ලුණු මීටරේ සිරුරෙන් පෙන්නන හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
04

ලුණු මීටරේ සිරුරෙන් පෙන්නන හැටි

ලුණු මීටරේ සිරුරෙන් පෙන්නන හැටි

වෛද්‍ය උපදෙස් වලට අනුව අපි දවසකට ලුණු භාවිත කළ යුත්තේ ග්‍රෑම් 5කටත් අඩු ප්‍රමාණයකුයි. ලුණු වැඩිදුර ශරීරගත වීමෙන් ඔබේ සිරුර ලෙඩවිය හැකි අයුරු මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා. මේ සූදානම් වන්නේ සිරුරේ ලුණු මීටරේ පැන්නොත් ඒ බව එළිකරන අයුරු ඔබට කියන්න.


සිරුරේ ඇති වන අසාමාන්‍ය ඉදිමීම්


ඔබේ සිරුරේ ලුණු ප්‍රතිශතය ඉහළ යාම නිසා එක වරම ඇඟිලි, ඔබේ දෑස්, දෙපා ආදිය අසාමාන්‍ය ලෙස ඉදිමිය හැකියි.


නිතර දැනෙන පිපාසය


සිරැරේ ඇති ජලය ප්‍රමාණය පහළ බැසීමට සිරුරේ අඩංගු ඉහළ ලුණු ප්‍රමාණය හේතුවේ. ඒ නිසා ඔබ ලුණු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි වන තරමට සිරුරේ ජලය වැඩියෙන් වැයවේ. ඊට ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකළොත් ඔබේ සිරැරේ ඉන්ද්‍රියයන්වල ක්‍රියාකාරිත්වය අඩු විය හැක.


මුත්‍රාවල ඇතිවන අසාමාන්‍යතා


ඔබ වැඩියෙන් ලුණු ආහාරයට ගන්නා විට වකුගඩු වැඩියෙන් වෙහෙස වී, ඒවා සිරුරෙන් පිට කිරීමට ක්‍රියා කරනවා. එවිට ඔබේ වකුගඩු රෝගී විය හැක. මේ නිසා මුත්‍රාවල වර්ණය ඉතා පැහැදිලි වීමත්, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීමත් සිදුවේ. එසේම සිරැරේ ලුණු වැඩි වීම නිසා සිරුර විජලනයට පත්වීමෙන් මුත්‍රා තද කහ පැහැයක් ගෙන පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවිය හැක.


ඇටකටුවල ඇතිවන වේදනා


ඇටකටුවල ශක්තිමත් බව අඩුවීමට වැඩිපුර ලුණු භාවිතය හේතුවේ. ලුණු වැඩි වීම නිසා කැල්සියම් අඩුවී නිදන්ගත කැල්සියම් ඌනතාවය, ඇටකටු දුර්වල වීම, දත්වල ගැටලු ඇති විය හැකි අතර ඔස්ටියෝපොරෝසිස් ඇතිවිය හැක.

 


නිතර කෙණ්ඩා පෙරළීම


යහපත් සෞඛ්‍යය සඳහා සිරැරේ නිවැරදි සෝඩියම් - පොටෑසියම් ලවණ සමතුලිතතාවයක් පවත්වා ගැනීම වැදගත්වේ. එසේම මෙම රසායනික මූලද්‍රව්‍ය මාංශ පේශි හැකිලීමට හේතුවේ. නමුත් ලුණු සහිත ආහාර නිතර ලබා ගැනීමෙන් ඔබේ මාංශ පේශි වේදනාවට පත්වී, පෙරලීම සිදු විය හැකියි.


දීර්ඝකාලීන හිසරදය


රැධිරයේ ඝනත්වය වැඩිවීමට අධික ලුණු පරිභෝජනය හේතුවී එය ඔබගේ රැධිර නාල පළල් කරමින් ඊට පීඩනයක් එකතු කරයි. රුධිර නාලවල ඇති මෙම තත්වය නිසා අධි රුධිර පීඩනය ඇතිවී එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි හිසරදයක් ඇතිවේ.
ඔබටත් මෙවැනි ලක්ෂණ නිතර ඇතිවේ නම් ඒ ඔබේ ආහාර වල වැඩිපුර ලුණු අඩංගුවීම නිසා විය හැක. මේ නිසා සැමවිටම ප්‍රමාණවත් පරිදි ඔබේ ආහාර වලට ලුණු එකතු කරගන්න සැලකිලිමත් වන්න. එය ඔබේ නීරෝගී දිවියට මඟකියාවි.

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

639 Views

Comments

arrow-up