නිවසේ අකුණු අනතුරු වලකමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

නිවසේ අකුණු අනතුරු වලකමු

නිවසේ අකුණු අනතුරු වලකමු

ලංකාව වැඩි අකුණු අනතුරු සංඛ්‍යාවකට මුහුණ දෙන්නේ නිවර්තන කලාපයේ රටක් නිසයි. සන්නිවේදන කුළුණු ආදිය පිහිටීම නිසා කුණු වලට ගොදුරු ගොදුරු වීමේ අවදානම ටිකක් වැඩි වී තියෙනවා. ස්භාවික අනතුරු ගනයට වැටෙන අකුණු නිසා වාර්ෂිකව පිරිත සහ දේපල රැසක් විනාශ වෙනවා. මේ නිසා ඔබේ නිවසේත් අකුණු අනතුරින් වළක්වා ගන්න පහත දෑ පිළිබඳ අවධානය යොමු කරන්න.

ක්‍රිසෝටයිල් සිවිල් තහඩු යෙදීම

නිවසට අනාරක්ෂිත සෙවිලි තහඩු භාවිතය අකුණු සැර වැදීමට ප්‍රධානතම කාරණයක් වෙනවා. අසල ඇති ගසකට ගොඩනැගිල්ලකට අකුණක් වදින විට අනාරක්ෂිත ලෝහ වහලයක යට පැත්තේ විශාල ඍණ ආරෝපණයක් ඇතිවෙනවා. එමගින් නිවසට අකුණු සැර පහසුවෙන්ම ඇතුළුවෙනවා. නමුත් ඔබ නිවසට ක්‍රිසෝටයිල් සිමෙන්ති සෙවිලි තහඩු භාවිතා කර තිබෙනවා නම් ඒ හරහා අකුණු අනතුරු ඔබට සිදුවන්නේ නැහැ.

 

 

 


හොඳින් භූගත කරන ලද විදුලි පද්ධතිය

අකුණු අනතුරු වළක්වා ගැනීමට පහසුම ක්‍රමය වන්නේ භූගත විදුලි පද්ධති මගින් විදුලි අනතුරු සහ අකුණු අනතුරු වලට ආරක්ෂාව සලසා ගැනීමයි. නිවසට විදුලි බලය සපයා දෙන මුල් අවස්ථාවේදීම ෆියුස් බෝඩ් එකට මේ වයරය සම්බන්ධ කොට අනිත් කොටස පොළොව යටට යවා භූගත දණ්ඩකට සවිකර කරනවා. ඊට යොදාගන්නේ යකඩ බම්බුවක් මෙමගින් විදුලි අනතුරු සහ අකුණු අනතුරු අවම කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

පේනුවලින් සම්පූර්ණයෙන් විසන්ධි කිරීම

සමහර අවස්ථාවන්වලදී විදුලි උපකරණ නිවා දමා තිබුනත් අකුණු අවදානමෙන් මිදීම ඉතාම අපහසුයි. ඒවා පේනු ගත කිරීමෙන් ඒ හරහා විදුලි සැර පැමිණිය හැකියි. මේ අනුව මෙම අවදානමෙන් මිදීම සඳහා සවිකර ඇති සියළුම විදුලි උපකරණ පේණු වලින්ම ගලවා ඉවත් කළ යුතු වෙනවා. වැඩිම අවදානම තියෙන්නේ ස්ථාවර දුරකතන වලට. අකුණු වැදුණු විට ඒ රැහැන් හරහා භාවිතා කරන්නා වෙත පැමිණෙනවා. ඒ වගේම ජංගම දුරකථන අකුණු ගසන අවස්ථාවන්වලදී චාජ් කිරීමෙන් වැළකී සිටිය යුතු වෙනවා.

ලෝහ උපකරණ අවදානම්

අකුණු ගසන අවස්ථාවන් වලදී ලෝහ ආශ්‍රය කරගෙන යම් යම් කටයුතු වල නියැලීම ඉතාම අනතුරුදායක වෙනවා. ඒ වගේ අවස්ථාවන් වලදී මැහුම් ගෙතුම් කිරීම යකඩ පුටුවල වාඩිවී සිටීම උදලු පිහි වැනි උපකරණ භාවිතය ඉතාම අනතුරු දායක වෙනවා. මේ නිසා මෙවැනි ක්‍රම අනුගමනය කරමින් ඔබේ නිවසට අකුණු වලින් ආරක්ෂා වීමට මේ කාලයේ වැඩි අවධානයක් යොමු කරන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1409 Views

Comments

arrow-up