කෙට්ටු වෙන්න බර අඩු කර ගන්න හෙළ ඔසුව මෙන්න

අද කාලයේ බොහෝ තරුණ තරුණියන්ට තිබෙන ගැටලුවක් තමයි මේ තරබාරු බව ස්ථුල බව.බොහෝ දෙනා මේ ගැටලුවට එක එක විදියේ විසදුම් හොයන්න ගිහින් අමාරුවෙ වැටුන අවස්තා අනන්තයි,එ වගේම තමයි අද තවත් බොහෝ දෙනෙකුට වී තිබෙන්නේ මේ සදහා කිසිම පිළියමක් කිරීමට කාලයක් නැති වීම මොකද වර්තමාන කාර්‍යබහුලත්වයත් සමග මේවට පිළියම් හොයන්න වෙලාවක් නෑ.නමුත් අපි අද විසදුමක් ගෙනාවෙ මේ කරුණු කාරණා සියල්ල ගැන හොදට හිතල බලල ඕනම කෙනෙක්ට ගැලපෙන විදියේ ඕනම කෙනෙක්ට පහසුවෙන් හොයාගන්න පුලුවන් ඕනම කාර්‍යබහුල පුද්ගලයෙක්ට උනත් කරන්න පුලුවන් පාරම්පරික හෙළ වෙදකමට අනුව කිසිම අගුනයක් නොවන පරිදි ඉතාමත් උචිත වන අයුරින්.කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙය දැක්ක ගමන් හෙළ වෙදකමින් නම් මේක කරන්න අමාරුයි මේක වැඩක් නෑ වගේ දේවල්..නමුත් ඉතාමත් වගකීමෙන් කියන්නෙ මේක 100%ක් සාර්ථකයි. ප්‍රථිපල තියනව. අත්දැකීමෙන් කියන්නෙ ඕනම මට්ටමක තරබාරු කෙනෙක් මේකෙන් කෙට්ටු වෙල තියනව.අනිත් කාරණය තමයි මේක පාවිච්චි කරන්න මහත් වෙන්න ඕනම නෑ මන් කලිනුත් කිව්ව වගේ මේක ඕනම කෙනෙක්ට භවිතා කරා කියල අගුනයක් වෙන්නෙ නෑ ගුනයක් වෙන්ව මිසක,මොකද මේක බඩ අඩු කර ගන්න බේතක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්.දැන් මම කියන්නම් මේක කොහොමද හදා ගන්නෙ භාවිතා කරන්නෙ ආදී ඒ විස්තර සියල්ල.
මුලින්ම අපි මේකට සුදු ළූනු බික් තිහක් විතර අරගෙන ඒවායේ පොතු ඉවත් කරල හොදින් පිරිසිදු කරගෙන හොදම තත්තවයේ ඇති විශේෂයෙන්ම සුපිරිසුදු මී පැණි බාගයක් සමග එක් කර භාජනයකට දමා හොදට හුලන් නොවදින පරිදි සීල් කර මාස එක හමාරක් පමණ තිබෙන්න හරින්න.මෙහිදී අපි විශේෂයෙන් සැලකිය යුතුයි යොදා ගන්න මී පැණි හොදම තත්ත්වයේ ඒවා විය යුතුය. තවද මෙම භාජනය නොසෙල්වෙන තැනක තැබිය යුතුය.
දැන් මෙම මාස එක හමාරක් පමණ මී පැණි වල තිබූ සුදු ළූනු බිකක් උදේට හිස් බඩට ගන්නෝන.මේ ආකාරයෙන් දවස් තිහක් පමණ මේ විදියට සුදු ළූනු බිකක් ගානේ කන්න ඕන.මේ විදියට දවස ගානේ කරද්දි ඔබටම ද් ඇනේවි ඔබේ බර දිනෙන් දින ටික අඩු වෙන හැටි.තව දෙයක් කියනවනම් මේකෙන් අපට උවමනා ප්‍රමානයට වඩා කෙට්ටු වෙන එක පහසුවෙන් නවත්ත ගන්න පුලුවන් මොකද මේකෙන් දිනෙන් දින ක්‍රම ක්‍රමයෙන් බර අඩු වන නිසා අපට ඒ පිලිබදව යම් අවබෝදයක් ගන්න පුලුවන්.ඉතින් මේ අයුරින් ඔබට මාසයක් වැනි කෙටි කාලයක් තුලදී සිහින් නිරෝගී සිරුරක් ලබා ගත හැකියි.
by Sahan Sandeepa
Photo Source: Internet
1702 Views
Comments