පිරිමින්ගේ විලාසිතා නීති

පිරිමින් ට කාන්තාවන් ට මෙන්ම විලාසිතා අවශ්‍ය ද? මේ ගැන ඔබ දරණ අදහස කුමක්ද? ඔව්. ඔවුන්ටත් විලාසිතා අවශ්‍යයි. එහෙත් යම් පිළිවෙළකට එම විලාසිතා කළ යුතුය.
අද අපි ඔබවෙත පිරිමින් සදහාම වෙන් වූ විලාසිතා නීති කිහිපයක් ගෙන එනවා. මේ නීති පිලිපැදීම තුළින් ඔබගේ කඩවසම් බව තව තවත් ඉස්මතු කරගැනීමට හැකියාව ඇත.
- ඔබගේ ඉන පටියෙහි දුරකථනය හෝ අනෙකුත් උපාංග පැලදීමෙන් වලකින්න.
- ඔබගේ මුදල් පසුම්බියෙහි ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කර මුදල් පමණක් තබා ගැනීම ඉතාමත්ම වැදගත්.
- කිසිවිටකවත් රෝස පැහැති මේස් වර්ග පළදින්න එපා.
- සෑම විටම පාවහන් වල වර්ණය සහ ඉන පටියෙහි වර්ණයට ගැලපීමද වැදගත්
- ක්‍රීඩා සදහා පලදින පාවහන් අනෙකුත් අවස්ථා සදහා පැලදීමෙන් වලකින්න.
- තම ශරීරයේ හැඩයට ගැලපෙන අයුරින් ඇදුම් තෝරා ගැනීම වැදගත්. අනවශ්‍ය ලෙස ලිහිල්ව මෙන්ම තදටද ඇදුම් ඇදීම ඔබගේ පෞර්ෂ්‍යත්වයට බාධාවක්.
- කිසිවිටෙකත් ඩෙනිම් කලිසම සමග ලා වර්ණයෙන් යුත් රනින් ෂූස් ( running shoes ) නොපලදින්න.
- කළු පාවහන් සදහා සුදු පැහැති මේස් පැලදීමෙන් වලකින්න.
- සුවද විලවුන් අනවශ්‍ය ලෙස භාවිතා කිරීමෙන්ද වලකින්න.
- අනවශ්‍ය ලෙස මෝස්තර යෙදූ ඇදුම් ඇදීමෙන් වලකින්න. එයත් ඔබේ පෞරුෂ්‍යත්වයට හානි වේ.
by Kaushalya De Silva
Photo source : Internet
777 Views
Comments