ප්‍රථමාධාර - 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

ප්‍රථමාධාර - 01

ප්‍රථමාධාර - 01

බොහෝමයක් මාධ්‍ය ජාලා ඔස්සේ අපට දිනපතාම වාගේ අසන්නට ලැබෙන දෙයක් තමයි මේ අනතුරු කියල කියන්නේ. ඒ වගේම විවිධ අවස්ථාවන් වලදී වෛද්‍යවරුන් විසින් පුද්ගලයන්ට විය හැකි හදිසි රෝගාබාධ පිළිබඳවත් විටින් විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා.

අනතුරු හෝ රෝගාබාධ කියලා කියන්නේ ඕනෑම අවස්ථාවකදී , ඕනෑම ස්ථානයක , ඕනෑම ආකාරයකින් සිදු විය හැකි දෙයක්. එවැනි අවස්ථාවකදී අනතුරෙහි ස්වභාවය අනුව අනතුරට මුහුණ පෑ පුද්ගලයා එහෙමත් නැත්නම් රෝගියාගේ තත්වය වෙනස් වෙන්නට පුළුවන්.

එවැනි අවස්ථාවකදී එම ස්ථානයේ ඔබ සිටියහොත් ඔබ කරන්නේ කුමක්ද ? පැත්තකට වනවාද ? එසේත් නැත්නම් උපකාරය සදහා යනවාද?

උපකාර සදහා යනවා නම් ප්‍රථමාධාර සම්බන්ධව ඔබට ඉතා හොඳ දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. එමෙන්ම ඉතා වැදගත් වනවා මන්ද , ඔබ හට රෝගියෙකුට හෝ තුවාලකරුවෙකුට ප්‍රථමාධාර දීමේ නිවැරදි අවබෝධය නොමැතිනම් ඔහුගේ හෝ ඇයගේ තත්වය ඔබ නිසා තවත් දරුණු වීමට ඇති ඉඩකඩ වැඩි වේ.

එනිසා ඔබ ඒ ගැනත් සැලකිල්ලක් දක්වන ලෙස මතක් කරමින් අපි කොයි කාටත් එදිනෙදා ජීවිතයේදී වැදගත් වන මේ ප්‍රථමාධාර පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු.

යම් අනතුරකදී එසේත් නැත්නම් රෝගාබාධයකදී තුවාලකරු හෝ රෝගියා රෝහලක් වෙත රැගෙන යාමට පෙර, ප්‍රථමාධාර ක්‍රමවේදයන් හා නීතීන්ට අනුව පරිසරයේ ඇති සුදුසු දෙයක් යොදා ගනිමින් දෙනු ලබන සහය හෝ ආධාරය අප " ප්‍රථමාධාරය" ලෙස හදුන්වනවා.

මෙසේ අපි රෝගියෙකුට හෝ තුවාලකරුවෙකුට ප්‍රථමාධාර දෙනු ලබන්නේ ඔහු හෝ ඇයව රෝහලට ගෙන යන තෙක් ජීවත් කරවීමටත්, වේදනාව හෝ අපහසුතාවයන් අවම කිරීමත්, රෝගී තත්වයක් නම් එය උත්සන්න වීම වැළැක්වීමටත් යන කරුණු කාරණා නිසාවෙනි.

 


- ප්‍රථමාධාර ලබා දෙන පුද්ගලයා කුමන ආකාරයක කෙනෙකු විය යුතුද ?

මූලිකවම අපි පැහැදිලි කළ ආකාරයට ඔහු හෝ ඇය මේ ප්‍රථමාධාර පිළිබඳව දැනුමක් හා හොඳ අවබෝධයක් යුතුව එසේත් නැත්නම් හොඳ පුහුණුවක් ලබා තිබීම ඉතාමත්ම වැදගත්.

එමෙන්ම තැනට සුදුසු නුවණ හෙවත් ස්ථානෝචිත ප්‍රග්න්‍යාව කලබල නොවී ඉවසීමෙන් කටයුතු කිරීමට ඇති හැකියාව, නිරෝගීකම මෙන්ම පිරිසිදු බව, කාරුණික බව, පිළිකුල් නොකිරීම මෙන්ම භේදයක් නොසැලකීම යන ගුණාංගයන්ද ප්‍රථමාධාර ලබා දෙන්නෙකු තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

 


- ප්‍රථමාධාර ලබා දෙන්නෙකුගේ ප්‍රධාන වගකීම් මොනවාද ?

> ආරක්ෂාව
> තක්සේරුව
> රෝග විනිශ්චය
> ප්‍රථමාධාර කිරීම
> පශ්චාත් සංරක්ෂණය හා වාර්තාගත කර ගැනීමයි

 


- ප්‍රථමාධාරයක් ලබා දිය යුතු අවස්ථාවන් මොනවාද ?

> ස්වසනය නැවතීමකදී
> විසඣතවය හෙවත් සිහි නැතිවීමකදී
> අධික රුධිරය වහනය වන අවස්ථාවකදී හෝ
> වසක් විසක් ශරීරගත වීමකදී

 

 

 

 

 

 

 

by Kaushalya de Silva

Photo source : Internet

views

2185 Views

Comments

arrow-up