සුදු කබර රෝගය සුව කර ගැනීමට පුලුවන්ද ?

සුදු කබර යනු සම මතුපිට සුදු පැහැති ලප දැමීම ලෙස හැඳින්විය හැකියි .සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුගේ පාහේ සමෙහි වර්ණයක් තිබෙනවා .මෙලෙනොසයිඩ් යන සෛල වර්ගයෙන් මෙලනින් වර්ණය ඇති කරන නිසා එසේ සමේ වර්ණයක් ඇති වීමට හේතු සාධක වෙනවා .මේ මෙලනොසයිඩ් සෛල සමේ අපිචර්මයෙන් පහළ කොටසේ සිට සම පුරා වර්ණය ඇති කරමින් බෙදාහැරීම සිදු කරනවා .
සුදු කබර ජානමය බලපෑමකින් ඇතිවිමට පුලුවන්. මීට අමතරව විශේෂයෙන්ම ප්‍රතිශක්ති පද්ධතිය විසින් සමේ නිරෝගී බව රැක ගැනීමට උදව් කරන බැවින් සමහර අවස්ථාවලදී ප්‍රතිශක්ති පද්ධතියේ තිබෙන යම් අසමතුලිතතාවයක් නිසා අපේ ශරීරයට අවශ්‍ය පටකයක් හෝ සෛල කාණ්ඩයක් වැරදියට හඳුනාගෙන ඒවා විනාශ කිරීමට පෙළඹෙනවා .මෙලෙසින් ප්‍රතිශක්ති පද්ධතිය විසින් සිදුකරන වැරදි හඳුනා ගැනීමක් නිසා සමේ වර්ණය ඇති කරන සෛල විනාශ වීමක් සිදු වෙනවා .මේ නිසා සිදුවන සෛල විනාශ වීමෙන් වර්ණය ඇති කරන සෛල ද විනාශ වීමක් සිදුවෙනවා .එවිට එම සෛල විනාශ වීම නිසා සමේ වර්ණක නැති ස්ථාන හට ගන්නා අතර අපට ඒවා සම මතුපිටින් පෙනෙන්නේ වර්ණයක් නොමැති සුදු ලප පැහැති ලප වශයෙන් නැතහොත් සුදු කබර වශයෙනි .
මෙම සුදු කබර නමැති රෝගී තත්ත්වය 100% සුව කිරිමට නොහැකි අතර ඔවුන්ගේ සමෙහි කොටසක පැල්ලම් ඉතිර වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.නමුත් මෙම පැල්ලම් ඇති වන මුල් කාලයේදීම ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව වෛද්‍යවරුන් පවසනවා .මෙම සුදු කබර රෝගී තත්ත්වයේ එක් වර්ගයක් දරුවන්ට ඇති වෙනවා. ඒ ශරීරයේ එක් පැත්තක පමණක් පැල්ලම් හට ගැනීමයි .ඒවා ඉක්මනින් සුව කිරීමේ හැකියාවක් පවතින නමුත් ඇඟිලි තුඩුවල සහ තොල්වල හටගන්නා මෙම ලප සුව කිරීමට තරමක් දුරට අපහසුයි .නමුත් මෙය පැල්ලම් ඇතිවීම වැළැක්වීමට හැකිය .මෙවැනි පැල්ලමක් ඇති වූ වහාම වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර සිදු කිරීම තුළ මෙම රෝගය පැතිරීම වළක්වා ගත හැකියි . එවිට වෛද්‍යවරයා රෝගියාගේ වයස, කොතෙක් දුරට පැතිර තිබෙනවා ද යන කරුණු සොයා බලා ප්‍රතිකාර කිරීම නියම කරන අතර ක්‍රීම් වර්ග ,පෙති වර්ග සහ අල්ට්‍රා වයලට් කිරණ ආදියෙන් ප්‍රතිකාර ලබාදීම සිදු කරනවා .මීට අමතරව දියුණුම තාක්ෂණය යටතේ හානිවූ වර්ණක නැවත ඇති කිරීම ද සිදු කරනවා .
මෙම සුදු කබර කබර රෝගය සාමාන්‍යයෙන් 1%හෝ 2%අතර ප්‍රමාණයකට වැළඳිය හැකි නමුත් මෙම රෝගය බෝවන රෝගයක් නොවන හෙයින් මේ එයින් ආරක්ෂා ආරක්ෂා වීමට වෙනම ක්‍රමවේදයක් නොමැත .නමුත් මෙම රෝගී තත්ත්වය බෝවන රෝගයක් ලෙස අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම තුළින් එම රෝගී තත්ත්වයෙන් පෙලෙන රෝගීන් ද මානසික මට්ටම යම් බිඳ වැටීමකට ලක්වීමට පුළුවන් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම අපගේ යුතුකමයි .
by Dilki Shamani
Photo Source: Internet
3451 Views
Comments