රැව්ල නෑ කියල දුක් උනු කාලෙ ඉවරයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

රැව්ල නෑ කියල දුක් උනු කාලෙ ඉවරයි.

රැව්ල නෑ කියල දුක් උනු කාලෙ ඉවරයි.

අද තරුණයින්ට නිතර මතුවන ගැටලුවක් තමයි තමන් හරි වයසට ආවමත් තමන්ගෙ රැව්ල නිසි ආකාරව වැවෙන්නෙ නැති එක​. එහෙමත් නැත්තම් තැනින් තැන විතරක් රැව්ල වැවීම​. ඒ කියන්නෙ තමාට අවශ්‍ය තැන්වල රැව්ල වැවෙන්නෙ නැතුව යනව​.තවත් කියනව නම් මේ රැව්ල කියන්නෙ කෙනෙක්ගෙ මූනට ආභරණයක් වගේ. ඒ වගේම තමයි හොදට මුහුණ පුරා වැවෙන පිරිපුන් රැව්ලක් තිබීම කෙනෙක්ගෙ පෞර්‍ෂත්වයට පවා හේතු වෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ට පුලුවන් මෙන්න ඒ කියන රැව්ල වවන විදිය අනුව මූනෙ හැඩය වෙනස් කරන්නත්. මෙන්න මේ වගේ බොහොමය්ක් ගැටලු තියන තරුණයන්ට විසදුමක් තමයි මම අද ගෙනාවෙ මේ ක්‍රම වලට අනුව කටයුතු කලොත් ඔබට තවත් මෙවැනි ගැටලු වලින් පසුතැවෙන්න ඕනෙ වෙන එකක් නැහැ. ඉතින් ඇත්තටම මේ කෙනෙක්ගෙ රැව්ල වැවෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නෙ ජානමය ගතිලක්‍ෂණ තමයි. ඉතින් මෙන්න මේ හේතු නිසා ඇතැම් අයගෙ මුහුණ පුරා ඝණව රැව්ල වැවීමත් හේතුවක් වෙනවා. නමුත් සමහර අයගෙ රැව්ල වැවෙන වේගය ඉතාමත් අඩු වගේම වැවෙන්නෙත් තැනින් තැනින්. අන්න ඒ දේ නැති කර ගන්න හැටි මම දැන් කියන්නම්. ඒ වගේම තමයි රැව්ල වැවෙන වේගය වැඩි කර ගන්නේ කොහොමද කියන එක පිලිබදවත් සදහ කරන්නම්.


හොදයි දැන් මම කියන්නම් ඒ මොනවද කියල​. පලමුවැනි දේ තමයි ඔබේ මුහුණේ පලමුව එන රැව්ල වැවෙන්න දෙන්න ඕන​. බොහෝ දෙනා අතර තිබෙන මතයක් තමයි රැව්ල කපන්න කපන්න තව එනව කියන්නෙ. මුල් කාලෙදි ඒක එහෙම නමුත් පසු කාලිනව නම් ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් වෙනවා. මොකද ඔබේ මුහුණෙත් රැව්ල වැවෙන්නෙ තැනින් තැනින් නම් ඔබ ඉඩ දෙන්න ඕන ඒ රැව්ල නොවැවෙන තැන් වලත් වැවෙන්න ඉඩ දෙන්න​. ඒ කියන්නෙ මාසයක් විතර එක දිගට වැවෙන්න දෙන්න ඕන නිතර නිතර කපන්නෙ නැතුව. එතකොට තමයි සිද්ද වෙන්නෙ මෙච්චර කාලෙකට රැව්ල හරි හැති වැව්වු නැති ප්‍රදේශ වලටත් පෝශ පදාර්ථ සපයන්න​. මේ විදියට දිගින් දිගට කිරීමෙන් එම දෝෂය මගහරවා ගන්න පුලුවන් වෙනව​.


මීලග කාරණය තමයි හොද ෆේස් වොෂ් එකක් භාවිතා කරමින් දවසට දෙපාරක් මුහුණ සෝදන්න පුරුදු වෙන්න​. සාමාන්‍යයෙන් මුහුණ සෝදනව කියන දෙය අපි කොහොමත් කරනව තමයි නමුත් හොදට මතක තියා ගන්න හොද ෆේස් වොෂ් එකක් භාවිතා කරමින් මුහුණ සෝදන්න​. ඒ මොකද කියනව නම් ඒ රැව්ල් ගස් මත දවස පුරාම රැදෙන කුනු දූවිලි හොදින් ඉවත් උනොත් තමයි ඒවාට නිසි පෝෂ්ණයක් ලැබෙන්නේ. ඒ වගේම හොදට ඔක්සිජන්ලැබෙන්නේ.මෙන්න මේ දේවල් හොදින් ලැබුනොත් තමයි අපේ රැව්ල හොදින් වැවෙන්නෙ. ඉතින් ඒ වගේම තමයි ඒකට අත්‍යවශ්‍යයි හොද පිරිසිදු කිරීමක්. ඉතින් ඒක අපි නොවරදවාම හොද ෆේස් වොෂ් එකකින් දවසට දෙපාරක් මුහුණ සෝදල ලබා ගන්න ඕනෙ.
ඊලග ප්‍රතිකාරය තමයි ඔබේ මුහුනේ රැව්ල හරි හැටි වැවෙන්නෙ නැති පෙදෙස් වලට හොද ෆේස් මසාජ් එකක් දීම​. මේ මගින් ඒ අශ්‍රිතව ඇති රුධිර නාලිකා හොදින් උත්තේජනය කරවනවා. ඉතින් අන්න ඒ නිසා ඒවා ක්‍රියාශීලී වෙන්න පටන්‍ර් ගන්නවා. අන්න එතකොට තමයි ඒ තැන් වල ඇති රැව්ල් ගස් වලටත් නියමිත ආකාරයෙන්ම අදාල පෝෂ පදාර්ථ ගමන් කරන් පටන් ගන්නෙ. ඒ වගේම තමයි මේක රැව්ල වැවීමේ වේගයේ වැඩි කීරීමටත් හේතු වෙනවා. ඉතින් ඔබට ඉතා හොද ප්‍රතිඵලයක් ගැනීමට අවශ්‍ය නම් දවසට දෙපාරක් මේ වැඩේ කරන්න වෙනවා. මේ සදහා සුදුසුම වේලාවල් දෙක තමයි උදේ පාඳර නැගිට්ට ගමන් සහ රාත්‍රී නිදා ගැනීමට පෙර යන වෙලාවන් දෙක​.

 


අවසාන වශයෙන් අපි මේ සදහා අවශ්‍යකරන පෝශ පදාර්ථ ගැන කියනවනම් විටමින් බී සෙවන් අවශ්‍යවෙනවා. මේක ඔබට වෙළදපොලෙන් ගන්නත් පුලුවන් එහෙමත් නැත්තම් වෛද්‍ය උපදෙස් අනුව ලබා ගන්නත් පුලුවන්. මෙහිදී මම නම් නිර්දේෂ කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ලබා ගන්න කියල​.


හොදයි එහෙම නම් මෙන්න මේ උපදෙස් පිලි පැද්දොත් ඔබටත් පිරිපුන් ඝන රැව්ලක් වවා ගත හැකියි.

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

views

2449 Views

Comments

arrow-up