකින් සමන්විත ගන්ධ ඵල ලෙසත් හඳුන්වනවා. එහි රසායනික සංඝටක බහුල නිසා යකඩ ඛනිජ මෙන්ම විටමින් ඒ වැනි පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු වෙනවා.
ඒ වගේම කොමඩු කියන්නෙත් අපේ රටේ බහුලව දකින්න ලැබෙන පලතුරක්. පැණි කොමඩු නිතර ශරීරයට ලැබීමෙන් මොළයේ සහ ශරීරයේ සියළුම සෛල උත්තේජනය කරන බව සොයාගෙන තියෙනවා. කොමඩු වල 92% ක් ම අඩංගු වෙන්නේ ජලය. මේ නිසා සිරුර සිසිල් කිරීමේ ගුණයක් එහි සතු වෙනවා. ඒ වගේම පැණි කොමඩු මගින් රුධිර පීඩනය ලිහිල් කිරීමක් සිදු කරන අතර එමගින් රුධිර පරිවහනය හොඳින් සිදුවන නිසා හෘද රෝග සඳහා ඉතාම ගුණදායක බව සොයා ගෙන තියෙනවා. එමෙන්ම ශරීරයේ අස්ථිවල ශක්තිමත් භාවය සඳහාත් මේවා ඉවහල් වෙනවා.
රුධිරය පිරිසිදු කරන පමණක් නොවෙයි මෙය මේදය අඩු කිරීම මගින් ශරීරයේ තරබාරු බව අඩුකරන්න උපකාරී වෙනවා. උදෑසන කොමඩු වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ තරබාරු බව අඩු කරගන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ රහසක්. කොමඩු වල පවතින අධික ජල ප්‍රමාණය නිසා සිරුරේ දැවිල්ල අඩු කරන අතර මුත්‍රා පිටවීම වැඩි කරනවා. එය වකුගඩු මහන්සි නොවන ස්වභාවික ලේ පිරිසිදු කාරකයක් වෙනවා. විශේෂයෙන්ම කොමඩු වල පොටෑසියම් බහුල වීම නිසා සිරුරේ ස්නායු සහ මාංශ පේශී ක්‍රියාකාරීත්වය නියාමනය කරනවා. තවද සමහර ආහාර මගින් ඇති කරන රෝග වර්ධනය වීමේ අවදානම මේ නිසා අඩු වෙනවා. ප්‍රතිශක්තිකරණය වැඩි කර තුවාල සුවවීමට කොමඩු නිතර ආහාරයට ගැනීම හේතු වෙනවා. මේ නිසා අපේ රටේ බහුලව දකින්න ලැබෙන වැඩි මුදලක් වියදම් නොකර මිලදී ගන්න පුළුවන් ස්වභාවික කොමඩු දිවුල් නිතර ඔබේ ආහාර වේලට එකතු කරගන්න උත්සහ කරන්න
by Dilki Shamani
Photo Source: Internet
3344 Views
Comments