වද දෙන ඉඩම් නඩු

සමාජයේ වචන බොහෝ දෙනා පීඩා විඳින නඩුවක් තමයි ඉඩම් නඩු කියන්නේ. මොකද ඉඩමට එක එක්කෙනාගේ අයිතිවාසිකම් කියන්න පටන් ගන්න නිසා. මේ පිළිබඳ දැනුවත් භාවයක් සියලු දෙනාටම තියෙන්න ඕන. එසේ දැනුවත් කිරීම අවශ්‍ය වන්නේ ඒ බව නොදැන ඉඩම් මිලදී ගැනීමට හෝ උකස් කිරීමට හෝ සමහර විට බදු ගැනීමට පවා පෙළඹීමෙන් ඔවුන්ට අවාසි සහගත තත්ත්ව උද්ගත වෙන්න පුළුවන් නිසා. මෙම දැනුවත් කිරීම කරනු ලබන්නේ එම ඉඩමට අදාල පත්තිරුවේ දැන්වීමක් ලියාපදිංචි කිරීමෙන් වන අතර එම දැන්වීම ලිස්පෙන්ඩනය කියලා හඳුනනවා. ඒ අනුව යම් ඉඩමක හෝ නිශ්චල දේපලකට අදාල පත්තිරු පරීක්ෂාවෙන් එකී දේපල වලට නඩුවක් විභාග වෙමින් පවත්නා බවට හෝ නඩුවක් ඇසීමට ඇති බව දැන ගන්න පුළුවන්.
විශේෂ දේපළකට සම්බන්ධ පහත සඳහන් අවස්ථාවන්වලදී ලිස්පෙන්ඩරය ලියාපදිංචි කිරීම අවශ්‍ය වෙනවා.
*බෙදුම් නඩු පනත අනුව ඉඩමක් බෙදා වෙන් කිරීම සඳහා පවරන නඩුවකදී
*පනත යටතේ පවතින නිශ්චල දේපල පිළිබඳ අදාළ වූ නඩුවකදී තේසවලාමේ පූර්ව මිලදී ගැනීමකදී ක්‍රියාත්මක කිරීම සඳහා
* අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු අවලංගු කරවා ගැනීම සඳහා පවරා ගැනීමේ නඩුවකදී
පැමිණිල්ලක් මගින් උකස් නඩු අධිකරණයේ ගොනු කරනු ලබන අවස්ථාවේදී එකී පැමිණිල්ල සමග එම ඉඩමට අදාල ඇසීමට තිබෙන නඩුවක් තිබෙන බවට ලිස්පෙන්ඩනය දැන්වීමක් ඉඩමට අදාල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය අදාල පත්තිරු ලියාපදිංචි කිරීම අවශ්‍ය වෙනවා. උකස් පනතේ ප්‍රතිපාදන අනුව විත්තිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලබන්නේ එකී නඩුවට අදාල උකස් ඔප්පුවේ ලියාපදිංචි පත්තිරුව ඊට අදාළ පත්තිරු වල හෝ එම ඉඩමට සම්බන්ධ ඇසීමට තිබෙන නඩුව පවතින බවට ලිස්පෙන්ඩනය ලියාපදිංචි වී ඇති බවට තහවුරු කරගැනීමෙන් පසුවයි.
මෙසේ තහවුරු කර ගැනීම සඳහා ලියාපදිංචි කිරීමේ ආඣ්‍යා පනත යටතේ නිසි පරිදි ඇති බව නීතිඥවරයා විසින් තමන් අත්සන් කළ ප්‍රකාශයක් ලබදිය යුතු බව උකස් පනතේ 8 වන වගන්තියේ දක්වා තියනවා. ඉඩමට අදාල පරික්ෂා කර ගැනීමෙන් එකී ඉඩමට අදාල පත්තිරුවේ එම ලිස්පෙන්ඩනය ලියාපදිංචි කිරීමෙන් එමගින් එකී දේපලට අදාල කොස් සම්බන්ධව උකස්කර නඩු කටයුත්තක් පවතින බව පැහැදිලි කරගන්න හැකියාව ලැබෙනවා.
මෙලෙස ඉඩම් නඩු සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතියේ දළ අවබෝධයක් සියලුම ජනතාව සතු වීම ප්‍රායෝගිකව ඉතා වටිනා බව පැහැදිලි වෙනවා ඇති.
by Dilki Shamani
Photo Source: Internet
1513 Views
Comments