ඔබ කොහොම වුනත් ලස්සනට ෆැෂන් කරන්න පුළුවන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

ඔබ කොහොම වුනත් ලස්සනට ෆැෂන් කරන්න පුළුවන්

ඔබ කොහොම වුනත් ලස්සනට ෆැෂන් කරන්න පුළුවන්

කාන්තාවන් විලාසිතාවන් සඳහා වැඩි කැමැත්තක් දක්වනවා. ඒක අපිට කවුරුත් දන්නා රහසක්. ගොඩක් දෙනෙක් තමන් කළු හන්දා එහෙම නැත්නම් මහතා නිසා එයලාට ෆැෂන් කරන්න බෑ කියලා මතයක් හදාගෙන ඒ නිසා කනස්සල්ලෙන් ජීවත් වෙනවා. ඒක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද අපේ සිරුර ගැන හරි අවබෝධයක් තියෙනවා නම් තියෙනවා නම් ගැලපෙන හොඳම විලාසිතා අපිට කරන්න පුළුවන්. මේ ලිපියෙන් ඒ ගැන දැනුවත් වෙමු.

සමේ වර්ණය හරිම වැදගත්. සාමාන්‍යයෙන් කෙනෙකුගේ හම worm, cool, natural කියලා වර්ග කරන්න පුළුවන්. තමන්ට අයිති හමේ වර්ණය මොකක්ද කියන එක අඳුන ගන්න පහසුම ක්‍රමය තමයි අතේ මැණික් කටුවේ යට පැත්ත නිරීක්ෂණය කිරීම. එතන හරිම පහසුවෙන් අපේ නහරවල පාට දැකගන්න පුළුවන්. නහර කොළ නිල් දම් පැහැයෙන් තියෙනවා නම් ඔබට තියෙන්නෙ cool ස්කින් එකක්. නහර වල කොළ පාට විතරක් තියෙනවා නම් ඔබට තියෙන්නේ තියෙන්නේ warm ස්කින් එකක් වගේම නහර වල පැහැය හරියටම අදුරගන්න අපහසු නම් ඔබට තියෙන්නේ natural ස්කින් එකක්. ඉතින් මේ ස්කින් ටයිප් එක අනුව අපිට ගැළපෙන විලාසිතාවල වර්ණ තෝරා ගන්න පුළුවන්.

Cool කින් එකක් තියෙන කෙනෙකුටම වඩාත් ගැලපෙන්නේ නිල් පාට දම් පාට වගේම කොළ පාට ඇඳුම්. ඒ වගේම ශේඩඩ් ඇඳුම් හොඳින් ඒ අයට ගැලපෙනවා. warm ස්කින් එකක් ඇති අයට වැඩිපුරම රතු කහ තැඹිලි ඔලිව් ග්‍රීන් වගේ වර්ණ හොඳටම ගැලපෙනවා. natural ස්කින් එකක් තියෙන කෙනෙකුට නම් ඕනෑම වර්ණයකින් ඇඳුම් හරිම හැඩයි.

 

 

 


ඔබ ටිකක් මහත කෙනෙක් නම් දුක් වෙන්න එපා ඔබටත් ලස්සනට ෆැෂන් කරන්න පුළුවන්. ඒ සඳහා ටිකක් තනි පාටින් යුතු වර්ණ තෝරා ගන්න. උදාහරණයක් විදිහට කලුපාට ටයිට් ස්කර්ට් එකකට ප්ලේන් කලර් නිල් පාට ටොප් එකක් නියමෙට මැච් වෙයි. එතකොට ශරීරයේ මහත ගතිය අඩු කරගෙන පෙන්වනවා. ප්‍රින්ටඩ් ඇදුම් නිසා ඇගේ මහත තවත් කැපිලා පේනවා. ඒවගේම තනිපාට දෙකක් මිශ්‍ර කරලා තියෙන ඇඳුම් වලින් ශරීරයෙන් වැඩි හරියක් වැහෙන විදියට විලාසිතා කලාම ටිකක් කෙට්ටුවට පෙනෙනවා. ඒ වගේම තනි වර්ණයෙන් ටිකක් ලොකු කර මාලයක් පැළඳුවාම මහත ටිකක් අඩුවට පේනවා.

ඉතින් දුක්වෙන්න එපා. ඔබේ සයිස් එකට ස්කින් ටයිප් එකට ගැලපෙන වර්ණ වලින් සුදුසු විලාසිතා කරන්න පුරුදු වෙන්න.

 

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1023 Views

Comments

arrow-up