යුවතියකට ඔබින සල්වාර් මෝස්තරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

යුවතියකට ඔබින සල්වාර් මෝස්තරයක්

යුවතියකට ඔබින සල්වාර් මෝස්තරයක්

ඇඳුමක් තෝරා ගනිද්දී අප මුලින්ම සිතා බැලිය යුතු කරුණු කාරණා බොහොමයක් තිබේ. ඒ අතරින් වඩාත් වැදගත් වන කරුණු කිහිපයක්ම තිබේ. තමන්ගේ ශරීරයට ගැලපෙන ඇඳුම තෝරාගැනීමත් තැනට ගැලපෙන ඇඳුම තෝරා ගැනීමත් ඉතාමත් වැදගත්. එමෙන්ම තමාගේ වයසට ගැලපෙන ඇඳුම තෝරා ගැනීමත් ඉතාමත් වැදගත්. සල්වාර් ඇඳුම මේ සියල්ලටම ගැලපේ. අගනා සල්වාර් ඇඳුමක් නිවසේදීම මසාගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම. බලන්න එය කෙතරම් අපූරු ඇඳුම් නිර්මාණයක් ද කියලා.

මෙය key hole මෝස්තරය යෙදූ සල්වාර් ඇඳුමකි. මෙම මෝස්තරය සදහා ඒ ලයින් ගවුම ඇඳ ගන්න. ඉදිරිපස කර අඟල් බාගයකින් ගැඹුරු කරන්න. එතැන් සිට කුඩා key hole හැඩය ඇඳගන්න. අලුත් කර සිට අඟල් දෙක හමාරක් හෝ තුනක් වැනි ප්‍රමාණයක් පහත් කරන්න. එහි මැද සිට අඟල් එකක් ඇතුලට ලකුණු කර key hole හැඩය අඳින්න. අත් වටයෙහි මැද සිට පහළට ප්‍රින්සස් ලයින් හැඩයක් අඳින්න. රේඛාවකින් කපා පළමුව කොටස් දෙක වෙන් කරන්න. ඉනේ සිට අඟල් දහයක් පහළට ලක්ෂයක් ලකුණු කරගන්න. ඉදිරිපස පළවෙනි කොටස කොලයක අලවන්න. අඟල් හයක් හෝ අටක් තබා දෙවෙනි කොටස අලවන්න.

 

 

 


ඉන්පසු මැහුම් වාසි නිසි ආකාරයට තබාගන්න. පහල වාටියෙහි සිට ඉහලට දෙපැත්තෙන් මසාගෙන ඉහළ කොටස මූට්ටු කරගන්න. පිටුපස සඳහා ඒලයින් ගවුමෙහි පිටුපස මැහුම් වාසි තබා කපා ගන්න. කර සහිත key hole හැඩයට පේසිමක් තබා නිවැරදිව මසා ගත යුතුයි. වැළමිටෙන් පහතට සාමාන්‍ය ගවුම් අත යොදා ගවුම මසා ගත යුතුයි. ඉහළ අත් වටේට රැලි නොමැතිව අත් වට සමාන කර මසාගන්න.

මෙවැනි නිවසේදීම පිළියෙල කරගත් සල්වාර් ඇඳුමක් ඔබගේ කාර්යාලයේ සුවිශේෂී අවස්ථාවකට මෙන්ම උත්සව අවස්ථාවකට වුවද වඩාත් හොඳින් ගැලපේ. නිවසේදී සියලුම රාජකාරි අවසන් කළ පසු නිකරුණේ කාලය වැය කරනවාට වඩා ගෘහණියන් වශයෙන් ඔබට මෙවැනි ඇඳුම් නිර්මාණ මසා ගත හොත් ඒවා අලෙවි කර ආර්ථික වශයෙන් ලාභ ඉපයීමට ද හැකියාවක් පවතී. නිවසේ සියලුම ආර්ථික බර සැමියා මතටම පටවනවාට වඩා ඔබගේ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි දේ සිදු කිරීමට හැකි නම් ඔබත් දක්ෂ මෙන්ම ආදරණීය බිරිඳක් බවට පත්වනු ඇත. එමෙන්ම ඒ හරහා ඔබ තුළ සැඟවී ඇති හැකියාවන් ද ඔප නංවා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. ලස්සනට ඉන්න කැපී පෙනෙන්න කැමති යුවතියන්ට මෙම සර්වාර් ඇඳුම වඩාත් හොඳින්ම ගැළපේවි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1632 Views

Comments

arrow-up