පෝෂණ ගුණයෙන් සපිරි මුහුදු මාළු, වැව් මාළු සහ කරවල
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

පෝෂණ ගුණයෙන් සපිරි මුහුදු මාළු, වැව් මාළු සහ කරවල

පෝෂණ ගුණයෙන් සපිරි මුහුදු මාළු, වැව් මාළු සහ කරවල

මාළු වලද මස් වල ප්‍රමාණයට හොඳ ප්‍රෝටීන තිබේ. මස් වලට වඩා මිලෙන් ද අඩුයි. ඉලාස්ටින් නොමැති නිසා මස් තරම් මාළු දැඩි නොවේ. එබැවින් මස් වලට වඩා පහසුවෙන් මාළු ජීර්ණය වේ. මාංසය සුදුපැහැ මසුන්ගෙ තෙල් වැඩිපුර ඇත්තේ ක්මාවේ බැවින් සුදු මසෙහි අඩංගු තෙල් ප්‍රමාණය සියයට එකක් තරම් වෙයි. එබැවින් ස්ථුලභාවයෙන් පෙළෙන අයට සුදු මස් සහිත මසුන් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. තෙල් සහිත මසුන්ගෙ මස් තද පැහැයක් ගනියි. මසුන්ගෙ තෙල් වල අසංතෘප්ත මේද අම්ල බහුලව දක්නට ලැබෙන අතර එබැවින් සතියකට කිහිප වරක් මාළු අනුභව කිරීම මගින් හෘද රෝග ඇතිවීමේ අවධානම අවම කරගැනීමට පුළුවනි.

මුහුදු මාලු සහ වැව් මාළු වල සංයුතියේ වැඩි වෙනසක් නොමැති තරම්ය. ඇත්තවශයෙන්ම මුහුදු මාළු වල ඇති තෙල් වලටත් වඩා වැඩි ප්‍රමාණයක් හොඳ මේදය එනම් ඔමෙගා 3 සහ ඔමෙගා 6 මේද අම්ල වැව් මාළු වල අඩංගු වෙයි. කරවල මාළු වියළා තනාගන්නා තවත් වටිනා ආහාරයකි. ජන ප්‍රතිශතය අඩු බැවින් ප්‍රෝටීන් සහ තෙල් ප්‍රතිශතය අධිකයි. එබැවින් මාළු වලට වඩා ශක්තියෙන් සහ ගුණයෙන් වැඩියි. එහෙත් වියළීමේදී විටමින් බී ප්‍රමාණය අඩුවන බව ඔබ දන්නවාද. කැල්සියම් ද අඩංගු වන බැවින් වියලි හාල්මැස්සන් සහ සූඩයන් කාරල්ලන් වැනි කුඩා මාළු පෝෂණ ගුණයෙන් ඉතා ඉහල වන අතර මිල අතින් ද තරමක් අඩුයි. ඉස්සන් පොකිරිස්සන් කකුළුවන් සහ දැල්ලන් අයත් වන්නේ කවච මාළු ගණයටයි. කවච මසුන්ගේ අඩංගු මේදය ප්‍රමාණය අඩු වුවත් එහි කොලෙස්ටරෝල් වැඩිපුර තිබේ. කවච මාලු වල ති තවත් විශේෂත්වයක් නම් ඒවායේ ඇති ප්‍රෝටීන් මගින් අප ශරීරය තුළ අසාත්මිකතාවන් ඇති කිරීමයි. මෙම කණ්ඩායමට අයත් දැල්ලන් තුල මේදය නොමැත. වැඩිපුර ඇත්තේ ප්‍රෝටීන් වන අතර එහෙත් ඒවා නිසාද ආසාත්මිකතාවන් හට ගන්නට පුළුවනි.

 

 

 


වර්තමානයේ දී බොහෝ පුද්ගලයන්ට විවිධ පෝෂණ ඌණතා ඇති වීමට ප්‍රධාන හේතුවක් බවට පත් වී ඇත්තේ නිර්මාංශ ආහාරවලට පමණක් හූරුවීමයි. එළවළු සහ පලතුරු වලින්ම පමණක් මිනිස් සිරුරට අවශ්‍ය පෝෂණ පදාර්ථ ලබා ගැනීම පහසු කාරණයක් නොවේ. එමනිසාවෙන් දිනකට දෙවරක් හෝ ආහාර වේලට මෙවැනි මාළු වර්ගයක් හෝ කරවල වර්ගයක් එකතු කරගැනීම වඩාත් ගුණදායකයි. ගෘහනියක් වශයෙන් මෙහි වගකීම පැවරී ඇත්තේ ඔබටයි. විවිධ රසයට මෙවැනි දෑ පිළියෙල කර කෑම මේසයට එක් කිරීම තුළින් ඔබගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය කරන නිවැරදි පෝෂණය ලබාදීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

2106 Views

Comments

arrow-up