කොලෙස්ටරෝල් වැඩිවීම හඳුනාගත හැකිද
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

කොලෙස්ටරෝල් වැඩිවීම හඳුනාගත හැකිද

කොලෙස්ටරෝල් වැඩිවීම හඳුනාගත හැකිද

වර්තමානයේ දී බොහෝ පුද්ගලයන් හට කොලෙස්ටරෝල් වැළඳීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. පුද්ගල ශරීරයේ පවතින කොලස්ටරෝල් තත්ත්වය අඩු වැඩිවීමක් නිරන්තරයෙන්ම සිදුවේ. කොලෙස්ටරෝල් වැඩිවීම හඳුනා ගැනීමට වෙනම සාධකයක් නැත. බොහෝ දෙනා මෙය හඳුනාගන්නේ අධි රුධිර පීඩනය මගිනි.

 

කොලෙස්ටරෝල් වැඩි වූ විට රුධිර නාළ අවහිර වී රුධිරය ගමන් කිරීම අපහසු වේ. මේ නිසා රුධිරයේ බෙදාහැරීම සඳහා හදවත් පේශි දැඩි උත්සාහයක් දරමින් රුධිරය ගමන් කරවීම සිදුකරයි. එවිට අධි රුධිර පීඩනය ඇති වේ. කෙනෙකුට අධි රුධිර පීඩනය යැයි හඳුනා ගත් පසු එය අඩු කරලීමට ඖෂධ ලබාදීම වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබයි. එහෙත් රුධිර පීඩනය වැඩි වුණේ කුමන හේතුව නිසා දැයි බලන පිරිස ඉතාමත් අඩුයි. එය ඕස්ට්‍රේලියාව වැනි රටවල අනිවාර්යයෙන්ම සිදු කරන ක්‍රියාවලියකි. ඒ මගින් හදවතේ කොලෙස්ටරෝල් අධික වීම වැනි ගැටලු, නාල අවහිරතා හඳුනාගෙන ඒ සඳහා ද ප්‍රතිකාර කරයි. කොලෙස්ටරෝල් වැඩි වූ විට වැඩි වශයෙන්ම ලබා දෙන ඖෂධයක් වන්නේ නයසින්. මෙම ඖෂධය විටමින් බී වලට අයත් වේ. මෙය nicotinic acid ලෙසටත් වෛද්‍ය විද්‍යාවේ දී හඳුන්වනු ලබයි. මෙම ඖෂධය මගින් කුඩා බඩවැල් වලින් කොලෙස්ටරෝල් උරා ගැනීම වළක්වන අතර මෙසේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය පාලනය කරන ඖෂධ කිහිපයක්ද පවතී. ඒවා ගන්නා බොහෝ දෙනා සිතන්නේ පෙති ගන්නා නිසා කොලෙස්ටරෝල් වලට බිය නොවිය යුතුයි ලෙසටයි.

 

 

එහෙත් බෙහෙත් පෙත්තට රෝගය පාලනය කිරීමට ඉඩ දීම සුදුසු ක්‍රියාවක් නම් නොවේ. මේ සඳහා ඔබගේ දින චර්යාව ගැන සිතීම ඉතාමත් වැදගත්. ඖෂධයක් ලබා ගත්තත් ඔබේ ආහාර, ව්‍යායාම, මේද දහනය කිරීම යනාදිය අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඖෂධ නියම කළ විට ආහාර ව්‍යායාම ගැන නොසිතමින් රෝගය පාලනය වෙනවා කියා නොසිතන්න. මෙහිදී රෝගීන් සදහා වෛද්‍යවරයා නියම කර තිබෙන ඖෂධ ගත යුතුයි. එය වෛද්‍ය උපදෙස් මත පරීක්ෂාකර අඩු වැඩි කිරීම වෛද්‍යවරයා සතු තීරණයක් වන අතර එය ඔබ තීරණය නොකළ යුත්තකි. කොලෙස්ටරෝල් අතීතයේ මුතුන් මිත්තන් අසාවත් තිබුනෙ නැති රෝගී තත්ත්වයකි. ඔවුන්ගේ දින චර්යාව තුළින්ම මෙවැනි රෝගී තත්ත්වයන් නිරන්තරයෙන්ම පාලනය වී ඇත. නිසි ලෙස චර්යා රටාවන් පවත්වා ගනිමින්, නිසි ලෙස ඖෂධ ලබා ගනිමින් ජීවත්වීමට පුද්ගලයන්ට හැකියාවක් පවතී නම් කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන් සමනය කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එය ඔබ වෙනුවෙන් පමණක් නොව ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් ද සිදුකරනු ලබන මහඟු යුතුකමකි.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

 
views

1118 Views

Comments

arrow-up