පොතු කබර රෝගය ගැන දැනුවත් වෙමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

පොතු කබර රෝගය ගැන දැනුවත් වෙමු

පොතු කබර රෝගය ගැන දැනුවත් වෙමු

පොතු කබර රෝගය බොහෝ අය සලකන්නෙ නිට්ටාවටම සුව කළ හැකි දෙයක් නොවන බවටයි. විශේෂයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය පිළිබඳ අර්ථ නිරූපණ තුළින් බොහෝ දේ කියවුණත් හරිහැටි ප්‍රතිකාරයක් ලැබ සූව වූ අය ගැන අහන්නට ලැබෙන්නේ නැහැ. පොතු කබර රෝගය යාන්තමට හැදීගෙන එන අයත් බොහෝ බරපතළ තත්ත්වයට රෝගය පත්වී මුළු ඇඟ පුරාම සුදු පැහැති ලප හැදීමත් එය වේගවත්ව සිරුර පුරාම පැතිරී යාමත් නිසා සමාජයට සතුටින් මුහුණ දෙන්න බැරිව ලත වෙන අය වැඩියි. ඒ අය හිතන්නේ මොන බෙහෙත් කළත් කවදාවත් පොතු කබර රෝගයෙන් සුවපත් වෙන්න බැරි වේවි කියලයි.

නමුත් ශ්‍රී ලංකාවේ ඉපැරැණි වෛද්‍ය ශාස්ත්‍රයක් තිබුණු බවට එය රාවණ ඉතිහාසය පටන් පැවත එන බවත් ඒ රහස් වෛද්‍ය ක්‍රම මගින් සියලුම රෝග සුවපත් කරවීමේ හැකියාවක් තිබුණු බවත් ඔබ දන්නවාද. රස විද්‍යාවේ පියා කියා හඳුන්වන්නේ රාවණ රජ තුමායි. එතුමා පුලතිසි ඍෂිවරයාගේ මුනුපුරකු වේ. පුරාණ පාරම්පරික වෛද්‍ය පුස්කොළපොත් වල ඒවා සටහන්ව තිබී කාලාන්තරයක් මුළුල්ලේ මුඛ පරම්පරාගතව ගෙන ආ වෛද්‍ය පරපුරකුත් සිටි බවට සාක්ෂි පවතී. ඒ පරපුරේ සුළු පිරිසක් මේ ආශ්චර්යවත් වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිපල රෝගීන්ට අත්කර දී සුවපත් කරන්නට වීම වාසනාවක්.

 

 

 


බොහෝ පුද්ගලයන්ට මෙම රෝග තත්ත්වය ගැන නිසි අවබෝධයක් නැහැ. එමනිසාවෙන් විවිධ ප්‍රතිකාර ලබාගන්නට පෙළඹේ. නමුත් මෙහිදී සෑම තැනකින්ම ඖෂධ ලබා ගැනීම සුදුසු නොවේ. ඔළුවේ තියාගෙන හිටියට හිස් කබලේ කැබලි කැඩී වැඩි වශයෙන් පොතු ගැලවෙන්න ගත්තහම බොහෝ අය හිතන්නේ මේක හිස්සොරි කියලයි. ඇත්තටම නිවැරදිව වෛද්‍යවරයා පරීක්ෂා කර බලා තිබුණා නම් ඒ ගැලවෙන හිස්කබල් පොතුවලින් රෝගී තත්වය වටහාගන්න පුළුවන්. කාලයක් යනවිට තමයි වැටහෙන්නේ හිස්කබල මත පැහැදිලි වෙනසක් දෙන ලප හා රෝගී තත්ත්වයේ වර්ධනයක් වෙලා කියලා. ඔබ හිස්සොරි වලට ප්‍රතිකාර කළ නමුත් පොතු කබර වලට ප්‍රතිකාර නොකළ නිසා දැන හෝ නොදැන විපතට පත් වී හමාරයි.

රෝගය හඳුනා ගැනීම ප්‍රමාද වන අවස්ථාද තිබෙන නිසා යම් සැක සහිත බවක් තියේ නම් වහාම නිසි වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. ඔලුවේ රෝගය කාලයක් තිබුනහම කැල්සියම් ඌනතාවයක් හට ගනී. පසුව නියපොතු දිරාපත් වීමට පටන් ගන්නා අතර ඇට කටු ද එලෙසින්ම දිරාපත් වන්නට පටන් ගනී. අවසානයේදී ඔබට නොදැනීම සොරයිසීස් ආතරයිටිස් වශයෙන් හඳුන්වන දේශීය වෙදකමේ එන පොතු කබර වාතකේතය ඇතිවේ. එම නිසාවෙන් මෙම තත්වය සැහැල්ලුවට නොගත යුතු අතර වහාම ප්‍රතිකාර වෙත යොමුවිය යුතුයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

2984 Views

Comments

arrow-up