රුව රැකගැනීමට සිහින දකින කාන්තා ඔබට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

රුව රැකගැනීමට සිහින දකින කාන්තා ඔබට

රුව රැකගැනීමට සිහින දකින කාන්තා ඔබට

අප ආහාරයට එළවලු සහ පලතුරු එක් කර ගන්නේ ගතානුගතිකව පැවත එන පුරුද්දක් ලෙසයි. නමුත් ඇත්තෙන්ම මේවායේ පෝෂණමය සහ ඖෂධීය වටිනාකම ගත්විට රුව රැකීම සම්බන්ධයෙන් ඉතා වැදගත්කමක් උසුලන බව ඔබ දන්නවාද. ලස්සනට ඉන්න අපේ කාන්තාවන් කවදත් කැමතියි. ඔබ එදිනෙදා ආහාරයට ගන්නා එළවළු සහ පළතුරුවල එම ගුණ නොඅඩුව අඩංගු වේ.

එළවළු සහ පලතුරුවල විටමින් ඒ අඩංගු වන අතර විශේෂයෙන් කහපැහැති සහ කොළ පලා වර්ග වල ඒවා බහුලව අඩංගුයි. විටමින් ඒ ශරීරයේ සම හා ශ්ලේෂ්මල පටක නීරෝගීව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරි වේ. එබැවින් සමෙහි නිරෝගීභාවය හෙවත් සම පැහැපත්වීම සිදුවේ. එසේම තෙල් සහ ස්වේද ග්‍රන්ථි නියමිතව වර්ධනය හා ක්‍රියාකාරී වීම හා විසබීජවලින් ආරක්ෂා කිරීම ද සිදුවේ. තවද විටමින් c අඩංගු නිසා සමේ කේශනාලිකා හොඳින් වර්ධනය වී සම තෙත්ව සහ ලස්සනට තබා ගැනීම සිදුකරයි. විටමින් a සහ c විසබීජවලින් ආරක්ෂා කරදීමට සටන් කිරීම ද, විෂ නැසීම ද කරනු ඇත. තවද විටමින් ඩී මගින් සමෙහි ස්වේද ග්‍රන්ථි සහ තෙල් ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම නිසා සම තෙත් සහිතව සහ පැහැපත්ව කොරළ ඇති නොකර ලස්සනට තබා ගැනීමට උපකාරී වේ. තවද විටමින් c මගින් සමට තුවාලයක් වූ විට එය වහා සුව කිරීම හා සමේ කොලැජන් පටක වර්ධනය කිරීමද සිදු කරයි.

විටමින් ඒ සහ ඩී තිබෙන එළවළු පලතුරුවල ඇති කැල්සියම් මගින් ඔස්ටියෝ ආතරයිටීස් සහ ඔස්ටියෝපොරෝසියාව වළක්වා ශරීරයේ අස්ථි පද්ධතියේ ආකූල භාවය පාලනය කර ශරීරයේ විකෘතිතා ඇති නොකරයි. එසේම හන්දිපත් ප්‍රදාහය සැදීම ද වලක්වයි. තවද ශරීරයේ මේද ප්‍රමාණය සමේ තෙල් ස්වභාවය සහ තෙත ගතිය වර්ධනය කරයි. ලිංගික හෝමෝන ද මෙයට බලපායි. මෙම නිසා පසු ආර්තව කාලයේදී ඇතිවන සම වියලීම, දහඩිය ගතිය පාලනය කරන ඔස්ටියෝපොරෝසියාව නැති කරන ෆයිටොඊස්ට්‍රජන් ශාක හෝමෝන මගින් පසු ආර්තව අවධියේ දී සමේ නිරෝගීකම පාලනය කරයි. තවද එළවළු සහ පලතුරු වල අඩංගු කෙඳි ස්වභාවය නිසාම තරබාරුකම වළක්වා මළබද්ධය දුරුකර ස්ථූලතාවය පාලනය කරයි. පිළිකා වලින් සම ආරක්ෂා කර රුව රැක දෙයි. එසේම හිරු එළියේ ඇති UV විකිරණ වලින් සම ආරක්ෂා කර විටමින් D නිපදවීම කරන අතර, විටමින් සී පසු ආර්තව අවධියේ දී ඔස්ටියෝපොරෝසියාව නැතිකර ශරීරයේ අස්ථි ආකූල බව රැක දී රුව රැක දේ.

 

 

 


දිගු කෙස් කළඹක් සඳහා ද විටමින් ඒ සහ සී, protein ඉතාමත් වැදගත්. එසේම විටමින් D කැල්සියම් සහ සල්ෆර් ද මීට උපකාරී වේ. මෙම සියලුම ශුද්‍ර පෝෂක එළවළු සහ පලතුරු වලින් සපයයි. අද වන විට වෙළඳපලේ ඉතා විශාල නිපැයුම් රැසක් සම සහ රුව රැක දීමට නිපදවා දී තිබේ. මේවා අතර එළවළු සහ පලතුරුවල තිබෙන විටමින් අඩංගු නිෂ්පාදන ඉතා විශාලයි. තවද මෙම එළවළු පලතුරුවල අඩංගු ශුද්‍ර පෝෂක සහ මහා පෝෂක වල ක්‍රියාකාරිත්වය නිසා එය බාහිරව සමට අවශෝෂණය වී ඉහත කී ආකාරයට රුව රැක දේ. ශාකසාර අඩංගු නිෂ්පාදන බහුල ව තිබුණත් ඒවා සෑම විටම වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතා කළ හැකිද යන්න ගැටලුවකි. වෛද්‍ය උපදේශයකින් තොරව භාවිතා කිරීම තුළින් ශරීරයට විෂ වීමක් සිදුවිය හැකියි. හැකි පමණ ස්වභාවික එළවළු සහ පලතුරු වලට හුරු වීම සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා මෙන්ම සුන්දර රුවක් සඳහා ද ප්‍රයෝජනවත් වනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

808 Views

Comments

arrow-up