අත්බෙහෙත් - 01

විවිධ වූ ලෙඩ රෝග සඳහා, නිවසේදීම සකස් කර ප්‍රයෝජනයට ගත හැකි දේශීය ආයුර්වේද ඖෂධ කිහිපයක් අද අපි ඔයාලට ගෙනාවා.
> හිසේ රෝගවලට
- නෙල්ලි , කරපිංචා ඇට ගෙන කොටා තම්බාගන්න. එම වතුරෙන් හිස සෝදන්න. හිස කෙස් දීප්තිමත්ව කළු පැහැයක් ගෙන දෙයි.
- හිසකෙස් ඝනව වැඩීමට තලතෙල් හා ගොටුකොළ එළකිරෙන් අඹරා ගාන්න.
- දැත්ත මුල් , ලොත් සුඹුළු චූර්ණ කොට තල තෙලෙන් කකාරවා ආලේප කිරීමෙන් හිසකෙස් වල දුඹුරු පැහැය මෙන්ම සිහින් බව නැති වී යයි.
- අඹ මල් , අරළු , නෙල්ලි , කුඹුක් පොතු , අවරිය සම සමව ගෙන කොටා යුෂ ගෙන තල තෙල් දමා සිඳවා ගත් තෙල් හිසේ ගල්වන්න.
- තිත්පිලි , අරළු , අවරිය , සහිඳ ලුණු චූර්ණය ඉගුරු යුෂ හෝ සහල් කැඳ වතුර සමඟ හිසෙහි ගල්වන්න.
- ගෝරෝචන , කළුතල , කළු කම්බේරිය හා හාතවාරිය කොළ සම සමව ගෙන අඹරා හිසට යොදන්න.
- දිනපතා කොහොඹ තෙල් කලන් 12 ක් පමණ බොන්න. ශරීරය වර්ණවත් වන අතරම හිසකෙස් වර්ධනය වේ.
- කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 කින් පසු නාන්න. උකුණු වදයෙන් සදහටම නිදහස්.
- දෙහි ගෙඩි කිහිපයක් පොල් කිරෙන් පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් පසුව නාන්න. හිස් හොරි වදෙන් මිදෙන්නට පුළුවන්.
- කෝමාරිකා මද නාන්නට පෙර හිසේ ගාන්න.
- අකාලපලිත තෛලය අකලට හිස කෙස් පැසීම හා වැටීම නවතාලයි. හිසේ රෝගවලට ගුණයි.
- කරපිංචා ඇට විනාකිරෙන් අඹරා ගාන්න. හිස් හොරි නසා කෙස් කළු කරයි. උකුණන් වැටේ.
> සෙම්ප්‍රතිශ්‍යාව සඳහා
- කොත්තමල්ලි , වියළි ඉගුරු , පත්පාඩගම් සහ වෙනිවැල් ගැට තම්බා බොන්න. ඇඟ සීතල කිරීම , උණ ගැනීම නවතී.
- කොත්තමල්ලි කලන් 04 යි , වියළි ඉගුරු කලන් 01 යි , හීන් අරත්ත කලන් 1/2 යි හා තිත්පිලි කලන් 1/2 යක් ගෙන චූර්ණ කර කෝපි මෙන් වත්කර බොන්න. සීතාරාම ගුලි දෙකක් සමඟ පානය කිරීම වඩාත් ගුණදායකයි.
- දේවදාර පංචකය දිනකට තුන්වරක් පමණ බොන්න. අමු ඉගුරු යුෂ මී පැණි සමඟ සීතාරාම ගුලි දෙකක් දවසට තුන් වරක් බොන්න.
by Kaushalya De Silva
Photo source : Internet
1873 Views
Comments