ඔබගේ සෞඛ්‍යයට වින කරන නිවසේ ගති ලක්ෂණ

ඔබ අප සැම කෙනෙක්ම නිවසක් ඉදි කර ගන්නේ දීර්ඝ කාලයක් ලෙඩ රෝගවලින් තොරව සතුටින් සැනසීමෙන් ගත කිරීමටයි. නමුත් ඇතැම් අවස්ථාවන් වලදී ඔබගේ නිවසේ පවතින ඇතැම් ගති ලක්ෂණ ඔබගේ සෞඛ්‍යයට හරහට සිටින්නට පුළුවනි. ඒ අනුව අපගේ ශරීරය වටා ඇති තෙවැනි සම ලෙස විග්‍රහ වන ප්‍රභා මණ්ඩලය හෙවත් ශක්ති වලල්ල ඉතා පැහැදිලිව අපගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට මෙන්ම නිර්නාල ග්‍රන්ථි පද්ධතියට බලපාන බව පළමුවෙන්ම අපි අවබෝධ කරගත යුතුයි. ඒ ඒ නිර්නාල ග්‍රන්ථි පෙරකී ශරීරය වටා ඇති ශක්ති වළල්ලක් ශක්ති ක්ෂේත්‍ර හෙවත් චක්‍ර හා සෘජුවම සම්බන්ධව ඇති බව මෙහිදී කිව යුතුයි.
සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේ එන මර්මස්ථාන පිළිබඳ මෙහිදී අදහස් ඇති කරගත යුතුව තිබේ. නිවැසියන් හට වැලඳෙන රෝග අතර වාත රෝග පිත් රෝග සෙම් රෝග පිළිබඳව සියුම්ව විග්‍රහ කිරීමේදී පැහැදිලි වන්නේ ඒවා ද වාස්තුමය දෝෂ විසින් බරපතළ කර වන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව වාත රෝග කෙරෙහි වයඹ හෝ නිරිතෙ වාස්තු දෝෂයන් ද පිත් රෝග කෙරෙහි ඊසාන හෝ ගිණිකොන දෝෂයන් ද සෙම් රෝගයන් කෙරෙහි ඊසාන හෝ නිවසේ මධ්‍යයේ දෝෂයන් ද බලපාන බව කිව හැකියි.
පුරාතන වාස්තු විවරණයන්ගෙන් මෙපිට පර්යේෂණාත්මකව තහවුරු කර ඇති නූතන වාස්තු දෝෂ හා අදාළ රෝග පිළිබඳව අධ්‍යනය කිරීම ඉතාමත් වැදගත්. වැසිකිලි වල හෝ මුළුතැන්ගෙය ඊශාන දිශාවේ පිහිටා ඇති විට මූලිකයන්ට නොමැතිනම් වැඩිමහල් පිරිමි දරුවාට විවිධ ශාරීරික ප්‍රශ්න ඇතිවිය හැකියි. ක්ෂය රෝගය හෝ පිළිකා තත්ත්ව වැළඳීම කෙරෙහිද මෙම තත්ත්වය බලපෑ හැකි බව ද සැලකිය යුතුයි. ගිනිකොන දිශා දෝෂ වලින් වකුගඩු ආශ්‍රිත රෝග හටගන්නා බවත් මෙහිදී කිව යුතුයි. එහිදී ගිනිකොන දිශාව ජල මූලාශ්‍ර කිසිවක් නොපිහිටවීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් වේ. වයඹ හටගන්නා වාස්තු දෝෂ තත්වයන් නිසා නිවැසියන්ට විසබීජ ශරීරගත වීමේ, අසාත්මික තත්ත්වයන් ඇතිවීමේ සහ කාලගුණික විපර්යාස ආශ්‍රිත රෝග ඇතිවීමේ ඉඩකඩ පුළුල් වන බව සඳහන් වේ. දකුණු දිශාවේ පිහිටවනු ලැබූ භූගත ගෘහ කොටස් හෝ භූගත ජල ටැංකි හෝ ප්‍රධාන දොර හෝ බිම් මට්ටමට පහළින් වන ඉදිකිරීම් හෝ නිසා කාන්තාවන්ට විවිධ රෝග තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. නිරිත ඇතිවන වාස්තු දෝෂ නිසා ගර්භාෂය බඩවැල් මෙන්ම හෘදය ආශ්‍රිත රෝගයන්ට පවා හේතු විය හැකියි. නිරිත මෙන්ම ඊසාන ද එක්ව මේ පිළිබඳ සැලකිලිමත් වීමේදී අංශභාග තත්ව මෙන්ම මොළය ආශ්‍රිත රෝග හට ගැනීමටද ඉඩකඩ තිබේ. ගර්භණී කාන්තාවන්ගේ දාරක වියෝගයකට ද මෙය හේතු වේ.
උතුරු දිශාවට හිස දමා නිදා ගැනීම නිසා පොදුවේ ස්නායු ආබාධ ඇති විය හැකි සේම ජීර්ණය ආශ්‍රිතවත් හිසේ වේදනා මානසික ආබාධ පමණක් නොව හෘදය ආශ්‍රිත රෝග වැළඳීමට ඉඩකඩ ඇති බව සැලකිය යුතුයි. මීට අමතරව නිවසේ ඇති බද්ද වැසිකිලි පිළිබඳ අපගේ අවධානය ගැඹුරින් යොමු විය යුතුය. තමන්ගේ නිදන කාමරයේ මධ්‍යයේ සිට ඊශාන දිශාවෙන් වැසිකිළියක් බද්ධ කර ඇත්නම් එවැනි නිදන කාමර පිහිටන දිශාව අනුව වේ. ඒ අනුව ඊසාන දිශාවේ පිහිටි නිදන කාමරයක ඊසාන දිශාවට බද්ධ වැසිකිලියක් පිහිටා ඇත්නම් පිළිකාව මොලයේද, නිරිතෙන් පිහිටි නිදන කාමරයක ඊසානයට බද්ධ වැසිකිළිය පිහිටන්නේ නම් පිළිකාව බඩවැල් වලද ඇතිවිය හැකියි. මෙතරම් බරපතළ රෝග තත්ව වලට හේතු වන වාස්තු දෝෂ ඇතත් ඒවාට පිළියම් ලෙස කඩාබිඳ ඉවත් කරනවා වෙනුවට පිරමීඩ ආශිත වාස්තු පිළියම් සිදු කිරීමෙන් ඉතා සරල සහ අඩු ආදායම් ලෙස ප්‍රතිකර්ම සකසා ගත හැකියි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1462 Views
Comments