ආතරයිටිස් වලට ආහාර වල ගුණ අගුණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

ආතරයිටිස් වලට ආහාර වල ගුණ අගුණ

ආතරයිටිස් වලට ආහාර වල ගුණ අගුණ

ආතරයිටිස් කියන්නේ බොහොම වේදනාකාරී රෝග තත්ත්වයක්. ආහාර මඟින් මෙම රෝගය සුවකරගන්න බෑ. නමුත් ඇතැම් ආහාර වර්ග ගැනීමෙන් හා ඇතැම් ඒවා නොගැනීමෙන් රෝගීන්ගේ වේදනාව අඩු වැඩි වෙනවා. රෝගීන් සඳහා අහිතකර ආහාර වර්ග කිහිපයක් මෙහි දැක්වෙනවා.

කිරි ආහාර වර්ග

කිරි ආහාර වර්ග වල සන්ධිවල අවට පටකවලට පීඩා ගෙන දෙන ඇතැම් ප්‍රෝටීන් වර්ග අඩංගු වෙනවා. විශේෂ මහළු වියේ පසුවන අය අධික ලෙස කිරි ආහාර ගැනීමෙන් වැළකී සිටීම ඉතාම නුවණට හුරුයි.

MSG වැනි රසකාරක

ආතරයිටිස් රෝගීන් මෙබඳු ආහාර රසකාරක වලින් වැළකී සිටීම වැදගත් වෙනවා. විශේෂයෙන් ආසියානු රටවල ආහාරවලට ලුණු වර්ග සහ සෝයා සෝස් එකේ සුලබව දකින්න ලැබෙන දෙයක්. එසේම මේවා මිනිසුන් වයසට යාම ඉක්මන් කරවන බවද සොයා ගෙන තියෙනවා.

දුම්කොළ

දුම්කොළ භාවිතය කරන්නන් තුළ අන් අයට වඩා ආතරයිටිස් රෝගයට ලක්වීමේ වැඩි අවධානමක් තියෙන බව පරීක්ෂණවලින් සනාථ වෙලා තියෙනවා. සන්ධි අස්ථි සහ සම්බන්ධ පටකවල සිදුවන හානි ඉතා විශාලයි.

ඇල්කොහොල්

නිතරම ඇල්කොහොල් ගැනීමෙන් ආතරයිටිස් රෝගය කෙරෙහි ඇතිවන බලපාන රක්තවාතය ඇතිවන බව සොයාගෙන තියෙනවා. රක්තවාතය පවතින විට යූරික් අම්ලය නිසි පරිදි පරිවෘත්තිය ක්‍රියා වලට බඳුන් වීම සිදුවන්නේ නෑ. ඒ සන්ධි වලට වේදනාව ඇතිවීමට බලපාන ප්‍රබල සාධකයක් වෙනවා.

ලුණු

ආතරයිටිස් ඇති විට ලුණු අඩුවෙන් ලබා ගන්න ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙනවා. සෝඩියම් අඩුවෙන් ලබා ගැනීම ආතරයිටිස් පමණක් නොව වෙනත් බොහෝ රෝගී තත්වයන් අවම කිරීමටත් බලපාන බව වෛද්‍යවරුන් පවසනවා. විශේෂයෙන් පැකට් කරන ලද ආහාරවල පමණටත් වඩා ලුණු අඩංගුව තියෙන බව මතක තබා ගන්න.

සංතෘප්ත මේද

සංතෘප්ත මේදය බහුල ලෙස අඩංගු ආහාර ගැනීමෙන් ආතරයිටිස් වලින් ඇති වෙන වේදනාව අවම වන බව අනාවරණය වෙලා තියෙනවා. කිරි ආහාර රතු මාංශ වර්ග බදින ලද කලින් සකස් කළ මස් වර්ග වල සංතෘප්ත මේදය ඉතා බහුලයි.

අධික උෂ්ණත්වයේ පිසින ලද ආහාර

ග්‍රිල් කරන ලද ආහාර වලින් ආතරයිටිස් රෝගීන්ට දැඩි වේදනාවක් ගෙනදෙන සයිටොකින්ස් නිපදවෙනවා.

 

 

 



ආතරයිටිස් රෝගීන් සදහා මේ ආහාර සුදුසුයි.

ඔමේගා ත්‍රී

මැකරල් සාඩින් ට්‍රවුට් ආදී මසුන් වර්ග ආතරයිටිස් රෝග සඳහා ඇතිවෙන වේදනාව සමනය වීම කෙරෙහි උපකාරී වෙනවා.

සුදුලූනු

සුදුලූනු ආතරයිටිස් රෝගී ලක්ෂණ දුරු කරන රැකියාවෙනුත් වන බව සොයාගෙන තියෙනවා. එසේම සිරුරේ ප්‍රතිශක්තීකරණ සෛල වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමේ හැකියාවක්ද සුදුලූනු වලට තියෙනවා.

ඉඟුරු

තේ වලට සුප් වලට විවිධ කැවිලි වර්ග වලට අපූර්ව රසයක් එක් කිරීමට සමත් ඉඟුරු වලට ආතරයිටිස් රෝග ලක්ෂණ අවම කිරීමේ හැකියාව තියෙන බව වෛද්‍යවරුන් පවසනවා. ඒනිසා අමුවෙන් හෝ වියලා හෝ කුඩු කරගෙන හෝ ඉඟුරු ආහාර වලට එකතු කරගන්න කියලා බොහෝ වෛද්‍යවරුන් පවසනවා.

නිවිති

නිවිතිවල අඩංගු ඇතැම් සංයෝග ආතරයිටිස් හේතුවෙන් ඇතිවන වේදනාව සමනය කිරීමට සමත් වෙනවා. ඒ නිවිති වල බහුල ලෙස ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙන නිසා. එය ආතරයිටිස් රෝගය සමනය කිරීමේ හැකියාවෙන් යුක්තයි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

2699 Views

Comments

arrow-up